Sanchaarakaya
🍀 සොබාදහම සමග, හුස්ම ගන්න මිනිසෙක් 🍀 Welcome to our captivating world of Sri Lanka's rich history and breathtaking natural beauty! But that's not all!
05/05/2026
Sanchaarakaya 224 likes, 125 comments. "Aware siripa | අවාරේ සිරිපා | Off season Sripada pilgrim | "
07/01/2025
සීතල ආරූඪ වුනු අඩ අඳුරක් මිටියාවත වසා පැතිරෙන්නට විය. ඒ ඇසිල්ලෙන් උස් ගස් වල අතු පතරට ගොඩ වූ මිහිදුම් සළු හෙමින් හෙමින් ගස් කඳ දිගේ පහළට රූටමින් සිටී. පළපුරුදු ඇත්තන් ගොඩවුන විගස ගස දිගේ හනික රූටාවිත් පහළ තණ පිඩලි වෙත සීතල හාද්දක් පුදා සිප වැළඳ ගනී. හිරු චණ්ඩ වූවෝතින් හැර, ඒ සීතල ආදරය වෙන් කළ හැක්කෙක් මේ මිටියාවතේ නොවෙති.
එකවරම දැවැන්ත හූ හඬකින් හාත්පස පතුරවමින් පමා වී ඇදී ආ පොඩි මැණිකේ ඹහිය නැවතුමට ගාල් විය. කඩි ගුලක සේයාරුවක් වටපිටාවට ආරෝපණය වන්නට වැඩි වේලාවක් ගියේ නැත. මදක් එහි ගිමන් හැරි ඈ පිටත් වූ පසු නැවතත් හාත්පස සන්සුන්ය. මේ සියල්ල මමත් ගමන් සගයාත් බලාහුන්නේ අසළ වූ කඩපිලෙන් රොටියකත් උණුසුම් තේ කෝප්පයකත් රස බලන අතරවාරයේයි. ඔහිය කඩපිලටත්, දුම්රිය නැවතුමටත් සමුදුන් අප මහා එළියතැන්න දිහාවට පිටත් විය.
දරණ ගැසුනු කාල වර්ණ මාවතේ එක් තැනක ශාන්ත වූ දෙවොලක් වෙයි. ෆයිනස් ගස් යායකින් වටව පිහිටියා වූ මේ දෙවොල ඕනෑම කලබල මනසක් සුවපත් කිරීමට සමත්වෙයි. ඉහළ කඳු මුදුනක සිට ගලා එන දිය දහරක් ඒ අසලින් ගලා යන්නේ ගල් මත පාසී නොයෙක් වර පෝෂණය කරමින්. අතු ඉති මතට වැටෙන කුඩා වැහි බිඳිති වල හඬින් පරිසරයේ නිහැඬියාව බිඳෙන හෝරාවක එක් වන්දනාකරුවකු පමණක් මෙහි වැද කපුරුත්, සුවඳ කූරුත් දල්වා දෙවියන් යදින්නට විය. ගීතිකාවක් බඳු ඔහුගේ යාතිකාව මා රැගෙන ගියේ කුඩලිගමයන්ගේ වැස්සටය.
ගී දේවියට කැප කළ දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම....
බොහෝ වේලාවක් එතැන ගතකළ අප පහන් සිතින් අපගේ ගමනාන්තය බලා පිටත් විය. පොද වැස්ස කෙමෙන් කෙමෙන් හීන වී අවුරැල්ලක් ගස් අතරින් එබී බලන්නට වූ නමුදු පෙර කී ආදරය නතර කිරීමට තබා එයට විරාමයක් ලබා දීමටවත් එය ප්රමාණවත් නැත. තවමත් හාත්පස අඳුර රජයයි. මගෙත් ගමන් සගයාගෙත් නවාතැන කඳු මුදුනක පිහිටියා වූ සුන්දර ගොවිපලක්. ඒ වෙත යාමට අප මහ එළියතැන්න පාරෙන්, යක්ෂයාගේ පඩිපෙල ඔස්සේ ගමන් කර එක් තැනකදි නැවතත් හැරී යායුතුය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo