Peri_the aesthete

Peri_the aesthete

Share

An Aesthetic Escapism°°°

Photos from Peri_the aesthete's post 09/11/2025

නිසඳැස් කාව්‍යයට ඇලුම් කරන ඔබ කියවිය යුතුම පොතකි...
Abhisheka Wimalaweera මහත්මිය විසින් රචිත
Velvet ප්‍රේමය

පළමු මුද්‍රණය : 2024 පෙබරවාරි
අටවන මුද්‍රණය : 2025 ජූනි
ප්‍රකාශනය හා බෙදාහැරීම: සී/ස රසකතා පුද්ගලික සමාගම

✿ මෙම කාව්‍ය ග්‍රන්ථය තුළ මෑත කාලයේ දී ඇය විසින් ගායනා කළ ගීත රැසක්ම අලංකාර කවි ලෙසින් දැකගත හැකිය.

𝄞 සපත්ණීරෝෂයක්
𝄞 සබඳිනී
𝄞 තාම පණ තියෙනවා
𝄞 වැහි කවිය
𝄞 දන්නවද ආදරේ නීතිය

✿මෙහි ඇතුළත් සෑම කවියක් තුළම හැඟීම් ද අරුත් ද එක හා සමව මුසුවී ඇති බැව් දක්නට පිළිවන. 'ප්‍රේමය' යන සතුට සහ දුක මුසු වූ විටෙක සරල වූත් තවත් විටෙක සංකීර්ණ වූත් හැඟීම මෙම නිර්මාණයට වස්තුබීජය වී ඇත.

✿මා සිත්ගත් කවි කිහිපයක් පහතින් අමුණා ඇත. ඉතින් මේ ආරාධනය කවියට ඇලුම් කරන සහෘද ඔබ සැමටයි!





✍️ Chathuri Dhananjana
©Peri_the aesthete

18/09/2025

This is My LIFE

This life is mine.
I have the right to spend it as I want,
as long as
I bother nobody,
I disturb nobody,
I do harm to nobody.

I choose to enjoy my life!
No need for competition,
’Cause your life is not mine.
Hell no! Ours are not the same!

I have my ups and downs;
you have yours.
I bring my happiness,
you bring yours.

I love the way I am,
so you do.

At the end of the day,
what’s mine is mine,
and what’s yours is yours!

✍️Chathuri Dhananjana
©Peri_the aesthete

22/03/2025

[未来を変えるのは、いつだって自分だ。]
(Mirai o kaeru no wa, itsu datte jibun da.)
- "One Piece"

අනාගතය වෙනස් කළ හැකි වන්නේ නිරතුරුවම තමාට පමණි.

©Peri_the aesthete

28/02/2025

ඔබව නිර්මාණය වී ඇත්තේ
සාගර, වනාන්තර, කඳුවැටි, නිම්න මෙන්ම
අහසේ තාරකා නිර්මාණය කළ එකම ශක්ති ප්‍රභවය මගිනි. 🏝️🌌⛰️🏞️

ඉතින් මට නැවත පවසන්න
ඔබට ඔබ කැමති දෑ නිර්මාණය කිරීමට අවැසි බලයත් ශක්තියත් නොමැතිවන්නේ කෙසේදැයි කියා? 🧑‍🍳🧑‍🌾🧑‍🔧🧑‍🔬🧑‍💻🧑‍⚕️🧑‍🎓🧑‍🏫🧑‍⚖️👷

✍️Chathuri Dhananjana
©Peri_the aesthete

04/02/2025

IT'S OKAY...

It's okay to cry out loud as a child rather than holding back your sadness over a situation.

It's okay to jump for joy as a child rather than ignoring it as a simple emotion.

It's okay to talk to yourself rather than seeking attention from others.

✍️ Chathuri Dhananjana
© Peri_the aesthete

20/01/2025

A Gentle Reminder! 🌼🍃✨️

Don't forget to enjoy the breeze of the paddy field amidst the weekday hustle!

✍️Chathuri Dhananjana
©Peri_the aesthete

08/01/2025

අපි එකිනෙකා ජීවිතේ තෝරගන්න මාර්ග වෙනස්.
ඉතින් අපි ජීවිතේ ඉස්සරහට යන්නෙත් එක එක විදිහට වෙනස් දිශාවලට,වෙනස් කාලවකවානුවල.
සමහර අය එකපාරින් හීනවලට යද්දී ඔයාට ඔයාගේ හීනවලට යන්න කීප සැරයක් මහන්සි වෙන්න වෙයි.
කමක් නෑ. ඒක ලෝක ස්වභාවය. අපි හැමෝගෙම ජීවිතේ හොඳ කාල නරක කාල තියෙනවා.
හැමදාම හැමෝටම හරියන්නෙත් නෑ. වරදින්නෙත් නෑ.
ඔයාව කවමදාවත් ඔයාගෙ වටේ ඉන්න අයත් එක්ක සන්සන්දනය කරන්න යන්න එපා.
ඔයාට ඔයාගේ දියුණුව මැනගන්න තියෙන හොඳම විදිහ තමයි අතීතයේ දවසක ඔයා දිනාගන්න ආසාවෙන් හිටපු හීන,අරමුණු වෙනුවෙන් වෙහෙසුණු ඔයාට මේ වෙනකොට කොයිතරම් ඒ දේවල් හැබෑකරගන්න පුළුවන් වෙලාද? කියලා තනිවම විශ්ලේෂණය කරලා බලන එකයි.
සමහර වෙලාවට අපි නොහිතන තැන්වලට අපිට එන්න පුළුවන් වෙලා ඇති.
අරමුණු වලට ළගාවෙලා ඇති.
සමහර හීන වෙනස් වෙලා ඇති.
මේ කොහොම වුණත් ඔයා දිනුම් කියලා ඔයාට හිතෙනවා නම් ඔයත් ගොඩක් දියුණුයි!

✍️ Chathuri Dhananjana
©Peri_the aesthete

31/12/2024

2024 කියන්නෙ ඔයාට මොනවගේ අවුරුද්දක් ද?🌸✨️🍃

🌸ඔයාට අවුරුද්ද මුල ලොකු ලොකු හීන ගොඩක් හිතේ තිබ්බා වෙන්න පුළුවන්.
🌸සමහර අය ඒවගෙන් ගොඩක් හීන හැබෑ කරගෙන තියෙන්නත් පුළුවන්.
🌸ගොඩක් අයට හීන එකින් එක මගහැරිලා ගියා වෙන්නත් පුළුවන්.
🌸ඒවගේම නොහිතපු කරදර, බාධක, අභියෝග වලට මුහුණ දෙන්න වුණා වෙන්නත් පුළුවන්.
🌸තනියම ලොකු දුරක් ගියා වෙන්නත් පුළුවන්.
🌸ගොඩ දෙනෙක් එක්ක කාලය බෙදගත්තා වෙන්නත් පුළුවන්.
🌸ආදරය, කරුණාව, ආශිර්වාද පිරුණු අවුරුද්දක් වෙන්නත් පුළුවන්.
🌸හැමෝටම පේන්න හිනා වෙලා දුක තද කරන් හිටපු අවුරුද්දක් වෙන්නත් පුළුවන්.
🌸වටේ හිටපු මිනිස්සුන්ගේ ඇත්ත චරිත අදුනගත්තා වෙන්නත් පුළුවන්.
🌸හිතාගන්න බැරි තරම් ශක්තිමත් වෙච්ච අවුරුද්දක් වෙන්නත් පුළුවන්.

ඔයාට මේ කොහොම වුණත්..

ඔයා දිනුම්!💫
මොකද ඔයා දින 365 ඔයාගේ ජීවිතේ දිනවන්න මහන්සි වුණා!🫡
ඔයාගේ ශරීරයට මනසට ස්තූතිවන්ත වෙන්න ඔයාට උදව් කළාට!😊
ඔයා ඔයාටම ස්තූතිවන්ත වෙන්න ඔයාගේ දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කරන්න තරම් කැපවුණාට!😍
වැදගත්ම දේ ජීවිතයෙන් පලානොගියට! 😌
අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය ලස්සන කරගමු! 😄

ලබන්නා වූ 2025 නවවසර සාර්ථක වසරක් කරගැනීමට අවැසි කායික මානසික ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා! 🙏🌸🍃✨️

✍️ Chathuri Dhananjana
©Peri_the aesthete

25/12/2024

Merry Christmas all! ⛪❤️💫

“Glory to God in the highest, and on earth peace, good will toward men.”
— Luke 2:14

Peri_the aesthete

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo