PEO SPORTS

PEO SPORTS

Share

ක්‍රීඩාව වෙනුවෙන්ම...

13/04/2026

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද,

ලක් මෑණියන් රනින් සරසන
සතුට සාමය සහ ජයග්‍රහණයන් පිරුණු

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!

13/04/2026

ජයසිංහ සහෝදර සහෝදරියන් 20න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාවලියේදී කිරුළු පළඳියි

මෑතකදී අවසන් වූ සමස්ත ලංකා වයස අවුරුදු 20 න් පහළ පැසිපන්දු ශූරතාවලියේදී මෙතික ජයසිංහ සහ බිනුති ජයසිංහ විශිෂ්ට දස්කම් දැක්වූ අතර, ශූරතාවයන් දිනා ගනිමින් සහ අදාළ කාණ්ඩවල කීර්තිමත් වටිනාම ක්‍රීඩිකාව (MVP) සම්මාන දිනා ගත්හ.

2026 අප්‍රේල් 8වැනිදා සිට අප්‍රේල් 11වැනිදා දක්වා පැවති මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව පුරා සිටින දක්ෂතම තරුණ පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ දක්ෂතා ඉදිරිපත් විය. බාලිකා අවසන් මහා තරඟය අප්‍රේල් 10 වැනිදා පැවති අතර, පසුව පිරිමි අවසන් මහා තරඟය අප්‍රේල් 11වැනිදා පැවැත්විණි.

කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරමින් බිනුති ජයසිංහ, ලකුණු 25 ක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කම් දක්වමින්, බාලිකා අවසන් මහා තරඟයේදී තම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. ඇයගේ පැසි පන්දු තාක්ෂණික හැකියාවත් පිටියේ ඇයගේ ආධිපත්‍යයත් ඇයට MVP සම්මානය ලබා දුන් අතර, ඇය ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවක් ලෙස සනිටුහන් විය. විශේෂයෙන්, ඇය වයස අවුරුදු 17 න් පහළ ක්‍රීඩිකාවක් වන අතර ඇය වයස අවුරුදු 20 න් පහළ මට්ටමින් තරඟ කළ අතර,මෙම නිසා ඇයගේ ජයග්‍රහණය තවත් ප්‍රශංසනීය විය.

පිරිමි තරඟයේදී, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කල මෙතිකා ජයසිංහ, වයස අවුරුදු 20 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස තම කණ්ඩායම මෙහෙයවීය. තරඟාවලිය පුරාම ආදර්ශමත් නායකත්වයක් සහ ස්ථාවර කාර්ය සාධනයක් පෙන්නුම් කරමින්, ඔහු තම කණ්ඩායම අවසන් තරඟයේදී ජයග්‍රහණය කරා මෙහෙයවීය. මෙතිකා පාසල් පැසිපන්දු ක්‍රීඩාවේ කැපී පෙනෙන වාර්තාවක් අත්කර ගෙන ඇති අතර, ඔහුගේ වයස් කාණ්ඩයේ සියලුම ශූරතා එක පරාජයකින් තොරව දිනා ගැනීමට ඔහු සමත් වී ඇත.

මෙතිකා සහ බිනුති යන දෙදෙනාම යොවුන් නායක භූමිකාවන් ද දරා ඇති අතර, ඔවුන්ගේ නායකත්ව ගුණාංග සහ ඔවුන්ගේ අදාළ කණ්ඩායම් සඳහා ඔවුන්ගේ ඇති වැදගත්කම තවදුරටත් ඉස්මතු කිරීමට සමත් විය.

මොවුනි දෙදෙනාගේ ශූරතාවයන් සහ MVP ගෞරව දෙකම ලබා ගැනීමේ ඔවුන්ගේ ද්විත්ව ජයග්‍රහණය කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර එය ඔවුන්ගේ කැපවීම, විනය සහ විශිෂ්ටත්වය පිළිබිඹු කරයි. මෙම ජාතික මට්ටමේ තරඟයේදී ජයසිංහ සහෝදර සහෝදරියන්ගේ සාර්ථකත්වය, ශ්‍රී ලංකා පැසිපන්දු ක්‍රීඩාවේ අනාගතයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට ඇති හැකියාව පැහැදිලි බව නොඅනුමානයි.

13/04/2026

ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුවට චමරි අතපත්තු

ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පත් කර තිබෙනවා.

ලොව ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ගැටලු සහ සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කරන ලෝක ක්‍රිකට් සංගමයේ උපදේශක කමිටුවට මෙවර පත් කළ එකම ශ්‍රී ලංකීක ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව චමරි අතපත්තු වීමත් කැපී පෙනෙනවා.

මෙම උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින් අතරට ඔස්ට්‍රේලියා ටෙස්ට් නායක පැට් කමින්ස්, ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ නවසීලන්තයේ ඩැරල් මිචෙල්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ඇතුළත් වනවා.

13/04/2026

මතීෂ පතිරණගේ ශාරීරික යෝග්‍යතාව තහවුරුයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ (Fitness Tests) සාර්ථකව සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු කඩිනමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සමඟ එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ක්‍රීඩා පිටියෙන් තාවකාලිකව ඉවත්ව සිටි මතීෂ පතිරණ, මේ වන විට අවශ්‍ය සියලුම ශාරීරික යෝග්‍යතා ඇගයීම් සම්පූර්ණ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මතීෂ පතිරණ කොල්කටා නයිට් රයිඩර්ස් (Kolkata Knight Riders) කණ්ඩායම නියෝජනය කරනු ඇති.

13/04/2026

උසෙන් බෝල්ට්ගේ වාර්තාවත් බිඳ දමමින් Gout Gout ලෝක වාර්තාවක් තබයි

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 200 ඉසව්ව තත්පර 20කට වඩා අඩු කාලයකින් නිම කරමින් ලොව මවිත කිරීමට යොවුන් ක්‍රීඩක ගවුට් ගවුට් (Gout Gout) සමත්ව තිබෙනවා.

ගවුට් ගවුට් මීටර් 200 ඉසව්ව තත්පර 19.67 කින් නිම කරමින් පිට පිටම දෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු මීටර් 200 ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

මෙම දක්ෂතාවත් සමඟ ඔහු සුපිරි ධාවන ශූර උසෙන් බෝල්ට් සහ එරියන් නයිටන් සතු කර තිබූ වයස අවුරුදු 20න් පහළ (Under 20) ලෝක වාර්තාව බිඳ දමමින් නව ලෝක වාර්තාවකට හිමිකම් කියනු ලැබුවා.

මෙහිදී ඒඩ්න් මර්ෆි (Aidan Murphy) ද තත්පර 19.88 කින් තරගය නිම කළ අතර, ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක සටහන් කළා.

ගවුට් ගවුට් තත්පර 20 සීමාව (Sub-20 barrier) පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයෙකු ලෙස ද ඉතිහාසයට එක් වූ අතර මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසෙන් බෝල්ට්ගෙන් පසු ලෝක මලල ක්‍රීඩා පිටියට බිහි වූ සුවිශේෂීම දක්ෂතාව ගවුට් ගවුට් බවයි.

11/04/2026

🔴 Live - Inaugural Annual 50 Over Cricket Encounter - D.S. Senanayake College vs St. Anthony’s College'

11/04/2026

ඔලිම්පික් නාමයෝජනා භාර ගැනීම අද අවසන්

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණ‍යට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (11) පස්වරු 4ට අවසන් වේ. ජාතික ඔලිම්පික් කමිටු කාර්යාලයේදී නාම‍යෝජනා භාර ගැනීම සිදුවන අතර‍, නාමයෝජනා සම්බන්ධ විරෝධතා භාර ගැනීම මේ මස 17 වැනිදා දක්වා සිදු කෙරේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ඇතුළු නිලවරණ කමිටුව නිලවරණ කටයුතු මෙහෙයවනු ලබන අතර, එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හර්ෂ අමර‍සේන හා පිය‍සේන රණසිංහ යන මහත්වරු කටයුතු කරති. නිලවරණය මේ මස 25 වැනිදා පස්වරු 4ට ඔලිම්පික් නිවහ‍නේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණ‍යට අදාළ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 32ක් තිබුණද, ජිම්නාස්ටික්, මේස පන්දු, බොක්සිං හා පාපැදි යන සංගම්වල පවතින අර්බුද හමුවේ වලංගු ඡන්දදායකයන් ගණන 28කට සීමාවී ඇත. ඔලිම්පික් කමිටුවේ ඡන්ද හිමි ක්‍රීඩා සංගම්වල නියෝජිතයින්ට සභාපති, උප සභාපති තනතුරු 4ක්, ලේකම් හා භාණ්ඩාගාරික, නියෝජ්‍ය භාණ්ඩාගාරික, නියෝජ්‍ය ලේකම් හා විධායක කමිටු සාමාජික තනතුරු 3ක් වෙනු‍වෙන් නාමයෝජනා ලබාදිය හැකිවේ.

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය අප්‍රේල් මස 30 වැනි දිනට පෙර අනිවාර්යයෙන් පවත්වන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපතිවරයා වෙත ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇති අතර, ඒ අනුව නිලවරණ කමිටුව පත් කර ගැනීම පසුගියදා පැවැති විශේෂ මහා සභා රැස්වීමකදී සිදු වුණි.

වසර අටක් අඛණ්ඩව සභාපති තනතුරේ සේවය කිරීමෙන් පසු, වත්මන් ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට සංශෝධිත ක්‍රීඩා පනතට අනුව යළි තරග කිරීමේ අවස්ථාවක් නැත.

11/04/2026

''ලෝක කුසලානය තිබ්බේ ලංකාවේ, අපිට Semi Final එන්න බැරි වුණා. පුහුණුකරු හැටියට මට සෑහෙන වේදනාක් තියෙනවා..."

11/04/2026

නුවන් තුෂාර අධිකරණ ක්‍රියාමාර්ගයෙන් පසුබසී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමුව ඇති වේගපන්දු යවන ක්‍රිඩක නුවන් තුෂාර අදාළ ගැටලුව ක්‍රිකට් පරිපාලනය සමග සමථයකට පත්කර ගැනීමට සූදානම් වන බවට වාර්තා වනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයට සිය කණගාටුව පළකරමින් ඒ පිළිබඳ දැනුම්දීමක් කර ඇති බවයි.

අදාළ පැමිණිල්ල පසුගියදා කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට විරෝධතා දැක්වීමට ඉඩ ලබා දෙමින් කල් තැබුවා.

මෙවර IPL තරගාවලියේදි රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමට ක්‍රිඩා කිරිමට විරෝධතා නොමැති ලිපියක් තමන්ට ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණයට මෙම පැම්ණිල්ල ගොනු කර තිබුණා.

10/04/2026

One day. One shield. One champion!

Watch the 'LUKE SHIELD; One Day Encounter of St. Benedict's College and Wesley College' in true HD quality | 11th Apr. at 9.00 AM | LIVE | On PEO SPORTS 3 HD (CH.325) & SD (CH.152) on SLT-MOBITEL PEOTV & PEO MOBILE

Download the PEO MOBILE app now:
https://www.peomobile.com/apps

10/04/2026

A historic first clash begins!

Watch the 'Inaugural Annual 50 Over Cricket Encounter - D.S. Senanayake College vs St. Anthony’s College' in true HD quality | 11th Apr. at 9.00 AM | LIVE | On PEO SPORTS 1 HD (CH.323) & SD (CH.150) on SLT-MOBITEL PEOTV & PEO MOBILE

Download the PEO MOBILE app now:
https://www.peomobile.com/apps

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo 01
Colombo