ZamZam.Community

ZamZam.Community

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ZamZam.Community, Community Organization, Colombo.

29/04/2024

අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහි

මුස්ලිම්වරු යනු මුළු ලෝකයම අවිද්‍යාවෙන් විද්‍යාව කරා යොමුකළ ජාතියක්. ලෝකය ගෝලාකාරයැයි පැවසූ විද්‍යාඥයින් ගාතනය කරද්දී, තමුන්ගේ ස්වාමියා මියගිය පසු එම දරසෑයටම කාන්තාවද තල්ලු කරද්දී, ගංවතුරට මුහුදු ගොඩගැලීම් වලට කන්‍යාවියන් බිලිපූජා කරද්දී, මුස්ලිම්වරුන් මුළු ලොවම අවිද්‍යාවෙන් විද්‍යාව දෙසට යොමුකලා. වෛද්‍ය විද්‍යාවන්, වීජගනිතයන්, ශුද්ධ ගනිතයන්, ඩිගිටල් විද්‍යාවන්, රසායන විද්‍යාවන්, භෞතික විද්‍යාවන, තාරකා විද්‍යාවන, තර්ක ශාස්ත්‍රයන් වැනි සියලුම විද්‍යාවන් නිර්මාණය වීම සඳහා සහ වර්ධනය කිරීම සඳහා ඉබ්නු සිනාලා, අල් කවාරිස්මිලා, හෛතම් ලා කින්දී වැනි මුස්ලිම් විද්‍යාඥයන් විසින් ලබාදුන් දායකත්වය සුළු පටු නැහැ.

නමුත් කුරුස යුද්ධය හා සමග ඉස්ලාමීය කිලාෆතය බිඳවැටීම සිදු උනා, එලෙසම රටවල් කුඩා කොටස් වලට සැලසුම් සහගතව බෙදාවෙන්කරනු ලැබුවා, මද්යගත එක නායකයෙකු සහ එක දර්ශනයක් වෙනුවට බොහෝ ප්‍රාන්ත නායකයින් සහ දර්ශනයන් බිහි කිරීම සිදු උනා, එක කිලාඵතයක සිටි මුස්ලිම් රටවල් විවිධ බටහිර ගැති රූකඩ ආණ්ඩු බවට පත් උනා, එහි නායකයින් විවිධ බටහිර රටවල ගති ගති පැවතුම් වලට බුද්ධි ගලනය සිදු උනා,

මුස්ලිම් සමාජයේ මග පෙන්වීමට තම ජීවිතයම කැප කරනවා යයි පවසන සමාජයට දැඩි බලපෑමක් කල හැකි ස්ටේජ් එක සහ මයික් එක අතැති මුස්ලිම් මගපෙන්වන්නන්සේ පවසන පිරිසේ චින්තන වෙනසද අති සෝචනීයයි. බොහොමයක් දෙනා මිෂනාරි ගැති ක්‍රමවලට යොමු වෙලා, මහා සාගරයක් වැනි ඉස්ලාම් දැනුමෙන් තමුන් ඉගෙනගත් හදීසයන් පමණක් හරියයි තර්ක කිරීමටත්, තමුන්ගේ උස්තාත් කියාදුන් ඉස්ලාමය හැර වෙනත් කිසිඳු ඉස්ලාමයක් සත්‍ය නොවන බවට දිවි හිමියෙන් තර්ක කිරීමටත් ඔවුන් පෙළඹිලා. තමුන් ඉගෙනගත් ඉස්ලාමය අනුව තමුන්ගේ ජීවන චරිතය වෙනස් නොකර තමුන්ගේ ජීවන චරිතයට ගැලපෙන හදීස් කිහිපයක් පමණක් උකහාගෙන තමුන්ගේ ජීවන රංගනයේදී පෙනෙන නිරුවත වසා ගැනීමට හදීස් ප්ලාස්ටර් අලවාගෙන ඉස්ලාමය දේශනා කිරීම සෑම අතින්ම පෙනෙන දෙයක්. ශශ්‍රීක මහමදිකයින්ගේ හදවතේ සංවේදී ස්ථාන ස්පර්ශ කර පොකට්ටුව සුද්ධ කරන කලාව දැඩිලෙස ප්‍රගුණ කර අනෙකා මත යැපෙන ඉස්ලාමයක් ප්‍රවර්ධන කිරීමට ඔවුන් ගනු ලබන වැයමෙන් නිර්මාණය වන රොබෝ මගපෙන්වන්නන් විද්‍යාව පිළිබඳව අඹ මල් රේණුවක දැනුමක්වත් නොමැතිවීම කණගාටුවකට කරුණක්.. ස්ටේජ් එකයි මයික් එකයි තමුන්ගේ අතේ තිබෙන නිසා දත්මිටි කාගෙන ගිරිය පුප්පගෙන ජෝස් බයාන් සිදුකරමින් සමාජයේ යමෙක් අවමන් කිරීමටත්, අපහාස, අවලාද කිරීමටත් තෝරාගනු ලැබූ හදීස් යොදා ගැනීම නිතැතින් දකින දසුන් වේ. එදා අවිද්යාවෙන විද්‍යාව කරා ගෙනගිය දර්ශනයන් සහමුලින් උඩු යටිකුරු කර ඉස්ලාමිය ශරීයා කොටසේ ලයිෆ් මවුලුවානා බිද්අත් ලෙස ඩෙගා නටමින් මුළු මහත් සමාජයටම තමා අදහන දහම පිළිබඳව නැවතත් සැකයෙන් බලන තත්වයක් උදා කරමින් සිටිනවා.එලෙසම අනෙකුත් සමාජයන් මත යැපෙන, දැඩි අන්ධ භක්තියෙන්,පෙලෙන ජෝස් සමාජයක් නිර්මාණය කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරමින් සිටිනවා .මෙම තත්වය අපේක්ෂා භංගත්ව දක්වා වර්ධනය වනු හොදාකාරව දක්නට ලැබෙනවා.මුශ්රික්ල මුර්තඩ්ල පදුරකට ගල් ගැහුවත් සොයාගත හැකි ආකාරයට බිහිවෙලා. හරාම් හලාල් කිසිදෙයක් නොතකන මහ්රම්, අජ්නමි කිසිදෙයක් නොසලකන පිරිසක් බවට පත් වෙලා.

මේ තත්වය බොහෝ කලක සිට අප සමාජය වෙලාගෙන පවතිනවා.එදා නවීන විද්‍යාවේ නිර්මාපකයන් වූ අප අද නව විද්‍යාවක් දුටුකල සැඟවෙන තත්වයකට පත් වෙලා.

80 දශකයේ නවීන විද්‍යාවක් වූ රූපවාහිනී යන්ත්‍රය මෙරටට පැමිණි කල එය ශෛතාන් පෙට්ටියක් ලෙස නම්කරමින් රූපවානිය ඉස්ලාමීය ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමට එදා අපට තිබු මහඟු අවස්ථාවන් සියල්ලම අතහැර දැමීමට තරම් අපගේ විද්‍යාව පිලිබඳ දැනුම ලඳබොළඳ උනා. එලෙසම 2010 දී අනෙකුත් ජාතින් සියල්ල තමුන්ගේ ආගම් ප්‍රචාරය කිරීමට අවශ්‍ය චැනලයන් එක පෙලට ලබා ගනිද්දී, අප එකිනෙනා කුලල් කා ගනිමින් එකඳු චැනලයක් හෝ ලබා ගැනීමට තිබු අවස්ථාවන්ද මගහැරීමට තරම් සකල්පමය දුබලතාවෙන් පෙළුන.

90 දශකයේ තත්වයද මෙලෙසමයි. 1990 සල්මන් රුෂ්ඩිලා 1993 තස්ලිමා නස්රින්ලා පිළිබඳව සිංහල මාද්යයන්හි ඉස්ලාමයට එරෙහිව සතිගණන් මාසගණන් දිගින් දිගටම පුවත් නිකුත් වෙද්දී, ඒවාට එරෙහිව සිංහල මාද්‍යයෙන් කිසිඳු ප්‍රති පුවතක් නිර්මාණය කිරීමට තරම් කිසිවෙකුත් ඉදිරිපත් උනේ නැහැ. අද තත්වයෙද කිසිඳු වෙනසක් දැක ගත නොහැකියි. පුරා වසර 30 ක් තිස්සේ තවමත් අපට සිංහල මාද්‍යයෙන් පත්තර වලට ලිපි ලිවීමට හැකි මාද්යවේදීන් නිර්මාණය කිරීමට නොහැකි වීම ජාතියේම අවාසනාවක්.

2008 දී පේස්බුක් වැනි සමාජ මාධ්‍ය පැමිණි කල බුකියට ඇබ්බැහිවූ යම් යම් පිරිස්වල බලපෑම නිසා පෙස්බුකියේ දහ්වා කල හැකිය යන මතය ඉදිරිපත් උනා. ඉන් අනතුරුව පැණි බේරෙන චායාරූපද අතැතිව අපේ විද්වතුන් අපේ සමාජය බුකිය තුලට දක්කනු ලැබුවා.හය හතර නොතේරෙන දරුවාගේ සිට වැඩිහිටියා දක්වා අද ඊමානය දියකරගනිමින් බුකියේ සිටිනු දක්නට හැකියි, අවාසනාවකට අද ඔවුන් බොහොමයක් දෙනෙකුට ඉස්ලාමය අමතකයි. මහ්රම්, අජනමි අමතකයි, සිතින් සිනා කිරීම, ඇසින් සිනාකිරීමේ ආදීනව අමතකයි. මුළු මුස්ලිම් සමාජයේම සිතීමේ ක්‍රමය මෙමගින් විනාශ වෙමින් පවතිනවා කියා තේරුම් ගැනීමටත් අපහසු සමාජයක් දක්වා ඔවුන් වර්ධනය වෙමින් පවතිනවා.

