DPS Business Solutions
DPS Business solutions has the plessure to offer wide range of book keeping services to small , meadium and large business in all types of industries.
TIN Number (Tax payer Identification Number) එක, එහෙමත් නැත්නම් මේ දවස්වල හැමෝම වගේ කතා වෙන ‘බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය ලබාගන්නේ කෙසේද?
🙆කොහොමද TIN Certificate එක තනිවම ලබාගන්නේ?
✨ TIN Certificate එක (පුද්ගල) ලබාගැනීමට පෙර ඔබ පහත සදහන් ලේඛණ වල, පැහැදිලි scan පිටපත් සූදානම් කරගත යුතුයි.
01. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය හෝ වැඩිහිටි හැඳුනුම්පත.
02. ඔබගේ ස්ථිර ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනය සමග සමාන නොවන්නේ නම්, අදාල ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් හෝ ඔබ ප්‍රදේශයේ ග්‍රාම නිලදාරී සහතික කල්ස් ග්‍රාම සේවක සහතිකයක්.
03. ඔබ, ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්, අදාල ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
✨STEP 01
TIN Certificate එක අයදුම් කිරීම වෙනුවෙන් ඕනෑම වෙලාවක පිවිසිය හැකි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත මුලින්ම ඔබ පිවිසිය යුතුයි.
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
✨STEP 02
එම අතුරු මුහුණතේ ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න.
NOTE.
🍎 Nearest regional office යන කොටස පුරවන්න එපා.
🍎 CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න.
🍎 අයදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබාදිම අත්‍යවශ්‍ය කර නැති නිසා එම කොටස පිරවීම හෝ නොපිරවීම ඔබේ තීරණයක්.
🍎 ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කල යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.
🍎 ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න
✨ STEP 03
Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සුදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු scan ලේඛන නිවැරදිව තොරා upload කරන්න.
⏳ Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න.
⏳ පසුව, එම අතුරු මුහුණතේ පහත ඇති ‘Next’ button එක click කරන්න.
✨ STEP 04
ඔබ ඇතුළත් කල සම්පූර්ණ විස්තර දැන් ඔබට දිස්වනු ඇත.
◾ එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය ඇතුළත් කර ‘Submit’ කරන්න.
🛎️ එවිට ඔබට ලැබෙන Acknowledgement එක, TIN Certificate එක ලැබෙන තුරු සුරැකිව තබාගන්න.
🛎️ වැඩකරන දින පහක් ඇතුළත් ඔබ ලබාදුන් email address වෙත ඔබගේ TIN Certificate එක සහ PIN එක ඔබට ලබාදේ.
❤IMPORTANT
TIN Certificate එකක් ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳී සිටින්නේ නැත. ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතීනම් පමණක් බදු ගෙවීම හා බදු වාර්තා ගොනු කිරීම සිදු කළ යුතුයි.
මේ පහසු පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබට TIN Certificate එක ලබාගත හැක.
✨ TIN ලබාගන්න හැටි ගැන දැනගන්න කලින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි, ඔබ TIN Certificate එක ලබාගැනීම සඳහා කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙක් ගෙන් සේවාවක් ලබාගන්නේ නැතිනම් කිසිම හේතුවක් මත ඔබගේ පෞද්ගලික සංවේදී තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබාදෙන්න එපා
05/06/2023
✨️DPS BUSINESS SOLUTIONS✨️
පහත වෘත්තීයමය සේවාවන් අපෙන් ඔබට ලබා ගත හැක.
☑️ ගිණුම්කරණ කටයුතු සහ පොත් තැබිම.
☑️ බැංකු ණය සදහා ගිණුම් සකසා දීම.
☑️ වැටුප් සැකසීම (with EPF & ETF)
☑️ VAT,NBT,SVAT,PAYE & INCOME TAX , EPF& ETF ලියාපදිංචිය, මාසික වාර්ථා පිරවීම. (Manual & Online)
☑️ අනෙකුත් ගිණුම් කටයුතු ආශ්‍රිත ව්‍යාපාරික සේවාවන්. (Data Entry Works & Stock Counting)
--------------------------------------------------------------------------
We are an established Bookkeeping, Financial & Tax Services Firm, specialized in Accountancy work, Resolving Tax matters and Book Keeping. We have a dedicated and fully qualified team who are willing to provide you with a first class service when you need us.
Here are some of the services we offer.
☑️ Cost effective book keeping
☑️ Preparation of Management Accounts
☑️ Preparing of Income Tax returns
☑️ Preparation and forwarding of VAT, SVAT,PAYE, NBT, EPF, ETF, WHT
☑️ Tax Consultancy
☑️ Other Business Related Services (Stock Counting, Data Entry Works etc; )
If you consider outsourcing all or some of your accounts related work, we are more than happy to assist you!
Please feel free to contact us to discuss any suggestions or queries you may have.
Please note that all your work/ queries/ data and business related matters are treated with utmost confidentiality.
Office :No.136/1A, Thalahena, Malabe.
Mobile: +94772377629 (Ms.Piyumi) , +94718813771 (Mr.Dhanushka), +94713420947(Ms.Sakuni)
+94706549458 (Mr. Lahiru)
Email : [email protected]
“BETTER BOOKKEEPING LEADS TO BEST BUSINESS MANAGEMENT"
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 136, Thalahena
Colombo
10640
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 13:00 |