Government Radiological Technologists' Association
page of GRTA
28/05/2026
28/05/2026
" මට තියෙන්නේ හමේ ලෙඩක්නෙ.. ඇයි මේ පපුවේ
X-ray එකක් ගන්නේ? "
"මට පපුව රිදෙන්නේ නෑ කැස්සත් නෑ එහෙම තියෙද්දී ඇයි පපුවේ X-ray එකක් ගන්නේ?
Chest X-ray ගැනීමට ආව රෝගියා ටිකක් තරහෙන් වගේ ඇහුවා.
විකිරණ තාක්ශණවේදීන් ලෙස අපට රෝගීන්ගෙන් නිතරම යොමුවෙ@න ප්‍රශ්නයක් තමයි මේ.
බොහෝ දෙනෙක් හිතන්නේ Chest X-ray එකක් ගන්නේ පපුවේ අමාරුවක් තිබුනොත් විතරයි කියලා.
ඒත් ඇත්තටම Chest X-ray එකක් අවශ්‍ය වන අවස්ථා අපි දැන් බලමු.
Chest X-ray එකෙන් ප්‍රධාන ලෙස බලන්නේ
➡️පෙනහළු
➡️හදවත
➡️උරස් කුහරයේ අස්ථි
➡️ශ්වසන මාර්ගය
➡️උරස් කුහරය අභ්‍යන්තරයේ වෙනස්කම්
Chest X-ray ගන්නේ ඇයි?
01)ශල්‍යකර්මයකට පෙර (Pre OP)
ශල්‍යකර්මයකට පෙර රෝගියාගේ පෙනහළුවල සහ හදවතේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්වයෙන් පවතිනවාද බලන්න Chest X-ray ගන්නවා. විශේෂයෙන් නිර්වින්දනය(සිහි නැතිකිරීමට) කිරීමට පෙර Chest X-ray පරික්ෂා කොට බලනවා.
02) හදිසි අනතුරු/වැටීම්
පපුව රිදෙන්නේ නැති වුණත් ඇතුලත හානි සිදු වී තිබිය හැකියි විශේෂයෙන් RTA (Road Traffic Accident) වලදී ඉළ අස්ථි බිදී යාමෙන් උරස් කුහරයේ අභ්‍යන්තර අවයව (පෙනහළු ආදී ) වලට හානි සිදු වී තියෙන්න පුළුවන් එමගින් ඇතිවන හානි හදුනා ගැනීමට Chest X-ray ගන්නවා.
03) ක්ෂය රෝග පරික්ෂාව TB (Tuberculosis)
04) දිගුකාලින රෝග තිබෙන විට
දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග වලින් දිගු කාලීනව පෙළෙන රෝගීන්ගේ පෙනහළු හෝ හදවතේ වෙනස්කම් ඇති වී අත්දැයි බැලීමට වෛද්‍යවරයා විසින් Chest X-ray එකක් නියම කිරීම බොහෝ අවස්ථාවල සිදුකරනවා.
05) ශල්‍යකර්මයකින් පසු ( Post OP)
බයිපාස් ( Coronary Artery Bypass Grafting), Pacemaker, MWA (Microwave Ablation) වැනි හදවත් සැත්කම් වලින් පසු එම රෝගීන්ගේ තත්වය පරික්ෂා කිරීමට Chest X-ray ගන්නවා.
06) IC (Intercostal) tube, CV (Central Venous) line, Central Venous Catheter (CVC)නිවැරදිව ස්ථානගත වී ඇතිද බැලීමට Chest X-ray අවශ්‍ය වෙනවා.
07) වෛද්‍ය පරීක්ෂණ
Medical Fitness Test වලදී Chest X-ray අවශ්‍ය වෙනවා.
☢️ දැන් අපි අද කතා නායකයා වුණු මා මුලින්ම සදහන් කළ රෝගියාගේ ගැටළුවට පිළිතුර බලමු.
ඔහුගේ හමේ රෝගයට Chest X-ray එකක්?
රෝගියාගේ X-ray request form එක කියවා බැලු මට එහි clinical history කොටසෙහි රෝගියාට පොතුකබර (Psoriasis) රෝගය වැළඳීඇති බවටත්, ඒ සඳහා ලබාදෙන MTX (Methotrexate) නමැති ඖෂධය ලබාදීමට පෙර යනුවෙන් වෛද්‍යවරයා සදහන් කර ඇති බව දුටුවා.
මෙවැනි රෝගීන්ට එම ඖෂධය නිර්දේශ කිරීමට පෙර වකුගඩු වල, අක්මාවේ ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කෙරෙන රසායනාගාර පරීක්ෂණ වගේම Chest X-ray එකකුත් බොහෝවිට වෛද්‍යවරයා නියම කරන්න පුළුවන්.
සරලවම කියනවා නම් Chest X-ray එක අනුව මේ රෝගියාට ඉහත ඖෂධය ලබා දීම සුදුසුද නැද්ද කියලා වෛද්‍යවරයාට තීරණය කිරීමේ හැකියාව පවතිනවා.
ඉතින් අපි රෝගියාට තේරුම් ගන්න පුළුවන් විදිහට කෙටි පැහැදිළි කිරීමක් සිදු කිරීමෙන් පස්සේ හිතේ සැකයකින් තොරව Chest X-ray එක ලබා ගන්න ඔහු එකඟ වුණා.
අවසානයේ මට කියන්න තියෙන්නේ ඔබේ වෛද්‍යවරයා විසින් Chest X-ray එකක් නිර්දේශ කළාම, X-ray එකක් කියලා බය වෙන්නවත්, පපුව රිදෙන්නේ නෑ කියලා එක්වරම ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබට සිදු කරන පරීක්ෂණ ගැන ගැටළුවක් තිබේ නම් එය විමසා දැනගැනීම ඔබේ අයිතියක්.
රුවිනි වීරසූරිය
විකිරණ තාක්ෂණවේදී
ශ්‍රී ලංකා ජාතික රෝහල
කොළඹ 10
09/05/2026
Contrast CT/ ඩයි පරීක්ෂණයට ඔබ බිය විය යුතුද?
➡️අද අප රෝහලට පැමිණි රෝගියෙක්
➡️ඔහුට Contrast Abdoman CT Scan එකක් කරන්න කියලා යොමු කරලා තිබුණත්,
Fb එකේ කියවපු ලිපියක් නිසා ඔහු බොහොම බය වෙලා හිටියා
" මේ ඩයි එක දුන්නම මැරෙන්න වුනත් පුළුවන් ගොඩක් dangerous නේද කියලා ඔහු ඇහුවා
💫එහෙම බය වෙන්න ඕනිද කියලා අපි සරලව බලමු
➡️ Contrast CT scan කියන්නේ මොකද්ද?
CT scan එකක් කියන්නේ ශරීරයේ අභ්‍යන්තරය හොදට පැහැදිලිව බලන්න X ray කිරණ මගින් සිදු කරන විශේෂ පරික්ෂාවක්
" contrast" කියන්නේ රුධිර නාල, අවයව වගේ දේවල් තව පැහැදිලිව පෙන්වන්න ලබාදෙන දියරයක් කියලා හිතන්නකෝ
ඇත්තටම අවධානම තියෙනවද?
➡️ බහුතර රෝගීන්ට මේක ආරක්‍ෂිතයි
➡️සමහර දෙනාට පොඩි Allergic reactions ඇතිවෙන්න පුළුවන්
➡️බොහොම අඩුවෙන් (very rare) අවධානම් allergic reactions ඇතිවෙන්න පුළුවන්
➡️ඒ අවධානමට අපි සුදානම් වෙලා ඉන්නේ කොහොමද?
➡️scan එකට කලින් ඒ ගැන සම්පුර්ණ විස්තර ඔබට පැහැදිලි කිරීමෙන් පසු පරීක්ෂණ යට කැමති කියලා ඔබෙන් ලිඛිත සටහන ක් (consent form) ගන්නවා
➡️ scan එකට කලින් ඔබේ රෝග ඉතිහාසය පරීක්‍ෂා කරනවා
➡️ ඔබට ආහාර වලට, බෙහෙත් වලට ආසත්මිකතා තියෙනවද කියලා අහනවා
➡️දියවැඩියා, රෝගීන් ගැන වැඩි අවධානයක් යොමු කරන අතර වකුගඩු වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කරනවා
➡️ඒ වගේ ආසාත්මිකතා තිබුණත් එම නිසා ඇති විය හැකි සංකුලතා වැලක්විමට ( premedication)
ඔබේ doctor විසින් නියම කරනවා
➡️scan එකට පෙර පැය 6ක් වැනි කාලයක් ඔබව නිරාහාරව තියනවා
ඉතින් මේ වගේ ආරක්‍ෂිත පියවර අනුගමනය කරාට පස්සේ තමයි ඔබව contrast ct පරීක්ෂණය සදහා යොමු කරන්නේ
➡️scan එක වෙද්දී පළපුරුදු කාර්යමණ්ඩලයක්, emergency medicines ready✅
➡️ඇත්තටම වැදගත් දේ doctor scan එක නිර්දේශ කරන්නේ ඔබගේ රෝග නිවැරදිව හදුනාගන්න
✨ scan එකෙන් ලැබෙන ප්‍රයෝජනය අවධානමට වඩා ඉතා වැඩියි
Social media වල තියෙන හැමදේම සත්‍ය නෙවෙයි
අසත්‍ය හෝ අර්ධ සත්‍ය තොරතුරු නිසා රෝගීන් භය වෙනවා contrast ct ගැන සැකයක් තිබේ නම් ඔබේ doctor හෝ විකිරණශිල්පියාගෙන් අහන්න
අවසානයේ contrast ct scan එකක් කියන්නේ බය වෙන්න ඕනි දෙයක් නෙවෙයි එය ඔබගේ රෝගය හදුනා ගැනීමට උපකාරී වන වැදගත් පරික්ෂාවක්
රුවිනි වීරසුරිය
විකිරණශීල්පි තාක්ෂණවේදී ( ශ්‍රී ලංකා ජාතික රෝහල-කොළඹ)
රජයේ රෝහල් වල පෙට් ස්කෑන් - PET Scan පරීක්ෂණ සේවාව පසුගිය මාර්තු 27 වෙනිදා සිට සම්පූර්ණයෙන්ම අඩාලයි
Click here to claim your Sponsored Listing.
Contact the organization
Website
Address
E. W. Perera Mw
Colombo
01000