Sweets World
Delicious cakes and snacks for your special events. No added artificial flavors 💛
12/07/2026
මනුස්සයෙක්ගේ confidence level එකට මොනවද කරන්න බැරි
✈️ Navigate Decision ✈️
අවුරුදු දෙකකට කලින් අද වගේ දවසක මම තීරණය කරනවා මේ හැමදේම අතෑරලා, මගේ පවුලටත් සමු දීලා, මගේ හස්බන්ඩ්ව විතරක් අරගෙන ලංකාවේ සෙට්ල් වෙන්න. ඊට දවස් තුනකට පස්සේ හරියටම 2024 ජූලි 16 වෙනිදා මම resignation බාර දෙනවා.
ඔය ආරංචිය දැනගත්තු ගොඩාක් colleagues කිවුවේ
"Don’t worry Mishary, everyone knows you have more potentials, please start something with your talents" කියලා
කිහිප දෙනෙක් ඇහුවා
"ඔයාට ෂුවර් ද මේ තරම් රිස්ක් එකක් අරගෙන ජීවිතේ අඩියට වැටෙන්නේ නැතුව survive වෙන්න පුළුවන්" කියලා
එයාලා දැනගෙන හිටියේ නැහැ මම ලංකාවෙන් යන්න කලින් ආයතන තුනකට Official Staff Meal Supplier කෙනෙක් කියලා. මගේ හීන රස්සාව ජීවිතේ එකම එක පාරක් හරි කරලා බලන්න, මම මගේ ව්‍යාපාරය අතෑරලා වෙන රටකට ගියේ. ඉතිං ඒ contract එක අත්සන් කරෙත් ලංකාවේ මගේ ව්‍යාපාරයෙන් ලැබුණු ලාබෙට වඩා අඩු පඩියකට. නමුත් මම අස් වෙද්දී හීන ගොඩාරියක් දිනාගෙන ඉවරයි.
අවංකව කියනවා නම් Sweets World මෙයාට අවුරුදු දහතුනයි ☺. ඒ අතර break එක අවුරුදු හයයි. Relaunched වෙලා අවුරුද්දයි මාස නමයයි.
මේ අවුරුදු එකහමාර හීනයක් වගේ. මගේ බිස්නස් එක ඇතුලේ මගේ හැබෑ නම, ගම නොදන්න කස්ටමර්ස්ලා මාව ගොඩාක් විශ්වාස කරලා ගනුදෙනු කලා. මට ආදරේ කලා. මාව කිට්ටුවෙන් ආශ්‍රය කරන අය අහනවා (එයාලා දන්නවා කස්ටමර් මගේ ඉස්සරහ නැතුවට එයාලගේ කෝල් එකකට මැසේජ් එකකට රිප්ලයි කරද්දිත් මගේ මූණේ මැවෙන හිනාව)
"මේ ලෝකේ ඉන්න හොඳම කස්ටමර්ස්ලා ඔයාගේ. හරිම flexible, මනුස්සකමින් පිරුණු අය. කවදාවත් කෑමක මිල අඩු කරන්න, ඩිස්කවුන්ට් එකක් ඉල්ලපු නැති අය. ලෝභ නැතුව වියදම් කරලා සතුටට ටිප්ස් දීපු අය, ලංකාවට එද්දී තෑගි බෝග ගෙනත් දීපු අය, පෝස්ට් එකක් දැක්කේ නැත්නම් හොඳින්ද කියලා මැසේජ් කරපු අය"
Five Star Airline එකක අවුරුදු හයක් Frontline වැඩ කරපු කෙනෙක් හැටියට මගේ කස්ටමර්ස්ලාට මම අනිවාර්යයෙන් හොඳම සර්විස් එකක් දෙනවා.
මේ අවුරුදු එකහමාරක් පුරාවට Sweets World rebuild කරන්න, මාව විශ්වාස කරල චූටිම ඕඩර් එකක් හරි බාරදීපු කස්ටමර්ස්ලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️
කවදාවත් මගේ බිස්නස් පේජ් එකේ මගේ පෞද්ගලික පිංතූරයක් මීට කලින් අප්ලෝඩ් කරලා නැහැ. අද අප්ලෝඩ් කරන්න හිතුනා.
මම Nawal Mishary
පැණි කරවෙලා වටලප්පන් කළු වෙලා 😱
හොඳම quality වටලප්පන් එකක් කළු පාටයි කියනවා. හැබැයි සීනි කර කරලා කළු පාට කලා කියලා වටලප්පන් එකේ quality වැඩි වෙන්නේ නැහැ. වටලප්පන් එකක් හොඳට වෙලාව අරගෙන තැම්බුවාම නිවෙනකොට කළු වෙනවා 🤎
#වටලප්පන් #වටලප්පම්
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 10:00 - 19:00 |
| Tuesday | 10:00 - 19:00 |
| Wednesday | 10:00 - 19:00 |
| Thursday | 10:00 - 19:00 |
| Friday | 10:00 - 19:00 |
| Saturday | 10:00 - 19:00 |
| Sunday | 10:00 - 19:00 |