Mahamevnawa Sadaham Library
Secret of Happiness is the Freedom from dependence on external conditions.
පසුගිය දිනෙක, දුවක් සමග කථා කලා.
එහිදි, ඇය කීවේ,
තම පියා වඩු වැඩ කරන බවත්,
රෑට තාත්තිගේ අත් රස්නෙ වතුරෙන් සෝදා,
දෑතම පිරි මදින බවයි.
ඉතිං, දුවේ පුතේ, මට මේ කථාව මතක් වුනා.
ආදරණීය දුවේ, පුතේ,
මග දුරය, රළුය, කටුකය.
උගත් තරුණයෙකු රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගියේය. සුදුසුකම් සපුරා ඇති බැවින් පළමු වටයෙන් තේරුණ ඔහුට අවසන් පරීක්ෂණයටද කැඳවුමක් ලැබුණි. ආයතන ප්‍රධානියා තරුණයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව බෙහෙවින් තුටු වුණත් ඔහුගෙන් පැණ කීපයක් ඇසුවේය.
"ඔබට මෙතරම් දුරට ඉගෙන ගන්නට ශිෂ්‍යත්ව කිසිවක් ලැබී තිබෙනවාද?"
"එවන් ශිෂ්‍යත්ව මා දිනාගෙන නැහැ"
"එසේනම් ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කලේ ඔබේ මා පියන් ද?"
"ඔව්, මගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කලේ මගේ පියා"
" ඔබේ පියාගේ රැකියාව කුමක්ද ?"
" ඔහු කම්මල්කරුවෙක් "
" ඔබ කවදා හෝ ඔහුගේ වැඩකටයුතු වලට සහය වී තිබෙනවාද"
" එසේ කිරීමට ඔහු කිසිවෙටකත් මට ඉඩ දුන්නේ නෑ - මගේ පාඩම් වැඩට ඉන් බාධා වේ යැයි සිතා"
" හොඳයි ඔබ හෙට නැවත එන්න - නමුත් ඔබ අද කළයුතුයි යමක්"
" සර් කුමක්ද මා කළ යුතු?"
"අද සවස වැඩ නිමාවී ගෙදර එන ඔබේ පියාගේ දෑත් සෝදා පිරිසිදු කළයුතුයි ඔබ." තරුණයා එදා හවස වැඩ නිමවී නිවසට පැමිණි පියාගෙන් ඉල්ලීමක් කළේය.
" තාත්තේ, අද මට ඔය අත් දෙක සෝදා පිරිසිදු කරන්න ඉඩ දෙනවාද ?"
තරමක් පුදුමයෙන් වුණත් සතුටින් පියා පුතාට එය කරන්නට ඉඩ දුන්නේය.
පියාණන්ගේ අත් මුදුව ගෙන හෙමි හෙමින් සෝදා පිරිසිදු කරන පුත්‍රයා හට මෙතෙක් ඔහු නොදුටු දෑ බොහෝ දැකගත හැකිවිය. ජීවිතයේ පළමු වරට ඔහු පියාගේ අත්වල රළුව, වියලි බව, රැලි හා කැළැල් දුටුවේය. එහිවූ තැලුම්, කෙතරම් වේදනා ගෙන දුනිද කිවහොත් පුතුගේ මුදු පහස වුව රළුව දැනුණි.
ජීවිතේ පළමුවරට මේ තරුණයා බොහෝ දේ අවබෝධ කරගත්තේය. මේ දෑත කෙතරම් විසල් මෙහෙයක් කළාද? ඒ ඔහුගේ අද දවස වෙනුවෙන් කියා සිතද්දී.. ඔහුගේ නෙත් කඳුලින් පිරුණි. තම සුකුමාර දෑතේ මුදු බව සදා පවතිනු පිණිස නොවේද, මේ දෑත් මෙතරම් රළුවූයේ. මේ තැලුම් බිඳුම් හා රිදුම් ඔහුට සුවය සදන්නට ගෙවූ මුදල නොවේද? පියාණන්ගේ දෑත් පිරිසිදු කළපසු කම්මලට ගිය පුතු එයද පිරිසිදු කොට රැය පහන්වනතුරු පියාණන් හා සාමිචියක යෙදුණේය.
එය පුතාටත් පියාටත් ඔවුනගේ ජීවිතවල වටිනාම දවස විය.
පසුදා නැවත ඔහු රැකියාව බලාපොරොත්තුවෙන් කාර්යාලයට ගියේය.
