HIRU FM

HIRU FM

Share

96.1 FM or 96.3 FM Islandwide. hirufmnews.lk, Hiru FM► www.hirufm.lk Hiru FM is Sri Lanka's number 1 choice for music and entertainment!

13/06/2026

අපි තව විනාඩි කීපයයි ජීවත් වෙන්නේ කියලා මට හිතුණා...!
යානයේ එන්ජිම ගිනිගනිද්දී, මරණය අභියස ආදරණීය බිරිඳ තුරුළු කරගත්
ලාංකිකයාගේ සලිත කරවන සටහන

පසුගිය ජූනි 12 වැනිදා පාන්දර කොළඹින් සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 606 (Airbus A330) යානයේ ගමන් ගත් ලාංකිකයෙකු මුහුණ දුන් ඒ බියකරු, එහෙත් අතිශය සංවේදී සැබෑ අත්දැකීමක් සිය මුහුණුපොතට එක් කර තිබෙනවා.

පිටත්වන විට කොළඹට පුදුම සැරට වැසි වසිමින් තිබූ බවයි ඔහු පවසන්නේ. විනාඩි 40ක් විතර උඩුගුවනේ පියාසර කරමින්, ලංකාවේ ගොඩබිම් සීමාවත් පහුකරලා මහා සාගරයට උඩින් යද්දී ඔවුන් දෙදෙනාටම පොඩි නින්දක් ගොස් තිබුණා.

එක පාරටම "ඩෝං" ගා ඇසුණු මහා ශබ්දයක් සමඟ මුළු ප්ලේන් එකම ගැස්සී ගොස් තිබෙනවා. ජනේලය අසල සිටි ඔහුගේ බිරිඳ, කුමාරි දෙසින් ජනේලයෙන් එළිය බලද්දී ඔහු දැක ඇත්තේ ඇඟ කිළිපොලා යන දසුනක්. යානයේ වම් පැත්තේ එන්ජිම විශාල ලෙස ගිනි ගනිමින් තිබී තිබෙනවා.

ගුවන් යානයක තටු (Wings) තුළ තමයි ඉන්ධන පුරවා තිබෙන්නේ. ඒ මහා ඉන්ධන ටැංකියට යටින් තියෙන එන්ජිම ගිනි ගනිද්දී, ඕනෑම මොහොතක යානය ගිනි බෝලයක් වී පුපුරා යා හැකි බව ඔහුට ක්ෂණිකව වැටහී තිබුණා.

"මට ක්ෂණිකව තේරුනා අපි දෙන්නට තව විනාඩි කීපයක් විතරයි ජිවත් වෙන්ට තියෙන්නේ කියලා..." ඔහු පවසනවා.

මේ කිසිවක් හරිහැටි නොදත් බිරිඳ "කොහෙන්ද ඒ ගින්දර එන්නේ?" කියා අසද්දී, ඇය බය වෙයි කියා සිතූ මේ ආදරණීය සැමියා, "Don't worry Ammi, it is OK" යැයි පවසා ඇයව තමාට තවත් කිට්ටු කරගෙන හිස පිරිමැද තිබෙනවා. ඇයට බයක් නොදැනෙන්නට ඇයව තුරුළු කරගනිද්දී ඇයට නැවතත් නින්ද ගොස් තිබුණා.

මොන මොහොතේ හෝ මහා පිපිරීමකින් ජීවිතය අවසන් වනු ඇතැයි සිතූ ඔහු, කලබල නොවී බුදු දහම මෙනෙහි කරමින් මරණයට ලෑස්ති වී තිබෙනවා. මියයන්නට යන බව දැනුණත් හිතට කිසිදු බයක් හෝ දුකක් නොදැනුණු බවයි ඔහු ලියන්නේ.

යානය ක්‍රමයෙන් පහළට ඇදී එද්දී, විනාඩි කිහිපයකින් ආශ්චර්යමත් ලෙස එන්ජිමේ ගින්දර නැවතී තිබෙනවා. ඉන්පසු යානය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, මඳ වේලාවකින් ගුවන් නියමුවා (Pilot) නිවේදනය කරමින් පවසා ඇත්තේ, යානයට අකුණු සැර වැදීමෙන් එක එන්ජිමකට හානි සිදු වූ බවත්, ඒ නිසා වහාම ආපසු කොළඹ බලා යන බවත්ය.

එක එන්ජිමක් පමණක් ක්‍රියාත්මක වෙද්දී, පැයක පමණ බියකරු ගමනකින් පසු යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබස්වා තිබෙනවා. යානය පොළොවේ වැදෙත්ම, සිය ජීවිත බේරාදුන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයට කෘතඥතාව පළ කරමින් මුළු ප්ලේන් එකේම සිටි මගීන් මහ හඬින් අත්පුඩි ගසා තිබුණා.

මුහුණු පොතේ සටහනක් ඇසුරෙන්

13/06/2026

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2026-06-13 | Hiru News

සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශය පළමු කමෙන්ටුවෙන්...👇

13/06/2026

" මම පෙම්වතෙක් "
දර්ශන් පළමු වරට හෙළි කරයි

13/06/2026

අම්මා තාත්තාගේ බලාපොරොත්තු මහමඟ සුනුවිසුනු වෙයි!
කාර් එකක ගැටුණු යතුරුපැදියේ සිටි 22ක තරුණයා
රෝහලේදී අවසන් හුස්ම හෙළයි...

මහනුවර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ උඩකොටමුල්ල ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

පොලීසිය පවසන්නේ මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය මැද පෙරළී ගොස් ඇති බවයි. එලෙස පෙරළී ගිය යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කාර් රථයක දරුණු ලෙස ගැටී තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් ගලගෙදර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිය පදවාගෙන ආ 22 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මේ වන විට මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


35th Floor, East Tower, World Trade Center, Colombo 01
Colombo
00100