News Arrow

News Arrow

Share

කාලීන සත්‍ය තොරතුරු සමඟින් News Arrow

05/05/2023

News Arrow

❗සිරකරුවන් 988 දෙනෙකුට නිදහස

ලැබුවාවූ වෙසක් පොහෝදිනය නිමිත්තෙන් දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සමාවක් ලබාදීම මත නිදහස් වීමට නියමිතව ඇත. තවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බවයි.එමෙන්ම සිරකරුවන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇත.

✒️සැකසුම - ප්‍රබෝදාා ද සිල්වා
2023/05/05

04/05/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය.

මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ.

ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo