FoE Media
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FoE Media, News & Media Website, Colombo.
11/07/2026
සිව් වසරක කැපවීමේ අභිමානවත් ප්‍රතිඵලය!🎓✨
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයෙන් බිහිවන නව (B.Ed) උපාධිධාරීන් සැමගේ විශිෂ්ට අවසාන ප්‍රතිඵල වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම්! ප්‍රඥාවේ ආලෝකයෙන් ලෝකය හැඩ කරන්නට යන ඔබේ ඒ අනාගත පියවරට අධ්‍යාපන පීඨ මාධ්‍ය ඒකකයේ හදපිරි ශුභ ප්‍රාර්ථනා! ♥️
நான்கு ஆண்டுகால அர்ப்பணிப்பின் பெருமைமிகு பலன்! 🎓✨
கொழும்புப் பல்கலைக்கழகக் கல்விப் பீடத்தின் புதிய (B.Ed) பட்டதாரிகள் அனைவருக்கும், தங்களின் சிறப்பான இறுதிப் பெறுபேறுகளுக்காக எமது இதயம் கனிந்த வாழ்த்துகள்! அறிவொளியால் உலகை ஒளிரச் செய்யப் போகும் தங்களின் புதிய பயணத்திற்கு கல்விப் பீட ஊடகப் பிரிவின் மனமார்ந்த நல்வாழ்த்துகள்! ♥️
The proud reward of a four-year dedication!🎓✨
Warmest congratulations to the new B.Ed graduates of the Faculty of Education, University of Colombo, on your outstanding final results! As you step out to inspire and enlighten the world, the Faculty of Education Media Unit wishes you a brilliant and successful future ahead! ♥️
Caption by :
H.M.Shehani Madhushani Herath
J.M. Jafeer
Design by : D.A. Minali Madhara
11/07/2026
බිලියන අටක හදගැස්ම සහ තිරසාර හෙට දවස 🌍
බිලියන අටක ලෝකයක, සීමිත සම්පත් සුරකිමින් සැමට සමාන අවස්ථා ලබාදීම අපේ වගකීමයි.
ජනගහනය යනු හුදෙක් ඉලක්කම් පමණක් නොව, වඩාත් යහපත් හෙට දවසක් උදෙසා එක්විය යුතු මිනිස් බලයයි. තිරසාර අනාගතයක් වෙනුවෙන් අදම පෙළගැසෙමු!
අද ජූලි 11, ලෝක ජනගහන දිනයයි! ✨
Caption By : P.G. Sayuri Maleesha
Design By : H.M. Sahara vinodanee
#ලෝකජනගහනදිනය
10/07/2026
Happy Birthday to our Secretary , Thisari Dharmasena! 🎉🎈
To the one who captures moments and inspires us all-wishing you a day full of love and a year full of success. Thank you for being an irreplaceable part of the FOE Media unit.🤝❤️
Keep shining and leading the way! ✨
#2026
08/07/2026
සදහම් ගී අරණ 2026 - ශ්‍රද්ධා බුද්ධියෙන් සහ හෘදයාංගම බැතියෙන් අපේ හදවත් පිරී ඉතිරී ගිය ඒ අසිරිමත් සැඳෑව...🌸
"සදහම් ගී අරණ 2026" බැති ගී ප්‍රසංගය මෙතරම් සාර්ථකත්වයකින් සහ අභිමානයකින් වර්ණවත් කිරීමට හැකි වූයේ, අධ්‍යාපන පීඨයේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ අපිරිමිත කැපවීම හා සාමූහික ප්‍රයත්නය නිසාමය.
මියුරු ස්වරයෙන් සවන් සැනසූ ගායක ගායිකාවන්ටත්, එමෙන්ම තිරය පිටුපස හිඳිමින් ශබ්ද පරිපාලනය, ආලෝකකරණය, වේදිකා සැරසිලි සහ සංවිධාන කටයුතු වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා දෑත් දිගු කළ සියලු දෙනාටත් අපගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන්නෙමු.