අප ජීවත්වන්නේ සිංහලයින් බහුතරයක් විසින් මෙහෙයවන රටක. ඔවුන් අවිහින්සවාව දැඩි ලෙස විශ්වාස කරමින් කුරා කුහුඹුවෙකුටවත් හිරිහැරයක් නොවන ලෙස ජීවත් වෙමින් සතා සිවුපාවුන්ට දැඩිලෙස ආදරය කරමින් ජීවත්වූ ජාතියක්. ඒ වගේම ඔවුන් ගැඹුරින් හිතන්න කැමති, තර්කානුකූලව කතා කරන්න කැමති, ආගන්තුක සත්කාර වලට දැඩිලෙස ඇලුම් කරන ජාතියක්. මෙලෙස සාමකාමීව සිටි ජාතියක් ඉතාම සුළු කලකදී වියරු ජාතියක් බවට පත්ක්රීමට සැලසුම් සහගතව සැඟවුණු නියායයක් ක්‍රියාත්මක කරන ඉතාම සීමිත පිරිසකට හැකි උනා. දේපල හානි කිරීම්, කඩ කාමර තුල අමු අමුවේ දවා හළු කර දැමීම්, තම දරුවන් බලා සිටිද්දී ඔවුන් ඉදිරියේ පෙති කපා දමා ඒ මත මූත්‍රා කර පැට්‍රල් වත්කර පුළුස්සා දැමීම් වැනි අමනුෂයින් කොටසක් නිර්මාණය කිරීමට තරම් මෙම සැලසුම් සහගත න්‍යායයන් බලවත් උනා. මේ සියලුම දේ මෙහෙයවීම සඳහා මොවුන් භාවිතා කලේ සමාජ මාධ්‍යය. එළකිරි වේවා, ෆේස් බූක් වේවා, පත්තර වේවා, වෙබ් අඩවි,වේවා, රේඩියෝ වේවා, රූපවාහිනී වේවා මේ සියල්ල ඔවුන් මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රමානුකූලව භාවිතා කළා. අප මේ හැම මාධ්‍යයකම අවකාශයක් වෙන් කරවාගත නොහැකිව ජාතියක් විදිහට පැරදුනා.

මෙලෙස අපට එරෙහිව අවි අමෝරාගෙන සිටින ජාතියක් නිර්මාණය වීම කාගේ වරදක්ද ?
මුළු මාධ්‍ය එය ඔවුන්ගේ වරදක්ද ? නො එසේනම්, නැවැරදි දේ නිවැරදි වෙලාවට ඉදිරිපත් කිරීමට නොහැකිවූ අපගේ වරදක්ද ?

අප අදහන දෙවියන්ට එරෙහිව ඔවුන් තර්ක ඉදිරිපත් කළා, අපගේ විශ්වාසයන්ට එරෙහිව ඔවුන් කතා කළා, අප දිවිහිමියෙන් අගය කරන උත්තම නබි(සල්) තුමානම්ගේ ජීවන චරිතයට එරෙහිව අවලාද අපහාස නැගුවා, අපගේ සංස්කෘතියට එරෙහිව, අපගේ ගති පැවතුම් වලට එරෙහිව, අපගේ අනන්‍යතාවන්ට එරෙහිව විවිධ මතයන් නිර්මාණය කළා., අපගේ ආගමික විද්වතුන්ට එරෙහිව, අපගේ වෘතීයවීදින්ට එරෙහිව, අපගේ ව්‍යාපාර වලට එරෙහිව, අපගේ ආර්ථික මර්මස්ථානයන්ට එරෙහිව සහ අපගේ සාමාන්‍ය ජන ජීවිතයට එරෙහිව බොරු බේගල් මිශ්‍ර්ර අවලාද අපහාස සිදු කල . අපි , කරද්දී අප විශ්වාස කරන දෙවියන් වෙනුවෙන් පෙනී සිටීමට හෝ අප ආදරය කරන උත්තම නබිතුමාවෙනුවෙන් පෙනීසිටීමට හෝ අපගේ අයිතීන් වෙනුවෙන් කතා කිරීමට හෝ කිසිඳු ජනමාද්‍යයක අවකාශයක් පවා වෙන් කරවා ගැනීමට එදා අප අපොහොසත් උනා

29/04/2024

Watch AD FREE videos at http://zamzam.community website.
You can find videos based on Ulemas, Language, Subject and Event.
Easy browsing, Easy to wathch. Youtube Data needed.
Create your zamzam community account today and enjoy almost everthing available on social media FITNA FREE

Watch AD FREE videos at http://zamzam.community website.
You can find videos based on Ulemas, Language, Subject and Event.
Easy browsing, Easy to wathch. Youtube Data needed.
Create your zamzam community account today and enjoy almost everthing available on social media FITNA FREE

Rasmin MISc - Video CGC Talk Shop Islam, Bayan, Muslim Ulemas, Sri Lanka Muslisms, Sri Lanka Muslim Network, Ad free videos, Muslim Community website,

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Address


Colombo