Dazzle Dist

Dazzle Dist

Share

Greetings for someone's great moments will make you a good mutual. We make you special with customized greeting cards and wall decos made just for you.

11/11/2025

කෙසෙල් කොලේට බෙදලා බේක් කරපු රසම රස බත් එක 💚

🔸 White Rice / සුදු බත්
🔸 Stir Fried Sausages / සොසේජ් තෙල් දාලා
🔸 Dhal Curry / පරිප්පු කරි
🔸 White Coconut Sambol / කොච්චි සම්බෝල

11/11/2025

🥺❤️

මහගෙදර කියන්නෙ නිකන්ම ගෙයක් නෙවි; ලස්සනම මතකයක්

ඒ ලස්සන දවසක ලස්සන හවසක්
ඔයා ඉන්නෙ ඔයාගෙ කාමරේ
ඉස්කෝලෙන් දීපු වැඩ කරනගමන්
අම්මා කුස්සියෙ උයනවා
තාත්තා අම්මගෙ තනියට කුස්සියට වෙලා කතා කර කර ඉන්නවා
ඉස්කෝලෙ වැඩ කරන ගමන් ඔයා හිතන්නෙ ලොකු වෙලා හොඳ රස්සාවක් කරන්න
කොහේ හරි බෝඩිමක නැවතිලා නිවාඩුවට ගෙදර එන්න
ටිකක් කල්පනාවෙ ඉන්නකොට නංගි/මල්ලි, අයියා/අක්කා ඇවිත් ඔන්න ඔයාට කතා කරනවා සෙල්ලම් කරන්න
නැත්නම් ටීවි බලන්න

ඒක තවත් ලස්සන දවසක ලස්සන හවසක්
ඔයා ඉන්නෙ ඔයාගෙ කාමරේ
හැබැයි දැන් ඔයාට කරන්න ඉස්කෝලෙ වැඩ නෑ
අම්මා කුස්සියෙ උයනවා
තාත්තා අම්මගෙ තනියට කුස්සියට වෙලා කතා කර කර ඉන්නවා
ඔයා දැන් හිතන්නෙ හෙට උදේම නැගිටලා ජොබ් එකට යන එක ගැන
ඔයා ආසයි ගෙදර ඉන්න
ඒත් දැන් ඒකට වෙලාවක් නෑ
අයියා/අක්කා, නංගි/මල්ලි ඔයා එන දවසට ගෙදර නෑ
එයාලත් දැන් ඉන්නෙ එක එක තැන් වල

ඒක තවත් දවසක තවත් හවසක්
ඔයා ඉන්නෙ ඔයාගෙ කාමරේ
හැබැයි මහගෙදර නෙවි
ඊට ගොඩක් ඈත ඔයාගෙම ගෙදරක
අම්මා කුස්සියෙ උයනවා ඇති
තාත්තා අම්මගෙ තනියට කුස්සියට වෙලා කතා කර කර ඉන්නවා ඇති
අයියා/අක්කා, නංගි/මල්ලි කවුරුම හරි ගෙදර ඇවිත් ඇති
නැත්නම් ඒ කවුරුවත්ම නැතුව අම්මා, තාත්තා විතරක් ගෙදර ඇති
එහෙම නැත්නම් අම්මා හරි, තාත්තා හරි තනියම ගෙදර ඇති
මහ ගෙදර ඒ විදියටම තිබුනත් එදා තිබුන මහගෙදරට ඔයාට කවදාවත් යන්න බෑ කියලා ඔයාටම හිතේවි

ඉතිං මම කිව්වා හරි නේද
මහගෙදර කියන්නෙම බිත්ති හතරක් නෙවි; ඒක ලස්සනම මතක ගොන්නක්

✍️ චිරස්ථි

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo