The Noble Path
May you all atain Nibbana !! � � �
30/04/2020
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් වූ විහාරයෙහි වැඩ වසන සේක. ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ් මෙයින් ආත්ම පහකට පෙර මව වූ එවකට පේත ආත්මයේ ඉපිද සිටි එක්තරා පේතියක් අරභයා මෙය වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ වේළුවන වෙහෙර වැඩ වසද්දීම සාරිපුත්‍ර, මොග්ගලාන, අනුරුද්ධ, හා කප්පින නම් වූ ආයුෂ්මතුන් වහන්සේලා ද රජගහ නුවරට නුදුරු එක්තරා ආරණ්‍යයක වැඩ වාසය කරන්නෝ ය. මේ කාලයෙහිම බරණැස් නුවර සියල්ලෙන් පිරි මහා සම්පත් ඇති මහා ධනවත් බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට, දුගී මගී යාචකයනට, බැගෑපත් ලෙස සිඟමන් ඉල්ලා එන්නන්ට පිපාසය නිවන සිහිල් දිය පිරි මහා පැන් පොකුණක් සේ, ආහාර පාන, වස්ත්‍ර සයනාසන ආදිය දීමෙහි යෙදුනේ වෙයි. එසේ දෙනු ලබන්නේ ද පැමිණි පැමිණි අයට ඒ ඒ කාලයට සුදුසු වන පරිදිය. සුදුසු දේමය. අවශ්‍ය වනුයේ පා දෝනා පැන් වන්නේ ද, පාගල්වන තෙල් වන්නේ ද, ඖෂධ වේද එයම දෙන්නේ ය. ආහාර පාන, ගිමන් නිවාලන හල්, අවශ්‍ය වේ ද ඒවා දෙයි. පෙරබත් කල්හි නම් මැනවින් සකස් කොට පිළියෙළ කළ ආහාර භික්ෂුවට පූජා කරන්නේ්ය. මෙසේ පිළිවෙළින් ඒ ඒ අයට උචිත උචිත දේ වශයෙන් සියල්ල නො අඩු කොට සකස්කොටම දුන්නේ වෙයි.
යම්කිසි කාරණයකට මොහු බැහැරට යන්නේ නම් මේ සියලු දාන කටයුතු සිය බිරිය වෙත පවරන්නේ කරගෙන ආ පිළිවෙළ හා දානවිධි නො ඉක්මවා පවත්වා ගෙනයන ලෙස අවවාද කරමින්ය. ඇය ද, මැනැවැයි පිළිගන්නීය. වරක් මෙසේ ඔහු ඉවත්ව ගිය විටක පළමුකොට පෙර බතට වඩින භික්ෂූන් වහන්සේගේ දානය ඇය නවතාලීය.
ගමන් වෙහෙස නිවා වාසය පිණිස පැමිණි මගින් හට තම ගෙය පිටුපස හැරදමා තිබූ දිරාගිය ශාලාව පෙන්වා එහි නිදා ගනිවු යැයි කීවාය. සාගිනි ඇත්තවුහට තෙපි අශුචි කාපියව් ද පිපාසා ඇත්තහුහට තෙපි මුත්‍ර බීපියවු ද, ලේ බීපියවූ ද ආදී වශයෙන් යම් පිළිකුල් සහගත දේ ඇද්ද ඒ ඒ දේම කියමින් අමිහිරි නපුරු වචනම කියන්නී ය.
මෙසේ වූ ඇය නොබෝ කලකට පසු මිය ගොස් කරන ලද අකුසල කර්ම බලයෙන් (හිස මත තිබූ බරක් බිම තැබුවා සේ) පේත යෝනියෙහි උපත ලැබුවා ය. තමා කළ, ක්‍රියාවන්ට අනුව මෙහි දුක් අනුභව කරන්නේ කවරකුගේ පිහිට ලැබේදැයි පෙර උපත් බලා ආයුෂ්මත් සාරිපුත්‍ර තෙරුන් වහන්සේ වෙත එලඹීමට සිතා වැඩ සිට ඒ විහාරය වෙතට ගියා ය. එවිට විහාරයට අධිගෘහිත දේවතාවෝ ඇයගේ ඇතුල්වීම වළකාලුහ. ඇය මෙසේ කියන්නී. මම ආර්ය වූ සැරියුත් තෙරුන් වහන්සේ ගේ පෙර ජාති මවක්මි. තෙරුන් වහන්සේ දකින්නට, මට ඉඩ හරි වූ යැයි ඉල්ලා සිටියා ය. ඒ ඇසූ දෙවියෝ ඇයට යාමට අවසර දුන්හ. මෙසේ විහාරයට වන් ඇය සක්මන් කෙළවර වැඩ සිටි සැරියුත් තෙරුන් වහන්සේට තමන් දැක්වීමට සැලැස්වීය.
පේතිය දුටු සැරියුත් තෙරුන් වහන්සේ, ඔබ නග්නය, දුර්වර්ණය, කෘශය, ඉල්පුණු නහරින් යුත් සිරුර ඇත්තීය. ඉල්පුණු ඉළ ඇටින් හා සිරුරෙන් යුතුව මෙහි සිටින ඔබ කවරෙක් වන්නී ද?
පේතිය පිළිතුර දෙන්නී
(ස්වාමීනි) මම මින් පෙර ජාතියක (අනෙක් පස්වන ජාතියෙහි) ඔබගේ වැදු මව වීම්. පව්කොට පේත ලෝකයෙහි උපන් මම සා පිපාසයෙන් පෙළෙන්නේ වෙමි. වමනයෙන් හා කිවිසීමෙන් හටගත් මළ ද, කෙළ සොටු හා සෙම ද, දවන මළ සිරුරුවළ වුරුණුතෙල් හා වැදු ස්ත්‍රීන්ගේ පහව යන ලේ ද, වණ ඇත්තවුන්ගේ මෙන්ම, හිස් හා නාසයාදී (අගපසඟ) කැපුවන්ගේ් යම් ලෙයක් වේ. නම් එය ද ස්ත්‍රී පුරුෂ ශරීර ආශි‍්‍රත අපවිත්‍ර දේ ද අනුභව කරමින් කල් ගෙවන්නෙමි ය.
ඉන්පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇගේ වචනයට කන්දි මුගලන් මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ හා කප්පිත මහරහතන් වහන්සේ යන මහ රහතන් වහන්සේට මේ පිළිබඳ දැනුම් දී කුටියක් සාදා සිව් දිශාවෙන් වඩින මහා සංඝරත්නයට පූජා කොට ආහාරපාන ආදියත් මහා සංඝරත්නයට පූජා කොට ඒ පින ඒ මැණියන්ට අනුමෝදන් කළ සේක. එසැණින්ම ඇගේ සිරුර පිරිසිදු වී පවිත්‍ර වස්ත්‍රවලින් සැරසුණු අතර ඒවා කසී සළුවලටත් වඩා උසස් වූ අතර ඉන්පසුව ඇය සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැසීමට පැමිණියාය. ඉන්පසුව මහ රහතන් වහන්සේට ඇය දකින්නට ලැබුණේ සෑම දිශාවකින්ම බබළන ඕෂධී තාරුකාවක් මෙනි. ඇයට එවැනි දිව්‍යමය තත්ත්වයක් හා බැබළීමක් ලැබුණේ සැරියුත් මහරහතන් වහන්සේ සිදුකරන ලද පින අනුමෝදන් වීමෙනි.
ඇතැම් අය සිතාගෙන සිටින්නේ තමන් කොයි ආකාරයෙන් ජීවත් වුවත් සිදුවන විශේෂ අයහපතක් නැති බවයි. එහෙත් ශාරිපුත්ත මහ රහතන් වහන්සේට මීට පෙර භවයක මැණියන් වූ තැනැත්තියටත් මෙවැනි භයානක ඉරණමකට මුහුණදීමට සිදුවූවා නම් අප ගැන කවර කතාද? එතුමිය ගලවා ගැනීමට එදා සාරිපුත්ත තෙරුණ් වහන්සේ වැඩ සිටියා වුවත් අද අපව ගලවා ගන්නේ කවුද?
28/05/2019
ධර්ම සේනාධිපති සාරිපුත්ත තෙරුන් වහන්සේ මෙසේ දේශනා කල සේක🌹🌷🌺🌼🏵️💐
සාධු` සාධු` සාධු` උන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
18/04/2019
“නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසංකරොන්ති, අපරිමිත පානභෝජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙන්ති” යනුවෙන්,
1. නැති වූ දෙය නො සෙවීම ය,
2. දිරූ දෙය අලුත් නො කිරීම ය,
3. පමණක් නැති ව කෑම් බීම් කිරීම ය,
4. දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයකු හෝ ප්‍රධාන්වයෙහි තැබීම ය,
යන කරුණු සතර පොහොසත් පවුල් වැටීමේ හේතු යයි තථාගතයන් වහන්සේ වදාළ සේක.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I
08/04/2019
06/04/2019
මෙලොව ජය ගන්නා ස්ත්‍රිය
“චතු හි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො ඉධ ලොක විජයාය පටිපන්නො හොති, අයං ලොකො ආරද්ධො හොති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සුසංවිහිත කම්මන්තො හොති සංගහිතපරිජනො, භත්තුමනාපං චරති, සම්භතං අනුරක්ඛති
මෙය තථාගතයන් වහන්සේ විසින් විශාඛා මහා උපාසිකාවට වදාරන ලද්දකි. මනාකොට කළයුතු දෑ කිරීම ය, පිරිවර ජනයාට සුදුසු පරිදි සංග්‍රහ කිරීම ය, සිය සැමියා සතුටු වන පරිදි හැසිරීම ය, හිමියා සපයන ධනය ආරක්ෂා කර ගැනීම ය යන කරුණු සතරින් යුක්ත ස්ත්‍රිය මෙලොවව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියක් වන බව එයින් ප්‍රකාශිත ය.
(1) ආහාර පිසීම, මැසීම, ගෙතීම, ගේ දොර අලුත්වැඩියා කිරීම, කැඩුම් බිඳුම් සකස් කිරීම, පරණ බඩු අලුත්වැඩියා කර ගැනීම, රෝගීන්ට සාත්තු කිරීම යනාදි ගෙයක ස්ත්‍රිය විසින් සිකු කළ යුතු දේ අනලස ව මනා කොට සිදු කිරීම මෙලොව දිනීමට පිළිපන් ස්ත්‍රියගේ පළමු වන අංගය ය. ඒවා මනාකොට කිරීමට නො සමත් වූ ද අලස වූ ද භාර්යාවක් ඇති නිවස නිශ්ශ්‍රීක නිවසක් වේ.
(2) ගෙදර වැඩකරුවන් ඒ ඒ දෙය කළ නො කළ බව දැන ගැනීම, ආහාර පානාදියෙන් ඔවුනට සුදුසු පරිදි සංග්‍රහ කිරීම, ගිලන් වූ කල ඔවුනට සංග්‍රහ කිරීම, ගෙදර කටයුතුවලින් පිටතට පැමිණෙන නෑ මිතුරන්ට සංග්‍රහ කිරීම, මෙලොව ජය ගැනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ දෙවන අංගය යි. එසේ සංග්‍රහ නො කරන ගෙවල කම්කරුවෝ සැලකිල්ලෙන් වැඩ නො කරති. සමහර විට ඒ ගෙය ද හැර යෙති. යම් යම් අවස්ථාවල දී උපකාරයට පිටතින් පැමිණෙන නෑ මිතුරෝ ද නො පැමිණෙති. එයින් බොහෝ කටයුතු පිරිහේ.
(3) හිමියා සතුටු වන සැටියට හැසිරීම මෙලොව දිනීම පිණිස පිළිපන් ස්ත්‍රියගේ තුන්වන අංගය ය. බිරිඳ එසේ නො හැසිරෙන කල හිමියා ධන සැපයීම් ආදියට පසුබට වේ. අන්‍ය ස්ත්‍රීන් ඇසුරු කරන්නට හෝ පටන් ගනී. එයින් ඒ පවුල පිරිහේ.
(4) හිමියා සපයන ධනය පරෙස්සම් කර ගැනීම මෙලොව යහපත පිණිස ස්ත්‍රීන්ගේ සතර වන අංගය යි. භාර්යාව පමණ ඉක්මවා වියදම් කරන්නියක් වුවහොත් ඒ පවුලට දිළිඳුකමින් නැඟී සිටින්නට නුපුළුවන් වේ.
පරලොව ජය ගන්නා ස්ත්‍රිය
“චතූහි ඛො විසාඛෙ, ධම්මෙහි සමන්නාගතො මාතුගාමො පරලොක විජයාය පටිපන්නො හොති, පරො ලොකො ආරද්ධෝ හෝති. කතමෙහි චතූහි? ඉධ විසාඛෙ, මාතුගාමො සද්ධා සම්පන්නො හොති, සීල සම්පන්නො හොති, චාග සම්පන්නො හොති, පඤ්ඤා සම්පන්නො හොති”
ශ්‍රද්ධාවෙන් යුක්ත වීම ය, ශීලයෙන් යුක්ත වීම ය. දෙන ස්වභාවය ඇත්තියක් වීම ය, නුවණින් යුක්ත වීම ය යන මේ කරුණු සතර පරලොව ජය ගන්නා පිණිස පිළිපන් ස්ත්‍රියගේ අංගයෝ යයි එයින් ප්‍රකාශිත ය. දෙලොව ජය ගැනීමට හේතු වන අංග අටින් යුක්ත වූ කාන්තාව මෙලොව ප්‍රීතියෙන් වාසය කොට මරණින් මතු “මනාපකායික” දෙවියන් කෙරෙහි උපදින්නී ය.
මතු සම්බන්ධයි!
රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘බෞද්ධයාගේ අත්පොත’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
මෙම ලිපි මාලාවේ පෙර පල කල ලිපි කියවීමට පිවිසෙන්න: https://goo.gl/n2is5I
24/03/2019
🌸1. ශ්‍රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.එබැවින් ශ්‍රද්ධාවෙන් දන් දෙත්වා.
2. සකස්කොට දන් දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹු දරුවන් ස්වාමි පුත්‍රයන් දැසි දස්සන් ලැබේ.( එබැවින් දෙන දෑ සකස්කොට දීමට පුරුදු වන්න. )
3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලැබේ.
4. ලෝභයකින් තොරව දන් දීම හේතුවෙන් හොඳ ආහාර පාන, යාන වාහන, ගේ දොර ආදිය පරිභෝග කිරීමට සිත නැමෙනු ඇත.ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
5. තමාද අන් අයව වෙහෙසට පත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අකීකරු දුදනන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ.
සත්පුරුෂ පින්වතුනි, තවත් දාන සතරක විපාක ධර්මයෙහි මෙසේ සඳහන් වේ.( ධම්මපදට්ඨ කථා : 46 පිටුව )
1. තමන්ගේ ධනයෙන් දන් දෙන අතර අන්‍යන් ඊට සහභාගී කර නොගනී.ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නොලැබී යයි.
2. තම ධනය වියදම් නොකොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ ධනයෙන් දන් දීම හේතුවෙන් මතු ධන සම්පත් නොලැබෙන අතර පිරිවර සම්ප්ත් ලැබේ.
3. තමාද දන් නොදෙන අතර දෙන දානයට සහභාගී නොවීම හේතුවෙන් මතු ධන සම්පත්ද පිරිවර සම්පත්ද යන දෙකම නොලැබේ.
4. තම ධනය යොදා අන් අයද ඊට සහභාගී කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙකම ලැබේ. මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo