Lanka Morning

Lanka Morning

Share

Lankamorning.com

02/04/2023

දුරකථනය බිම තැබූ චම්පිකගෙන් නව දේශපාලන පක්ෂයක්..!!

රට වැටී තිබෙන බංකොලොත්භාවයෙන් මුදා ගැනීම සඳහා කුසලතාවය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය බවත් ඒ සඳහා "එක්සත් ජනරජ පෙරමුණ" නමින් නව දේශපාලන පක්ෂයක් එළැඹෙන මස තුළදී පිහිටුවීමට කටයුතු කරන බවත් 43 සේනංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

මෙරට පවුල් උරුමයෙන් සිදුකරන දේශපාලනයට තිත තැබිය යුතු බවත් සල්ලි වලට මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

යල් පැනගිය සමාජවාදය ධනවාදය වෙනුවට නව ප්‍රායෝගික වාදයක් මත රට ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

22/06/2022

බංකොලොත් වෙන්න යන රටකට ඇවිල්ලා කරපු උදව්ව ගොඩක් වටිනවා. මොවුන්ගෙ පැමිණීම නිසා බිතාන්‍යය පනවලා තිබ්බ සංචාරක තහනම ඉවත් කිරිමම ඇති... 🥺🔥❤️
🇱🇰🤝🇦🇺 මේක ගැන ගොඩක් අය දැනුවත් කරන්න කියලා තිබ්බා.. අපිත් එකගයි..🔥

20/05/2022

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද අර්බුදයන්ට විසඳුමක්ද යන්න කල්පනා කළ යුතුයි..!! අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අමාත්‍යධුරයක් භාර ගැනීමේදී පිළිකුලක් දැනුන බව අද අමාත්‍යධූරයක දිවුරුම් දුන් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නමුත් රට වැටෙන්න යන අගාධයෙන් බේරා ගැනීම ඊට වඩා වැදගත් නිසා එම කැත පිළිකුල දරා අමාත්‍යධූරය භාරගත් බව ද ඔහු සඳහන් කළේය. ‘ගෝඨා ගෝ හෝම්’ යන්න තමන් තවදුරටත් විශ්වාස කරන නමුත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නැති බව සහතික යයිද කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට වඩා රට යම් ප්‍රමාණයකට හෝ ස්ථාවර කර ධුරයෙන් සමුගැනීම සුදුසු යයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

අමාත්‍ය ධුරය භාර ගනිද්දී ජනාධිපතිවරයාගෙන් මුහුණවත් බැලුවේ නැති බවත් වචනයක්වත් කතා කලේ නැති බවත් තමන් දෙදෙනාගේ පින්තූර ද නැත්තේ ඒ නිසා බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසීය.

හරීන් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇමතිවරුන් විසින් කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද පැවසූ ඔහු තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද කීය.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද පැවසූ ඔහු තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන පැවසීය.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo