Ceylon Journal

Ceylon Journal

Share

The path to purity. 🤍

05/05/2026

"එක පැත්තකින් උබ හරි උර්බිනෝ...
මිනිස්සුන්ට ඕනේ උබ වගේ සමාජ සම්මතයේ,
විදියට ඉන්න වැදගත් මිනිස්සු මිසක්,
තමංගේ හෘද සාක්ෂියට වැඩ කරන මං වගේ,
අසම්මත මිනිස්සු නෙවෙයි.."

"උබට හැමෝම පිලිගන්න හොද රස්සාවක් තියෙනවා,
වැදගත් විදියට ඇදුම් අදිනවා, වැදගත් විදියට කතා කරනවා,
ලොකු Circle එකක හදාගෙන, ඒක ඇතුලේ සමාජය
පිලිගන්න ගරු කරන චරිතයක් තියෙනවා.."

"මං ෆර්මිනාට එච්චර ආදරේ කරලත්,
එයා මාව අතහැරලා උබව තෝරගත්තේ,
ඒ නිසා වෙන්න ඇති..
ඔව් උබත් ඒ බලාපොරොත්තු උනු විදියට,
සමාජයේ වැදගත් විදියට ෆර්මිනාට හොදට සැලකුවා.."

"ඒත් මම කවදාවත් සමාජේ මිනිස්සු මං ගැන හිතන විදිය,
මං ගැන දකින විදිය ගැන හිතන්න උවමනාවක් තිබුනේ නෑ..
මොකද මං දන්නවා මං කොහොම හිටියත්,
මිනිස්සු එයාලට ඕන විදියට හිතනවා,
අනික එයාල හොදයි වැදගත් කියන ලේබල් එක ගහගන්න,
චරිතයක් නඩත්තු කරන්න ඕනේ,
ඒක මට මහන්සියි උර්බිනෝ.."

"උබ සමාජේ ඉස්සරහා හොද Husband කෙනෙක් වගේ හිටියට,
ෆර්මිනාට හොරෙන්, මේ ලෝකෙට හොරෙන් තවත් ගෑහැනු දෙන්නෙක්ව ආශ්‍රය කරා,
ඒත් ඒක ලෝකෙට හොරෙන් ෆර්මිනාටත් හොරෙන් කරගෙන ගිහින්,
සමාජයේ වැදගත් මහත්මයෙක් උනා..."

"ෆර්මිනා මගෙන් ඈත් උනාට පස්සේ,
ඒ දැනුන හැගීම් ආයේ වෙන කෙල්ලෙක්ගෙන් හොයන්න,
මම ගැහැනු ආශ්‍රය කරා.. ඒත් ඒ හැම කෙනාටම,
මං මගේ හදවතට දැනෙන ඇත්ත තේරුම් කරලා..
ඒ නිසා සමාජයට මාව සල්ලාලයෙක් වගේ පෙනුනනට,
එක කෙල්ලෙක්ට මං කොච්චර ආදරේද කියලා,
දන්නේ මං විතරයි.."

"උබ ෆර්මිනාට බොරුවක් කරාට පස්සේ,
ඒ කෙල්ල ඒක කොහොම දරාගත්තද කියලා මං දන්නේ නෑ..
මට අදටත් විශ්වාසයි මං තරම් අවංකව,
ඒ කෙල්ලට කවුරුත් ආදරේ කරේ නෑ.."

"සුදු ඇදගත්තු මිනිස්සු ඇතුලේ ඇත්තටම සුදු තියෙනවද,
තමංගේ කලු වහගන්න මිනිස්සු කොච්චර සුදු අදිනවා ඇතිද?
ඇතුලේ සුදු තියන් කලු අදින මිනිස්සු ඉන්න බැරිද?
ඇතුලේ කලු තියන් කලු අදින මිනිස්සු අවංක නැද්ද?.."

"මං හිතන්නේ උබට හැමතිස්සෙම ඕන උනේ,
සමාජේ ඉස්සරහා වැදගත් චරිතයක් වෙන්න,
තමංගේ ඇතුලේ කොච්චර කුනු තිබුනත් ඒක වහගෙන,
මහත්මයෙක් වෙන්න..

මං හිතන්නේ මට ඕන උනේ,
සමාජෙට බම්බු ගහගන්න කියලා,
චරිත රගපාන්නේ නැතුව හදවතට
දැනෙන විදියට ජීවත් වෙන්න...

මං හිතන්නේ ෆර්මිනාට ඕන උනේ,
චරිත රගපාන්නේ නැතුව හදවතට එකගව,
සමාජේ ඉස්සරහත් වැදගත් විදියට ජීවත් වෙන්න.."

"අපි දෙන්නටම ඒ කෙල්ලව මග හැරුනේ ඒ නිසා වෙන්න ඇති.."

"මට දැන් ඕනේ ඒ කෙල්ල ලෝකේ දැකපු විදියට ජීවත් වෙන්න..
දෙබිඩි ජීවිත රගපාන්නේ නැතුව,
සමාජ සම්මතයේ කවුරුත් පිලිගන්න,
මහත්මයෙක් වෙලා
තමංගේ හදවතට එකගව ජීවත් වෙන්න.."

✨🍃🤍

04/05/2026

✨🍃🤍

01/05/2026

"මේ ජීවිත ගමනේදි,
මිනිස්සුන්ට හම්බවෙන සුන්දරම දේ,
ප්‍රේමය කියලා මං විශ්වාස කරනවා..."

"මිනිස්සු හම්බවෙනවා, ආදරේ විදිනවා, සමුගන්නවා,
මේක තම ස්වභාවධර්මයේ නීතිය..
ඉතිං මනුස්සයෙක්ට පුලුවං නම්,
හම්වෙද්දි තමංගේ සතුට නිදහස තිබුන විදියටම,
ආදරේ කරන කාලෙදි හා සමුගන්න වෙලාවෙදිත් තියාගන්න,
එහෙම මිනිස්සු මේ ජීවිතේදි හම්බවෙන,
කවදාවත් නැති වෙන්නේ නැති,
නිදහසක් සාමයක් තමං ඇතුලෙන්ම හොයාගෙන තියෙනවා.."

"හමුවීම් හා ආදරය කරන එක මිනිස්සුන්ට,
හරිම සතුටු හිතෙන සුවපහසු දෙයක් උනාට,
සමුගැනීම් වලදි මේ කතාව වෙනස් වෙනවා...
සම්බන්ධතාවයකදී එක මනුස්සයෙක්ට,
එතැනින් අයින් වෙන්න හදනකොට,
ඇයි අනිත් කෙනා ඒක නවත්තන්න උත්සහ කරන්නේ,
ඇයි අයිති කරගන්න හදන්නේ,
ඇයි බැගෑපත් වෙලා ආදරය ඉල්ලන්නේ,
ඇයි ආයෙත් එනකල් බලං ඉන්නේ.."

"තමං වෙනත් මනුස්සයෙක්ට දුන්න ආදරය,
එතනින් ප්‍රතික්ශේප වෙද්දී,
මිනිස්සු ඇයි ආයේ ආයේ පස්සෙන් යන්නේ.."

"ඔයාව මට හම්බවුනු කාලයේදි,
මගේ හිතට සතුටක් නිදහසක් හා සුවපහසුවක් දැනුනා,
ප්‍රේමය ඇතුලෙදි මට ඕන මානසික නිදහස, ආදරය,
ඔයා මට දුන්නා, මගේ උපරිමයෙන්,
මාත් ඔයාව සතුටින් නිදහසින් ආදරයෙන් පිරෙව්වා..
ඉතිං දැං ඔයාට අයින් වෙන්න ඕන වෙලා තියෙද්දි,
ඔයාට අයින් වෙන්න පුලුවං.
කිසිම ප්‍රශ්නයක් නෑ..
මට ඕනේ නෑ යන්න එපා කියන්න,
මට ඕනේ නෑ මට ආදරේ කරන්න කියලා ඉල්ලන්න,
මට ඕනේ නෑ ආයෙ ඔයා එනකල් බලං ඉන්න,
මට ඕනේ නෑ ඔයා ගැන හිත හිත,
පරන මතක මතක් කර කර අඩන්න..
මට ඕනේ නෑ මගේ සතුට ආදරය හා ජීවිතය,
අරං ගියා කියලා මගේ ජීවිතය නැති කරගන්න.."

"ඔව් වේදනාවක් තියෙනවා...
ඒත් මම ඒක පිලිගෙන ඉස්සරහට යන්න ඕනේ,
අනික මං ඔයාට අවංකව ආදරය කරලා,
මගේ පැත්තෙන් කිසි අඩුපාඩුවක් නැතුව තියෙද්දි,
ඔයාට අයින් වෙන්න ඕනේ නම්,
ඒක ඔයාගේ ප්‍රශ්නයක්..
ඔයා අයින් වෙද්දි,
'යන තැනක සතුටින් ඉන්න' කියලා,
මගේ ප්‍රේමයට වටිනාකමක් දෙනවා මිසක්,
අනේ එපා කියන්න තරම්,
මගේ ප්‍රේමය බාල්දු කරන්න මට ඕනේ නෑ.."

"ඔව් මේ තමා මං මාව ගොඩනගාගත්තු විදිය,
මගෙ සතුට නිදහස හා මානසික නිදහස,
එලියේ කිසි දෙයකට උකස් තියලා නෑ,
ප්‍රතික්ෂේප වීම්, අහිමි වීම්, කඩා වැටීම් වලින්,
මං තනියම ශක්තිමත් උනා
මගේ සතුට නිදහස මගේ ඇතුලෙන්ම,
නිර්මාණය කරගෙන ඉවරයි..."

"මිනිස්සු ආදරය කරන්න ඕනේ,
අහිමි වීම්, ප්‍රතික්ෂේප වීම්, කඩාවැටීම් වලින්,
ඇතුලෙන් තනියම ශක්තිමත් වෙන්න ඕනේ..
සතුට නිදහස හා සාමය තනියම ගොඩ නගා ගත්තු,
මිනිස්සු කවදාවත් වැටෙන්නේ නෑ,
තමංගේ සතුට නිදහස එලියේ මිනිස්සුන්ට උකස් කරලා,
ආයේ ඒවා ඉල්ලලා හඩාවැටෙන්නේ නෑ.."

"තමංගේ සතුට නිදහස ප්‍රේමය හා මානසික නිදහස,
පවත්වාගෙන යන්න support කරන,
මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න,
ඒ නිදහසත් එක්ක ප්‍රේමයෙ මිහිරි හැගීම් බෙදාගන්න,
සමුගැනීමේදී එකිනෙකාට ගෞරවයෙන් සමුදෙන්න.."

✨🍃🤍

29/04/2026

"එහෙම ප්‍රේමනීය ආත්ම හම්බඋනාම,
පාලුවට ගියපු සොහොන්කොත් වල,
පවා හරි අපූරුවට මල් පිපිලා,
සුවද හමන්න පටං ගන්නවා..."

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo