Hit FM

Hit FM

Share

Hit Station Sri Lanka's Premier Social Media Network

13/07/2020

රාජ්‍ය අංශය ශක්තිමත් කළ ආකාරය අගමැති කියයි
July-13, 2020. 21:19

රාජ්‍ය අංශය අකර්මන්‍ය කිරීමට පැවති ආණ්ඩු ගෙන තිබූ තීන්දු වෙනස් කරමින් එම අංශය ශක්තිමත් කිරීමට සිය පාලන කාලය තුළ පියවර රැසක් ගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (12) ලුනාව ප්‍රෙද්ශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොරෝනා වසංගත වැනි ව්‍යසන පාලනය කිරීමට හැකි වුයේ රාජ්‍ය අංශ ශක්තිමක් කිරීම නිසා බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

තමන් ජනාධිපතිවරයා වී සිටි සමයේ තමන්ගේ අණ ක්‍රියාත්මක කළ රාජ්‍ය නිලධාරින්ට සිර දඬුවම් ලබා දීමට පසු ගිය ආණ්ඩුව කටයුතු කළ බවත් එම යුගය පළිගැනීමේ යුගයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

13/07/2020

සන්ධාන හදන්න අවශ්‍යතාවයක් නෑ - රනිල්
July-13, 2020. 21:18

කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමග සන්ධාන අණ්ඩුවක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (13) පස්වරුවේ ගල්කිසේදී පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

සෑම අවස්ථාවකදීම අවසානයේ එක්සත් ජාතික පක්ෂ වීරෝධි පිරිස, සන්ධානගත වී නව පක්ෂ බිහිකර ගත් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද එවැනි පක්ෂයක් බවත් ඒ මහතා පැවසීය.

එම නිසා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පිරිස් සමග කිසිදු විටකදි සංධාන ගත නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo