Ananda College Fans

Ananda College Fans

Share

Ananda College Original Fan Page Since its inception in the year 1886 by Col. Ananda College has been the enlighten of many national heros of the country.

26/03/2020

Another Anandian serving the nation at its most critical time..

Credits to the original writer..
රටක් ආදරය කරන සොඳුරු පොලිස් නිළධාරියා - ගරු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා 💙

🔵 " මගේ හීනය තිබුනේ වෛද්‍යවරයෙක් වෙන්න. දෙවෙනි පාරත් ලිව්වා.ඒත් කැම්පස් යන්න ලකුණු මදි උනා. ඒ අතරේ තමා මැච් ගහන කාලේ මට නරක පුරුද්දක් තිබුනා ගෙදරට හොරෙන් සිගරට් බොන..😌 ඉතින් පත්තරේ බලන්න කියලා යනවා, ගමේ තිබුනා පාන් බේකරියක්,එතනට ගිහිල්ලා සිගරට් බොනවා.ඒ බේකරියට අහම්ඹෙන් ලැබුන අයදුම්පතක් නිසා තමා මට පොලිසියට එන්න අවස්ථාව ලැබෙන්නේ. හැබැයි දුම්පාන නවත්වලා අදට අවුරුදු 30 කට වැඩි..💙

ඒ ඔහුගේ සුන්දර මතක ආවර්ජනයයි..

🔼 අජිත් රෝහන නම් සොඳුරු මිනිසා ගේ උපන්ගම අවිස්සාවෙල්ල කොස්ගම, කම්පැල්ල නම් ගම්මානයයි. සහෝදරයන් තිදෙනෙක් හා සහෝදරියන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහලා වූයේ ඔහුයි.තම පියා ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ ලිපිකරුවෙක් ලෙස සේවය කල අතර ආදරණීය මව මේ සියලු නිවසේ උතුම් කාර්යභාරය ඉටුකල තැනැත්තිය වූවාය.💙

🔼 පුංචි අජිත්ගේ මුල්ම පාසල වූයේ කම්පැල්ල කනිශ්ඨ විද්‍යාලය වූ අතර ඔහු ද්විතීයික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ය.කොළඹට එන පුංචි අජිත්ට සමාජ පරිසරය ප්‍රවනවතා ඉන් ඔබ්බට ගිය සෑම දෙයක්ම අවබෝධ කරගන්න රුකුලක් වන්නේ ද එනිසාය. ඔහු ක්‍රීඩා වලට යොමු නොවූ විභාග වලට පමනක් හා ප්‍රියතම දේ වූයේ කතික තරඟවලට සහභාගී වීම ආනන්දීය අධ්‍යාපනයේ ලැබූ පන්නරය විය..ඉන් ලැබූ ජයග්‍රහනද බොහොමයක් අද ඔහුගේ කථිකත්වය ට ජීවමාන සාක්ශි දරනවා නිසැකය..💙

🔼 1985 වසරේදී මුල්වතාවට අපොස උ.පෙළ ජීව විද්‍යා අංශයෙන් අඛන්ඩව දෙවෙනි වරටත් විශ්ව විද්‍යාල යෑමට වරම් නොලැබීමත් ,පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමිමත් නිසා තම සහෝදර සහෝදරියන්ගේ වගකීම් තම වගකීමක් කර ගැනිමට තම වෛද්‍ය සිහිනය අත් හැර වෙනත් රැකියාවකට යොමුවිමට තරුණ අජිත් තීරණයක් ගන්නේ එවන් පසුබිමකය.

🔵 " මම ගෙදරට හොරෙන් සිගරට් බොන්න යනවා ගමේ තිබුන පාන් බේකරියට.පත්තරේ බලන්න යනවා කියලා ඒහෙ යන්නෙ.හැබැයි අදට අවුරුදු 30 ක් ඒ සියලුම දේවල් අත් හැරලා 💙. මේ අතර තමා මට යාලුවෙක් දවසක් කියන්නේ පොලිස් කොස්තාපල් තනතුරට කැඳවලා,දාමුද අපිත් එහෙනම් කියලා.ඉතින් රැකියාවක් හොයන අතරේ ඒ අවස්ථාවක් කරගෙන, ඒ දවස්වල කොස්ගම පොලිසියට පාන් දුන්න බේකරියේ මාමා ඒ අයදුම්පත එක්ක තවත් අයදුම්පතක් පොලිසියෙන් ඉල්ලගෙන එන්නේ ඔය අතර..ඒ අනිත් අයදුම්පත " උප පොලිස් පරීක්ශක තනතුර ". ඉතින් ඒ අයදුම්පත සතියක් විතර බේකරියෙම තිබිලා තමා මට හිතුනේ අයදුම්පත සම්පූර්ණ කරන්න..ඒ ප්‍රථිපලයක් විදියට තමා 1988 මාර්තු 15 ශ්‍රීලංකා පොලිසියේ උප පොලිස් පරීක්ශකවරයෙක් විදියට සේවයට එකතු වෙන්නේ..💪

🔼 වර්ශ 1988 ට තම පුහුණුවෙන් පසු උප පොලිස් පරීක්ශකවරයෙක් ලෙස මුලින්ම සේවා ස්ථානය ලෙස තංගල්ල ප්‍රදේශයට පැමිණෙන රෝහන, අම්බලන්තොට, තිස්සමහාරාම යන ප්‍රදේශවල ද රාජකාරී කරයි.ඔය අතරතුර තම හිනය වූ උපාධි සිහිනය සැබෑ කරගැනීමට පොලිසිය හා සම්බන්ධ නීති ක්ශේත්‍රයෙන් උපාධිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන්නේ ඉන් අනතුරුවය..

🔵 " පොලිසියට ගියත් උපාධියක් ගන්න ඕනම කියලා හිතුනා ඒ නිසා තමා නීති උපාධිය තෝරගත්තේ.හැබැයි ප්‍රවේශ විභාග 10 ක් මම ෆේල් උනා අවුරුදු කිහිපයක්ම.කාර්යබහුල වීම නිසා වගේම විදෙස් පුහුණුවලට සහභාගි වීම නිසා.මම අවුරුදු 10 ක් කොළඹින් පිට හිටියා ඒත් මම පුලුවන් උපරිමයෙන් පාඩම් කරලා 2007 දී LLB නීති විභාගය සමත් උනා.2008 නීතීවරයෙක් විදියට දිවුරුම් දුන්නා.2009 දි කොළඹ වි.වි.මගේ පශ්චාත් උපාධිය නීතීවේදයෙන් 2012 දී සම්පූර්ණ කළා.💙

💕 ප්‍රේමය හා ආදරණීය පවුල

"හැමෝටම වගේ පාසල් සමයෙත් ආදර සම්බන්ධතා තිබුනා.හැබැයි මට මගේ ජීවිතයේ සාර්ථකම කෙනා හම්බ උනා.අපේ විවාහය යෝජිත විවාහයක්. ඇය අදටත් දරු දෙදෙනෙකුගේ මවක් ලෙසත් ආදරණීය බිරිඳ ලෙසත් අදත් විශාල කැපකිරීමක් කරනවා. මම පැය 18 ක් වගේ රාජකාරි කරන පුද්ගලයෙක් අතිශය කාර්යබහුල ලෙස.ඒත් ඇය ඒ සියල්ල ඉවසමින් මට අදටත් ශක්තියක් වෙනවා..

🔵" මට ඇත්තටම නිවාඩුවක් තියෙන්නේ සෙනසුරාදා විතරයි.මාධ්‍ය ප්‍රකාශක විදියට කටයුතු කරනකොට උදේ 4 ඉඳලා රෑ 11 වෙනකම් මාධ්‍යට උත්තර දෙන්නඕන. ගෙදරද කොහෙද තැන අදාල නැහැ ගෙදර අයට උදේම ඇහෙන්නෙත්..කීයක් මැරිලද, කීයක් තුවාලද,කොහෙද බොඩි එක, ගන්ජා කුඩු නඩුඕවා තමා නිතරම ඇහුනේ.බිරිඳදරුවන් සියලු දෙනාම මම වෙනුවෙන් ඒ කරන කැපවීම දන්නේ මම විතරයි 💕

🔼 විටෙක ඔහු නිසා සිනහ වූ අයුරු ඔබට මතක් වනවා ඇත.අජිත් රෝහණ නම් මේ ශ්‍රේෂ්ඨ නිළදරුවා තම ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් යුධබිම තම දායකත්වය දැක්වූ අභිමානවත් නිළධාරියෙකි.2000 සැප්තැම්බර් අජිත් රෝහන මහතා ඉලක්කකර එරාවුර් සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කරන කාලයේ තම ජීවිතය උදුරා ගැනීමට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාරයකින් 13 දෙනෙකු තුවාල ලබමින් ජීවිත හානි නොවී බේරෙන්නේ දෛවයේ වාසනාවට විය හැක.💙

🔼 ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් වීමෙන් කලකට පසු බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් විශිෂ්ඨ සේවාවක් කල ඔහු නැවතත් කොරෝනා මර්ධන මෙහෙයුම වෙනුවෙන් තම රාජකාරිය මහජනතාව හා යුහුසුලු සම්බන්ධතා ගොඩනගමින් ආරම්භ කර අවසන් ය.

🔼 විටෙක නීතීවේදයේ තර බවත් , විටෙක සොඳුරු වූ සිනහවත් , හරි අපූරූ වාග් විලාසයත් හෙබි ඔහු නොනිදා නිදි වරමින් covid19 පුන්චි රටෙන් මර්ධනය කිරීමේ මෙහෙයුමේ සක්‍රීයව කටයුතු කරන මේ මොහොතේ

🔼 පරගැත්තන් උපහාස අපහාස කලත් ශ්‍රී ලාංකීය අපට අජිත් රෝහණ නම් ජේය්‍යශ්ඨ පොලිස් නිළධාරීවරයා ගෞරවයක් ය..

⏩ නුදුරු දවසක පොලිස්පතිවරයා වනවා නම් එයද රටේම ආදරණීය මොහොතක් බලාපොරොත්තුවක් වනවා නොඅනුමානය..
DIG (ATT.OF LOW.) MR.AJITH ROHANA
ඔබට සුභ අනාගතයක් වේවා සර් 🙏

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


P De S Kularatne Mawatha, Colombo 00100
Colombo

Opening Hours

Monday 07:15 - 13:30
Tuesday 07:15 - 13:30
Wednesday 07:15 - 13:30
Thursday 07:15 - 13:30
Friday 07:15 - 13:30