Information Technology Resources Development Authority

Information Technology Resources Development Authority

Share

ITRDI was established under a special statue of the Western Provincial Council in the year 2000.

Photos from Information Technology Resources Development Authority's post 04/04/2025

ගරු ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත ඩිජිටල්කරණය කිරීමේ මූලෝපාය (Digitalization Strategy of WPC) ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේද පිළිබඳව පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා එක් දින වැඩමුළුව 2025.04.03 දින පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ගරු ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය වසන්ත දේශප්‍රිය මහතා (සභාපති - ITRDA), සමන්ති සේනානායක මෙය (අති. ලේකම් - අධ්‍යාපන අමාත්‍යංශය, වෘත්තීය පුහුණු) සහ දිනුක පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී - LankaPay) යන මහත්ම මහත්මීන් විසින් සිදුකරන ලදී.

මෙම පුහුණු වැඩමුළුව බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ඒකකය ඒකාබද්ධව සංවිධානය කල අතර නිලධාරීන් සියයකට වැඩි පිරිසක් සහභාගි විය.

Photos from Information Technology Resources Development Authority's post 02/01/2025

2025 නව වසරේ පළමු දින 25.01.01 රාජකාරී අරඹමින් නව රජය විසින් හඳුන්වා දුන් ක්ළීන් ශ්‍රී ලංකා "CLEAN Sri Lanka" ව්‍යාපෘතියට සමගාමීව, ජාතික ධජය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීම, මරදාන (සංඝරාජ) තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා අප අධිකාරියේ සභාපති, වසන්ත දේශප්‍රිය මහතා,
මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සහභාගි විය.

31/12/2024

ලැබුවා වූ 2025 නව වසර, ලක්වාසී ඔබ සැමට සියලු සිතුම් පැතුමන් ඉටුවන සෞභාග්‍යමත් අනාගතයක් කරා පියනගන සුභ නව වසරක් වේවා .....!!!

We wish you a happy New Year 2025, Towards prosperous future. May all your dreams come true....!!!

Best Wishes 🙏 From
Team ITRDA

Photos from Information Technology Resources Development Authority's post 19/12/2024

ජාතික විද්‍යා පදනම (National Science Foundation) විසින් සංවිධානය කළ එක් දින පරිගණක වැඩමුළුව " Workshop on Data Collection and Analysis for Social Work" 2024 දෙසැම්බර් මස 18 වන දින තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණ. මේ සඳහා තිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධ වූ අතර දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය පිළිබඳ කුසලතා වර්ධනය Excel, Word and Google Forms යෙදුම් ආශ්‍රිතව සිදුකෙරිණි.

මෙම වැඩ මුළුව සඳහා නිලධාරීන් පනස් දෙනෙකු සම්බන්ධ වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය දිලිපා ඇඳගමගේ මහත්මිය සහ Google Forms භාවිතය පිලිබඳ ආරාධිත දේශනය බ.ප. තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (පුහුණු) වී. කේ. මෙන්ඩිස් මහතා විසින් සිදුකෙරිණි.

Photos from Information Technology Resources Development Authority's post 14/11/2024

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (Sri Lanka Medical Council) කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවන පුහුණු වැඩසටහන ලෙස Advance MS EXCEL පුහුණු වැඩසටහන 2024 ඔක්තෝබර් 08 සහ 10 යන දෙදින අප අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉල්ලීම මත සිදු කරන ලද පුහුණු උපදේශන වැඩසටහනක් ලෙස පැවැත්වූ අතර ඒ සඳහා නිලධාරීන් විසි නම (29) දෙනෙකු සහභාගි විය.

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Sri Sangaraja Mawatha, Colombo 10
Colombo
00010

Opening Hours

Monday 08:00 - 04:30
Tuesday 08:00 - 04:30
Wednesday 08:00 - 04:30
Thursday 08:00 - 04:30
Friday 08:00 - 04:30