RInn
The Most Popular Traveling Ideas and RInn booking application
12/07/2024
08/04/2024
සුන්දර අල්ගම 🌅🌾🌼🌈️
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති සුන්දර ගම්මානයක් වන අල්ගම ගම්මානයම හරිම ලස්සන තැන් වලින් පිරිලා.
අල්ගම ඇල්ල මේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරවන්න සමත් වෙලා තියෙනවා. අල්ගම ඇල්ල පිහිටි ස්ථානය තරමක් අසීරු ගමනක්. රබර් වතු යායක් වගේම දුශ්කර ගල් පර්වත කීපයක්ම මේ මාර්ගයට ඇතුලත්. අල්ගම ඇල්ල නාන්න දන්නෙ නැති අයට නම් තරමක් භයානකයි. ඒත් ආරක්ශිතව නාන්න පුලුවන් තැන් කීපයක් තියෙනවා. ගම් වාසීන්ගෙන් උපදෙස් ලබාගන්න එක තමයි හොදම.
කොහොම හරි අවසානය හරිම සුන්දරයි. නිල්ම නිල් පාට සීතලම ජල කදක ආශ්වාදයෙන් ගමන් මහන්සිය නම් නැති වෙනවා ඒකාන්තයි.
ඉතින් යන්න. ඒත් දැනටමත් එතන විනාශ වෙන්න පටන් අරන්. ඒ නිසා ලස්සන විතරක් බලලා පරිස්සම් කරලා එන්න.
"රන්තැන්න" සංචාරක පාරාදීසය
මහනුවරට ආසන්න වත්තේගම පන්විල හුලුගග ප්‍රදේශයේ, මහනුවර නගරයේ සිට 20km පමණ දුරකින් පිහිටා ඇති මෙම සුන්දර රන්තැන්න සංචාරක පාරාදීසයට ළගාවීමට හුලුගග අලකොළ තේ වතු යාය මාර්ගයේ 10km පමණ ගමන් කළ යුතුය.
මෙම ප්‍රදේශය නකල්ස් රක්ෂිතයට මායිම්ව පවතින නිසාත් ඉතාමත් සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති නිසාත් වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ.
ඉතිං මේ පරිසර පද්ධතියට කිසිදු හානියක් නොකර පරිසරයේ සුන්දරත්වය විදීමට සංචාරයේදී අප සැම වග බලා ගත යුතුය
RInn ♥️✨
03/04/2024
"මල් පුදන ඇල්ල" ❤️
වැඩිය ප්‍රසිද්ධ නැති වුණාට, පීනන්න පුලුවන් බැරි ඕනෙ කෙනෙක්ට නාන්න කියාපු තැනක්. ආදරවන්තයින්ට නම් කදිමයි. සතියේ දවස් වල වැඩිය කට්ටිය එන්නේ නෑලු. වැස්ස කාලේට විතරයි මේ විදියට දකින්න පුළුවන්.
සංඛපාල ගල්කොරිය හංදියෙන් ඇතුලට 1KM ට්‍රාන්ස්ෆෝමර් එක ලග පාලමක් එක්ක වමට පාර කන්දෙ උඩහට යන්න ඕනේ.
වහින දවස් වල එන්න. තනියම පාර හොයාගන්න අමාරුයි ටිකක්. ගමේ කෙනෙක්ගෙන් පාර අහගත්තාම ඇල්ල ගාවටම අඩිපාර තියෙනවා.
ඒ වගේම, මෙතැනට ගිහිං, එතන ඔයාලගෙ මතකයන් විතරක් ඉතිරි කරලා, පරිසරයට කිසිම හානියක් නොකර එන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Website
Address
Colombo
00600