MLB Group
Quality products & affordable prices, welcome everyone one to buy☺️☺️
😁
07/01/2026
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද (06) සවස 2ට එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇති බවයි අපේක්ෂා කරන්නේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අනාවැකි නිවේදනයේ දැක්වෙන්නේ ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙසයි.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනවටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන්.
සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. 30-40පමණ වනවා.
බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක දක්වා ඉහළ යා හැකියි.
බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo