CPS-Sri Lanka
CPS Sri Lanka: Influencing Policy, Empowering Voices
31/01/2025
සෑම පුරවැසියෙක්ම අනිවාර්‍යෙන් ලබාගත යුතු ඩිජිටල් හැඳුනුම්පත ගැන දැනුවත් වෙමු | CPS | EXPLAINER
ඩිජිටල් හැඳුනුම්පතේ වාසි සහ අවදානම | CPS | EXPLAINER Sri Lanka’s digital ID project: Implications, risks, and safeguards ...
14/01/2025
හාල් මාෆියාවේ ඇතුලාන්තය | CPS | EXPLAINER
හාල් මාෆියාවේ ඇතුලාන්තය | CPS | EXPLAINER In this video, we dive deep into the workings of the rice mafia in Sri Lanka, exposing how cartels and unethical practices in the rice industry manipulate pr...
12/11/2023
අවසාන වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු වූයේ 2011 වසරේ දී යි. එහි දී ලැබුණු දත්තවලට අනුව ලංකාවේ අලි ගහනය 5879ක් විය. ඉන් 55 දෙනෙක් වැඩුණු දළ ඇතුන් ලෙස වාර්තා වී තිබුණි. වන අලින්ගෙන් සියයට 67.2ක් වනජීවී රක්ෂිතවල ද, සියයට 29. 78ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතවල ද, සියයට 3.2ක් කුඩා වන ලැහැබ්වල ද ජීවත්වන බව එම සංඝනනයේදී අනාවරණය විය.
වනජීවි දෙපාර්තමේන්තුව නිකුත් කල දත්ත අනුව, 2010 සිට 2020 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ වාර්තාවූ අලි මරණ සංඛ්‍යාව 2958ක් වන අතර . මේ කාලසීමාව තුළ මිනිස් ජීවිත 807ක් අලි – මිනිස් ගැටුම හේතුවෙන් රටට අහිමි වි තිබේ.
2019 වසරේදි ශ්‍රී ලංකාවේ අලි මරණ 407 ක් ද, අලින් නිසා සිදුවූ මිනිස් මරණ 122 ක් ද වාර්තා වී ඇත.
2020 වසරේදී ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් ද, අලින් නිසා සිදුවූ මිනිස් මරණ 113ක් ද වාර්තා වී තිබේ.
2021 වසරේදී ශ්‍රී ලංකාවේ අලි මරණ 375ක් ද, අලින් නිසා සිදුවූ මිනිස් මරණ 142ක් ද වාර්තා වී ඇති අතර
2022 වසරේදී අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගල මරණ 145ක් සහ වල් අලි මරණ 433ක් සිදුවූ බවට වාර්තා වි ඇත
2022 වසරේදී වල් අලින් පහරදීමෙන් සිදුවූ මරණවලින් 36ක් අනුරාධපුර වනජීවී කලාපයෙන් වාර්තාවී ඇත. නැගෙනහිර කලාපයෙන් පුද්ගල මරණ 32ක්, මහවැලි කලාපයෙන් පුද්ගල මරණ 26ක්, වයඹ කලාපයෙන් පුද්ගල මරණ 15ක්, දකුණු කලාපයෙන් පුද්ගල මරණ 12ක් වශයෙන් ඉහළ පුද්ගල මරණ වාර්තා වී ඇත.
ඉහළම අලි මිනිස් ගැටුම් පවතින මහවැලි වනජීවී කලාපයෙන් අලි මරණ 82ක්, නැගෙනහිර කලාපයෙන් අලි මරණ 79ක්, අනුරාධපුර කලාපයෙන් අලි මරණ 76ක්” වයඹ කලාපයෙන් අලි මරණ 49ක් සහ දකුණු කලාපයෙන් අලි මරණ 32ක් වශයෙන් අලි මරණ සිදුව ඇත.
සිදුවූ අලි මිනිස් ගැටුම්වලින් වෙඩි තැබීමෙන් වල් අලින් 58ක්, හක්ක පටස් නිසා 55ක්, විදුලි සර වැදීමෙන් 47ක්, අනාරක්ෂිත වගා ළිංවලට ඇද වැටීමෙන් 18ක්, දියේ ගිලීමෙන් 15ක්, දුම්රියේ ගැටීමෙන් 14ක්, වෙනත් අනතුරුවලින් 05ක්, මහා මාර්ගවලදී සිදුවූ අනතුරුවලින් 03ක්, විෂ ශරීර ගතවීමෙන් 01ක් සහ ස්වාභාවික හේතූන් නිසා 217ක් වල් අලින් මිය ගොස් ඇත.
අලි මිනිස් ගැටුම් බහුලව සිදුවූ කලාප ලෙස වයඹ මහවැලි නැගෙනහිර අනුරාධපුර සහ දකුණු වන ජීවී කලාප හඳුනාගෙන ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 16/2 , Sri Dewananda Road, Nawinna, Maharagama
Colombo
00200