"හොඳයි, ඔබට දැන් කියන්නට හැකිද ඔබ ඊයේ උගත් යමක් වේද කියා"
"සැබැවින්ම බොහෝ දේ මගේ පියාගේ දෑතින් මා දුටුවා - අද මට මේ සියල්ල දෙන්නට ඔවු විඳි දුක් කරදර සියල්ල මට මැනැවින් අවබෝධ වුණා. මගේ මාපියන් නොමැති නම් මා කිසි සේත් අද මෙතැනට එන්නට සුදුස්සෙක් නොවන බව මට වැටහුණා. එපමණක් නොවේ ජීවිතය තනිවම ගෙනයෑම කෙතරම් අසීරුද කියාත් මා දැනගත්තා"
"බොහෝම අපූරුයි! මට ඔබ ගැන සතුටුයි. මට අවශ්‍ය ඔබ වැනි තරුණයින්. කෘතවේදී බව, අන් අය තමා වෙනුවෙන් කළ දෑ අගය කිරීමට තරම් නිහතමානිබව. එපමණක් නොවෙයි, ජීවිතය රෝස මල් යහනාවක් නොවන බව පහදා ගැනීමත්, මෙලොව ඇති උසස්ම දේ මුදල නොවන බව වටහා ගැනීමත් ඉතා වැදගත්."
දෙමාපියන් බොහෝවිට තම දරුවන්ට ඉතා සුවපහසු ජීවිතයක් දෙන්නට බොහෝ දුක් විඳිනවා. නමුත් දරැවන් ඒ ගැන දන්නේ නෑ. ඒ ගැන සිතන්නේත් නෑ. එය මේ දරුවන් වැඩිහිටියන් ලෙස සමාජයේ විඳින්නට වෙන දුෂ්කර යථාර්ථයෙන් ඈත් කරනවා. එය ඔවුනට එම ජීවිතයට මුහුණ දීම අපහසු කරනවා. සැමවිටම දරුවන් කුඩා කල පටන් වගකීම භාරගෙන ක්‍රියාකිරීමට හුරුකිරීම වැදගත්. පවුල තුල සහජීවනයෙන් වැඩකිරීමට හුරුවුවන්, සමාජයේදීත් වගකීම් තුටින් ඉටු කරන සහජීවනයෙන් වැඩකරන යහපත් පෞර්ශයක් ඇති දරුවන් වෙනවා.
ජීවිතය අසීරු ගමනක් බවත් එය යෑමට උත්සාහය හා ධෛර්‍යය අත්‍යාවශ්‍ය බවත් දරුවන් දැනගත යුතුමයි. එවිටයි, ඔවුන් සමාජයෙහි අභියෝග වලට නොබියව මුහුණ දෙන්නට පුරුදුවන්නේ.
ඉතාම ගැඹුරින් පිළිගන්න, කවදටත් පවතින්නේ මේ මොහොත (ක්ෂණය) පමණක්ම බව.නිතරම මේ මොහොතේම සිහිය පිහිටුවා ගැනීමට උත්සුක වන්න. බාහිර අරමුණු අසන, දකින, දැනෙන, සිතෙන හැම විටම, මේ මොහොතේම සිහිය පවත්වමින් ඔබගෙ ඇතුලතින් සිදුවන හට ගැනීමත්, බාහිරෙන් ගන්නා අරමුණත් වෙන වෙනම දකින්න උත්සහා කරන්න. මෙයම ඔබට අභ්‍යන්තර සහ බාහිර එකට එකතු කර ගසන ගැටයෙන් ගැලවීමට හේතු වනු ඇත.
ඇයි නුඹ වසන්තයම සොයන්නෙ?
සමහර විට, වෙනත් සෘතුවක් හොඳට ගැලපෙන්න පුළුවනි.
ශීත ඍතුවේ නිහඬ පාඩම්, මෝසම් කුණාටු හෝ සරත් සෘතුවේ නිශ්ශබ්දතාව වලින්, අපිට ඉගනීමට යමක් තිබේවි.
ජීවිතය සුන්දර වන්නේ වසන්තයේ දී පමණක් නොවේ.
සෑම කන්නයක්ම මල් පිපීමට නොවේ.
සමහර කන්නයන්, මුල් ශක්තිමත් කිරීමට අදහස් කෙරේ.
සමහරක් තවදුරටත් අයිති නොවන දේ ඉවත් කිරීමට අදහස් කෙරේ.
සමහරක් ඉදිරියේදී සිදුවීමට නියමිත දේ සඳහා අපව සූදානම් කිරීමට අදහස් කෙරේ.
සෑම කන්නයකටම තමන්ගේම අරමුණක්, තමන්ගේම ප්‍රඥාවක් සහ තමන්ගේම ආකාරයේ සුන්දරත්වයක් ඇත.
එබැවින් දුවේ පුතේ, ජීවිතය පරිපූර්ණ වන තෙක් බලා සිටීම නවත්වන්න.
ඔබ දැන් සිටින කන්නය, වැළඳ ගන්න.
🌿 **Why are you always searching for spring?**
We spend so much of our lives waiting for the perfect season — the season of success, happiness, love, comfort, and abundance.
But what if spring isn't the season meant for you right now?
What if the quiet lessons of winter, the storms of monsoon, or the golden stillness of autumn have something important to teach?
Not every season is meant to bloom.
Some seasons are meant to strengthen roots.
Some are meant to clear away what no longer belongs.
Some are meant to prepare us for what is yet to come.
Life is not beautiful only in spring.
Every season has its own purpose, its own wisdom, and its own kind of beauty.
So stop waiting for life to become perfect.
Embrace the season you are in.
You may discover that what you were searching for was already there.
🍂🌧️☀️🌸
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Vertual
Colombo