අධ්‍යාපන පීඨය දිනෙන් දින නවෝදයකට මඟ පාදන්නට අප ගන්නා ක්‍රියාමාර්ග, මතු පරපුරේ නිදහස් අධ්‍යාපනයට රුකුලක් වනු නියතය.
සාමූහික ක්‍රියාවලියකට සෙනෙහසේ දෑත් දිගු කළ, අපේ පීඨයේ ඒ නොබිඳෙන සහෝදරත්වයේ බැඳීම සැමදා මේ අයුරින්ම පවතීවා! ඔබ සැමටම අපගේ ප්‍රණාමය!❤
මාධ්‍ය ඒකකය
අධ්‍යාපන පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
Caption by : H.M. Shehani Madhushani Herath
Design by : K.C.H. Disanayaka
#සදහම්_ගී_අරණ_26'
07/07/2026
"රසයේ සෞන්දර්යය යා කරන ලෝක චොකලට් දිනය අදයි...!"🍫
සීමා මායිම් නොමැතිව, ලොව වටා මිලියන සංඛ්‍යාත මානව සිත් සතන් සිනහවෙන් පුරවන මේ සොඳුරු දවසේ...
" ඔබේ සොඳුරු මතකයන්ද චොක්ලට් රසයෙන් හැඩ කරගන්න" 🍫 ✨💫
Caption By : J.H.I.M. Dissanayaka
Design By : S.C. Vidanapathirana
05/07/2026
සදහම් ගී අරණ | සොඳුරු මතකාවර්ජනය 🌸
අධ්‍යාපන පීඨ මාධ්‍ය ඒකකය මඟින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ "සදහම් ගී අරණ" පොසොන් භක්ති ගී සැදෑව 2026 ජූනි මස 25 වන දින අතිසාර්ථක අයුරින් නිමාවට පත් විය. ✨
ශාන්ත වූත්, අධ්‍යාත්මික වූත් ස්වර සිතුවම්වලින් මුළු පරිශ්‍රයම ඒකාලෝක කළ ඒ අසිරිමත් සැඳෑවේ භක්ති ආශ්වාදජනක සහ සොඳුරුතම නිමේෂයන් රැගත් ඡායාරූප එකතුව මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.
මෙම සත්කාර්යය සාර්ථක කර ගැනීමට විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ, ශ්‍රවණය කළ සහ දිරිදුන් සැමට අපගේ හෘදයාංගම කෘතඥතාව පිරිනමන්නෙමු! 🙏
ඡායාරූප නැරඹීම සඳහා පහත සබැඳියන් හරහා පිවිසෙන්න.
Drive 01 : https://drive.google.com/drive/folders/1jJcrxbltW4RHBPDhtLv53WA2_GrZu_TE?usp=sharing
Drive 02 : https://drive.google.com/drive/folders/1eur_V1bfUYl9QdLwpff4pAKgaCu-yOv_?usp=sharing
Photography By :
B.A. Malsha Dewmini
S.G.V. Dinithi Devindi
H.M.S. Vinodanee
A.G.A. Tharangi
Chathurika Dilrukshi
G.M.D. Chandira
T.D.C. Nirmani
25/06/2026
*සජීවීව... දැන් පැවැත්වේ!*
*"සදහම් ගී අරණ '26"* බැති ගී සරණිය දැන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ..! 🪷✨
🏢 ස්ථානය - අධ්‍යාපන පීඨ ELH 01 ශාලාව
සිව් වසරක සහෝදරත්වයේ මියුරු හඬින් හැඩවන සුමිහිරි සැඳෑවක අත්දැකීම විඳගන්න, ඔබත් දැන්ම පැමිණෙන්න! 🎶🤝
සංවිධානය
මාධ්‍ය ඒකකය,
අධ්‍යාපන පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය.
Caption By : J.H.I.M. Dissanayaka
Design By : Sanduni Chathurika vidanapathirana
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨ මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන 2026 පොසොන් පොහොය නිමිති කරගත් "සදහම් ගී අරණ" බැති ගී වැඩසටහන මෙලෙස විකාශය කරන්නටයි සූදානම. 🪷🙏🏻
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo