Tap.lk

Tap.lk

Share

science magazine News & Media Website

04/08/2025

ටී. රෙක්ස් ඔබේ කුකුළු කූඩුවේ ජීවත් වේ.

විද්‍යාඥයින් වසර මිලියන 68 ක් පැරණි ටී. රෙක්ස් පොසිලයකින් ප්‍රෝටීන නිස්සාරණය කර නවීන කුකුළන්ට සමීප අණුක ගැලපීම් සොයා ගත්හ. මෙම සොයාගැනීම කුරුල්ලන් ජීවමාන ඩයිනෝසෝරයන් බව සනාථ කරයි. පරිණාමය ඩයිනෝසෝර රේඛාව අවසන් කළේ නැත; එය පිහාටු සහ හොට සමඟ එය නැවත හැඩගස්වා ඇත. පෘථිවියේ දරුණුතම විලෝපිකයන්ගෙන් එකක් දැන් හිරු උදාවේදී හඩ නගයි.

23/12/2024

ගවලෙන ගැන තතු බිඳක්..... 😊

නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්.

ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම අධිරාජ්‍යයට. ඔගස්ටස් සීසර් තීරණය කරනවා රෝම අධිරාජ්‍යයේ සංගණනයක් පවත්වන්න. මේ සංගණනය සඳහා හැමෝම තම තමුන්ගේ උපන් ගම් වලට යන ඕනෙ කියලා නීතියක් පැනවෙනවා.

මේ කාලෙ වෙනකොට මරියතුමීට ජේසුව ලැබෙන්න හොඳටම කිට්ටුයි. ඒත් ඉතින් නීතියට පිටුපාන්න බැරි නිසා මරියතුමීත් ජුසේතුමාත්(ජේසුස් වහන්සේගේ සුරැකි පියා) ජුසේතුමාගේ උපන් ගම වෙච්ච බෙත්ලෙහෙම් නගරයට එනවා. බෙත්ලෙහෙමට ආවත් නවතින්න තැනක් හම්බවෙන්නේ නෑ. සෙනඟ හුඟක් බෙත්ලෙහෙමේ සංගණනයට ඇවිත් හිටපු නිසා එක තානායමකවත් නිවසකවත් ඉඩක් ලැබෙන්නේ නෑ. ඒත් අන්තිමේදී එක තානායමකට අයිති ගව මඩුවක නවාතැන් ගැනීමට ලැබෙනවා. එදා මධ්‍යම රාත්‍රියේදී ජේසුස් වහන්සේ ඉපදෙනවා.

එතකොටම අහසේ වල්ගා තරුවක් පායනවා ලෝකෙට ජේසුගේ උපත දන්වන්න.. දේව දූතයෝ ගිහින් මේ පණිවිඩය රෑ ගිනිමැලයක් ළඟ හිටපු එඬේරුන්ට කියනවා. මේ ආරංචියට එඩේරුත් වල්ගා තරුව දැකපු පෙරදිග හිටපු රජවරුත් (සමහර තැන්වල කියවෙන හැටියට ජොතීර්වේදීන්) ජේසුස් වහන්සේව බැහැදැකීමට පැමිනෙනවා. ඕක තමයි ඉතාම කෙටියෙන් කිව්වොත් නත්තලේ කතන්දරේ. ඔය සිද්ධිය සිහිපත් කිරීමට තමයි කිතුනු බැතිමතුන් ගවලෙනක් නැත්නම් ගව මඩුවක් හදන්නෙ.

කවුද මුලින්ම ගවලෙනක් හැදුවෙ? අසීසියෙ ශු. ප්‍රැන්සිස් තුමා තමයි මුලින්ම මේ සංකල්පය කරලියට ගෙනැල්ලා තියෙන්නෙ. එතුමාත් වැලන්ටයින් තුමා, ශු. නිකුලස් තුමා වගේම ශුද්ධවන්තයෙක්. අසීසියේ ප්‍රැන්සිස් තුමාට හිතුනලු ඒ පළාතේ ජීවත් වෙච්ච ජනතාවට අලුත් අත්දැකීමක් ලබාදෙන්න. එතුමා කරලා තියෙන්නෙ ගවමඩුවක් හදලා. ඒකෙ චරිත නිරූපණය කරන්න නළුවන් යොදාගත්තු එක. ගවමඩුවෙ හරකුන්ට යොදාගනත් තියෙන්නෙ ඇත්ත හරක්. ඊට පස්සෙ ඒ අසල නත්තල් දා රාත්‍රී පූජාව පවත්වලා තියෙනවා. ජනප්‍රවාදවල දැක්වෙන හැටියට නම් එතැන ප්‍රාතිහාර්යක් සිද්ධවෙලා ඒ කියන්නෙ ජේසු බිළිඳුන් ඒ ගවලෙනට ආවාලු. ඔය සිද්ධියත් එක්ක මුලු ගම්මානෙටම මහා ප්‍රීති ජනක නත්තලක් උදාවෙලා තියෙනවා. එම නිසා එතැන් පටන් හැම නත්තලකම ගවලෙනක් තම නිවෙස් වල හදන්න ජනතාව පුරුදු වුණා. මිනිසුන් හා සතුන් වෙනුවට මැටිවලින් හදපු සුරුවම් ( පිළිම ) තමයි යොදාගත්තෙ. ඔය විදිහට ආපු ගවලෙන හැදීමේ චාරිත්‍රය ලෝකෙ පුරා ව්‍යාප්ත වුණා.

ගවලෙන හදන්නත් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා.

1. ස්වනිර්මාණ
මේකෙ තමයි ගතිය තියෙන්නෙ. ගවලෙන මෙහෙම වෙන්න ඕනෙ කියලා නීතියක් නෑ. කැමති හැඩේකට කැමති ප්‍රමානෙකට තමුන් කැමති අංග උපාංග දාලා හදන්නයි තියෙන්නෙ. බොහෝ අය හදන්නෙ නම් ගෙයක් වගේ හැඩයක් ඊට පස්සේ වහලෙට පිදුරු දානවා. අපි නම් ගියපාර වෙනසකටත් එක්ක හැදුවෙ ගල්ගුහාවක්. තව එකතු කරන අංගයක් තමයි පොකුණ. මැටි හරකුන්ට වතුර බොන්න බෑ තමයි ඒත් ඉතින් ලස්සනයිනෙ. කැමති නම් ලන්තෑරුමකුත් එල්ලන්න පුලුවන්. ඊට පස්සේ කරන්නෙ සුරුවම් තියන එක.

අවට පරිසරය හදන්නත් ඕනනෙ. ඒකට කරන්නෙ සතියකට කලින් විතර වී ගෙනත් පැලවෙන්න දාන එක. එතකොට නත්තල් දා හවස් වෙද්දි වී ටික ලස්සනට පැල වෙලා. එතකොට ගස් වගෙ පේන්න තියන්න පුලුවන්. තව තණකොළ පිඩැලි අල්ලන්න පුලුවන්. එහෙම නත්නම් පාට කරගත්තු පොල්කුඩු එහෙම නැත්නම්ලී කුඩු දාලා බිම හැඩ කරගන්නවා. ලොකූ ගස් පෙන්නන්න ඉතින් මාන පඳුරක් හරි වැටකෙයියා පඳුරක් හරි හිටෝනවා. මේ ක්‍රමේ කොච්චර ශෝයි උනත් වෙලා යන එක තමයි ලෙඩේ. අනිත් එක තමයි අමුද්‍රව්‍ය නැති කම.

2. රෙඩිමේඩ්
මේක නම් හරිම ලේසී. කඩේට ගියා හදලා තියෙන ගවලෙනක් ගෙනාවා. මේසයක් උඩ තිබ්බා. සුරුවම් ටික තිබ්බා. කජු කනවා වගේ. ඒ වුනාට කෝ ගැම්ම. මේ ක්‍රමේ ජීවිතේට කරලත් නෑ කරන්නෙත් නෑ.

දැන් කොහොමහරි 24 වෙනිදා හවස ගවලෙනක් හැදුවා හරි ගෙනාවා හරි කියමුකො. සුරුවම් තියෙන එක තමා ඊලඟ කාරිය. මොන ගවලෙනක් උනත් ඒක ගවලෙනක් වෙන්න නම් අඩුම ගානෙ සුරුවම් හතරක් තියෙන්න ඕනෙ.

1. ජේසු බිළිඳාගෙ ප්‍රතිමාව
2. මරියතුමීගේ ප්‍රතිමාව
3. ජුසේතුමාගේ ප්‍රතිමාව
4. දේවදූත ප්‍රතිමාව

පල්ලිවල ගවලෙන්වල බොහෝ දුරට ඔය ටික තමයි තියෙන්නෙ. හේතුව තමයි ලොකු සුරුවම් යොදාගන්න නිසා ඉඩකඩ මදිවීම. මීට අමතරව සාමාන්‍යයෙන් ගෙවල් වල නම් තව තව සුරුවම් තියෙනවා.

5. එඬේර ප්‍රතිමා - කැමති ගණනක් තියන්න පුලුවන්
6. රජවරුන්ගේ ප්‍රතිමා - 3ක්
7. බැටළු හෝ ගව පිළිම - කැමති ගණනක් තියන්න පුලුවන්
8. කොටළු පිළිම - 1ක්
9. ඔටු පිළිම - 3ක්

ඊට පස්සෙ ගවලනේ සම්පූර්ණයි. සම්ප්‍රදායක් හැටියට ජේසු බිළිඳාගේ ප්‍රතිමාව ගවලනෙන් තියන්නෙ
මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ.

19/11/2024

නේපාලයේ "මාළු වරල "

මච්ඡපුච්ඡරී ( माछापुच्छ्रे ) හෙවත් " මත්ස්‍ය වරල " නේපාලයේ ගාන්ධකී පළාතේ අන්නපූර්ණා කඳු වැටියේ පිහිටි කඳු මුදුනකි.

මච්ඡපුච්ඡරී කඳු මුදුනේ උස ආසන්න වශයෙන් මීටර් 6,993 ක් වන අතර මෙම කන්ද ගාන්ධකී පළාතේ අගනුවර වූ පොඛාරා ( पोखरा )නගරයේ සිට කිලෝමීටර් 25 ක පමණ දුරින් පිහිටයි.

කන්දේ පෙනුම මත්ස්‍ය වරලක ආකාරය ගන්නා නිසා මච්ඡපුච්ඡරී (माछापुच्छ्रे ) නමින් හඳුන්වන අතර නේපාලයේ මැටර්හෝන් ( Matterhorn - ස්විස්ටර්ලන්තයේ පිහිටි ප්‍රසිද්ධ කඳු මුදුනක් ) ලෙසද හඳුන්වයි.

නේපාලයේ ටිබෙට් බුදුදහම,මිශ්‍ර වූ බොන් දහම අදහන ස්වදේශික චීන-ටිබෙට් ජන කොටසක් වූ ගුරුන්ග් ජනයා හට මෙම කඳුමුදුන පූජනීය කන්දක් වේ.ඒ වගේම මෙම කන්ද ශිව දෙවියන්ගේ වාසස්ථානයක් ලෙසද හඳුන්වයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


PO BOX 06 EKALA
Colombo
11350