Thinking Maths & Science

Thinking Maths & Science

Share

Thinking

12/12/2024

හැමෝම ආසයි ලස්සන කෙස් කලඹක්, ප්‍රසන්න සමක් ලැබෙනවට.
ඒ සදහා ඕනෑම මිලක් ගෙවලා රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගන්න ගොඩක් අය පෙලඹිලා ඉන්නවා.

හැබැයි මතුපිටින් ආලේප කරනවට වඩා ඇතුලතින් ලැබෙන පෝෂණය තමා ඉතාම වැදගත්.

සමේ සහ කෙස් වල තියන කෙරටින්, ඉලාස්ටින්, කොලජන් කියන්නෙ ප්‍රෝටීන් වර්ග.
ඉතින් මේවයෙ පැවැත්ම නිසි ආකාරව තියා ගන්න නම්, අපේ ශරීරයට හොදින් ප්‍රෝටීන් සැපයුමක් තියෙන්න ඕනෙ.
ඒ සැපයුම එන්නෙ අපි ගන්න ආහාර පාන වලින්.

ඔයාලා දන්නවා ප්‍රෝටීන් හොදින්ම තියෙන්නෙ මස්, මාළු, කිරි, බිත්තර වගේ සත්ව ආහාර වල කියලා.
හැබැයි නිර්මාංශ කෙනෙක්ට වුණත් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න ඕන තරම් ආහාර වර්ග තියනවා.

ප්‍රෝටීන් වැඩිපුර තියන සත්ව ආහාර තමයි ; කුකුල් මස්, හරක් මස්, ඌරු මස්, බිත්තර, කෙලවල්ලො, සැමන්, එලකිරි වගේ ආහාර.

නිර්මාංශ කෙනෙක්ට නම්,
කඩල, කවුපි, දඹල, බ්‍රෙකෝලි, ටෝෆු, රටකජු, අලිගැටපේර , බෙරි වර්ග, හතු, පරිප්පු, උදු වගේ ආහාර පාවිච්චි කරන්න පුළුවන්. ❤

කෙස් සහ සම නිරෝගී වෙන්න විතරක් නෙවෙයි , අස්ථි සන්ධි මාංශපේශී ශක්තිමත් වෙන්නත් ශරීරයේ ගෙවීයන පටක අළුත්වැඩියාවටත් ප්‍රෝටීන් අත්‍යාවශ්‍යයි.

ප්‍රෝටීන් සහිත සමබල ආහාර වේලක් ලබා ගැනීම මගින් දිගු කලක් තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට වගේම නිරෝගීව ඉන්නත් ඔබට හැකි වේවි.

Photos from Thinking Maths & Science's post 09/04/2024

10 වසර විද්‍යා සියලුම කෙටි සටහන් * Maps #* ලෙස 🔥

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Temple Road Punchi Boralla
Colombo