Shine with you
Coffee Shop With our service
09/08/2024
පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම
ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන් ද ගස නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන් ද තමා නිසා පෙර නො තුබූ අන් දෙයක් ඇතිවීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ.
අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභිසංස්කාරාදි ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසා ද විඥානය ඇති වේ. එබැවින් සංස්කාරයෝ ද පටිච්ච සමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානය නිසා නාමරූප හටගනී. එබැවින් විඥානය ද පටිච්චසමුප්පාදයකි. විඥානය නිසා හටගත් නාමරූපය නිසා ෂඩායතනය පහළ වේ. එබැවින් ෂඩායතනයට හේතු වූ නාම රූපය ද පටිච්චසමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇති වීමට හේතු වන බැවින් ෂඩායතනය ද පටිච්චසමුප්පාදයකි. වේදනාව ඇති වීමට හේතු වන බැවින් ස්පර්ශය ද පටිච්චසමුප්පාදයකි. තෘෂ්ණාව ඇති වීමට හේතු වන බැවින් වේදනාව ද පටිච්චසමුප්පාදයකි. උපාදානය ඇති වීමට හේතු වන බැවින් තෘෂ්ණාව ද පටිච්චසමුප්පාදයකි. භවය ඇති වීමට හේතු වන බැවින් උපාදානය ද පටිච්චසමුප්පාදයකි. ජාතිය ඇති වීමට හේතු වන බැවින් භවය ද පටිච්චසමුප්පාදයකි. ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෝපායාසයන් ඇති වීමට හේතු වන බැවින් ජාතිය ද පටිච්චසමුප්පාදයකි. ජරාමරණාදිය ද අවිද්‍යා තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්චසමුප්පාදයකි.
මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණය දක්වා ඇති මේ ධර්ම සියල්ල ම එකිනෙකට හේතු වන බැවින් පටිච්චසමුප්පාද නම් වේ. ඒ පටිච්චසමුප්පාදය ප්‍රකාශ කරන්නා වූ “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදි පාඨයට ද ඒ නම කියනු ලැබේ.
එක් ගලක් මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, ඒ ගල මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, එය මත අනෙක් ගලක් ද මෙසේ උස් වී සිටින සේ එකින් එක මත තබන ලද ගල් සමූහයට වෙන් වෙන් වූ ගල් ගැන අපේක්‍ෂාවක් නො කොට කථා කරන කල්හි කුලුන ය යි ද කණුව ය යි ද කියනු ලැබේ. එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුලුනය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එ මෙන් එකක් නිසා එය හා බැඳී පවත්නා සේ තවත් ධර්මයක් ඇති වීම් වශයෙන් නො සිඳී පැවතී ගෙන යන්නා වූ අවිද්‍යාදි ධර්ම පරම්පරාවන්ට, ධර්ම සමූහයන්ට වෙන් වෙන් වූ ධර්ම ගැන අපේක්‍ෂාවක් නැති ව කථා කරන කල්හි ස්ත්‍රිය ය, පුරුෂයා ය, දෙවියා ය යනාදි නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහය - ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත.
කුලුනය යි කී කල්හි සත්‍ය වශයෙන් කුලුනක් නො ලැබී එක පිට එක පිහිටි ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රිය ය කියා හෝ පුරුෂයා ය කියා හෝ මිනිසා ය දෙවියා ය සත්ත්වයා ය කියා හෝ කී කල්හි සත්‍ය වශයෙන් එක් එක් ධර්මයක් නිසා ඇති වන්නා වූ ධර්ම සමූහයක් ම ලැබේ. ස්ත්‍රී පුරුෂාදීහු නො ලැබෙත්. පටිච්චසමුප්පාදය යි කියනුයේ එක එකක් නිසා පවත්නා වූ ඒ ධර්ම සමූහයට ය. එබැවින් පටිච්චසමුප්පාදය අපෙන් ඈත අන් තැනක - අන් ලොවක ඇතියක් නොවේ. අප ම බව හෙවත් සත්ත්වයන් පුද්ගලයන් සැටියට ව්‍යවහාර කරන දෙය ම බව දත යුතු ය. පටිච්චසමුප්පාදය අප ම වුව ද එය සත්ත්ව පුද්ගල කථාවෙන් අපට වැසී තිබේ. වැසී තිබෙන බැවින් තේරුම් ගැනීමට - දැන ගැනීමට දුෂ්කර ගැඹුරු ධර්මයක් වී තිබේ.
පටිච්චසමුප්පාද විවරණය
පූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo 10
Colombo
00010