Suboo

Suboo

Share

විඩාබර හදවත් වලට පිනිදිය ඉසින සෙත් කවියකට පද ගළපන මන්දාකිණියකගේ පන්හිඳ
💜️🌸💫

13/03/2026

"හිත හෙම්බත් වුණු හැම මොහොතකම, මල් මට කියලා දුන්නේ නිහඬව පිපෙන්න විතරයි. 🌸✨"

​මල් කියන්නේ සොබාදහම අපිට දෙන "Silent Therapy" එකක්. ඒවා වචන වලින් කතා කරන්නේ නැති වුණාට, "සමහර දේවල් අතහැරලා නිදහසේ ඉන්න" කියලා අපේ හිතට හෙමින් මුමුණනවා. 🌿💖

අද දවස මහන්සියි කියලා හිතෙනවා නම්,
මොහොතකට නතර වෙන්න.
ඔයාගේ වත්තේ පිපුණු මලක සුවඳ බලන්න,
නැත්නම් මේ වගේ ලස්සන වර්ණ දිහා බලාගෙන ගැඹුරු හුස්මක් ගන්න.
ඒ පුංචි විවේකය ඔයාගේ හෙට දවසට ලොකු ශක්තියක් වේවි! 🌸🔋

✍️ Suboo

#සැනසීම #මල් #විවේකය

13/02/2026

"තනිකම කියන්නේ තනියම ඉන්න එක නෙමෙයි...
තමන් එක්කම සතුටින් ඉන්න පුළුවන් වෙන එකටයි." 🙂✨️🖤

​ලෝකෙට පේන්න හිනා වෙලා
හැමෝම එක්ක හැමදාම ඉන්න එක
සමහර වෙලාවට හරිම වෙහෙසකරයි...
අන්න ඒ වෙලාවට
අපි අපේම ලෝකයකට ගිහින්
හුදෙකලා වෙන්න ඕනෙ...
​කාටවත් කරදරයක් නැති,
කාගෙන්වත් විවේචන නැති,
තමන්ට ඕන විදිහට හුස්ම ගන්න
පුළුවන් ඒ පුංචි හුදෙකලාව
ඇතුළේ පුදුම සැනසීමක් තියෙනවා...
තනිවෙන්න බය වෙන්න එපා. 🌿

​සමහර දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි නිහඬව තනිවුණු වෙලාවට විතරයි.

තමන්ට තමන්ව මුණගැහෙන ඒ නිහඬ මොහොතට ආදරය කරන්න. 😌🖤✨️

✍️ Suboo

​ #හුදෙකලාව #නිදහස

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo