ARM Fitness Center

ARM Fitness Center

Share

We help our visitors reach their Health, Fitness & Appearance goals through information, Motivation & Supplementation.

07/04/2019

🙏🙏

Photos from ARM Fitness Center's post 07/04/2019

අපමණ ගුණ ඇති තැඹිලි........
ස්වභාව දහමේ අපුර්ව දායාදයක් ....
*************************
තැඹිලි අප අතර තිබෙන ප්‍රසිද්ධ පානයක්. එහෙත් බොහෝ දෙනෙක් තැඹිලි ගැන නොදන්නා ගුණ බොහො මයි.

තැඹිලි වර්ග ගණනාවක්ම තියෙනවා. මාස 7 ක් 8 ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියකට ලක් වෙලා නිපදවෙන තැඹිලි වතුර ජීවාණුහරිතයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නිසියම් වැනි අයන වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වාභාවික සීනි නිසාත් විශිෂ්ට ගුණ දක්වනවා.

ඒ වගේම තැඹිලි වතුර සහ එහි මදය ආහාරමය තන්තුවලින් ඉතාම පොහොසත්. මැංගනිස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් බී,. සී හා ඊ වැනි ක්ෂුද්රි පෝෂකත් මෙහි තියෙනවා. එමෙන්ම අත්ය වශ්ය අමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක ජෛව ක්රිමයාකාරී එන්සයිම වර්ග, ශාක රසායන, කාබනික අම්ල, ශාක හෝර්මෝන වර්ග වගේම හදවතට හිතකර මේදය ද මෙහි අන්තර්ගත වෙනවා.

තැඹිලි වතුර, ඇඟ නිවන ඔසුවක් ලෙස අපගේ දේශීය වෙදකමෙහිදී බහුලව යොදා ගැනෙනවා. තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා, හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එහි තිබෙනවා.

බටහිර ඖෂධ අධිමාත්රාබවකින් ශරීර ගත වුණොත් එහි විස නසන්න තැඹිලිවලට හැකියි. ආහාර වර්ගවල තිබෙන පළිබෝධනාෂක අමතර කොටස් හා ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ කොටස් නිසා සිදුවන හානි අවම කරන්නත් තැඹිලි වතුර භාවිත කරනවා.

දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ද තැඹිලි වතුර පානය කිරීම ඉතාම වැදගත්. තැඹිලි වතුර අපේ ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් අඩුකරන්නත්, හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් හේතු වන අතර, එහි පොටෑසියම් වැඩි සාන්ද්රැණයකින් අඩංගු වන නිසා හදවත රකින විශිෂ්ට ආහාරයක් ද වනවා.

තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතු වන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්රාතිඔක්සිකාරකවලින් ද පොහොසත් බව සොයා ගෙන තිබෙනවා. තවද එහි සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවණ වර්ග තියෙන නිසා, ලිංගික සරු බවට සහ මඳ සරු බව දුරු කරන්නත් හොඳ ඖෂධයක්.

මහලු අයට වගේම ඝන ආහාර දිරවීම අපහසු රෝගීන්ට ලබාදෙන්න පුළුවන් විශිෂ්ට පෝෂණිය පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ.

මවු කිරිවල තිබෙන ලෝරික් අම්ලය තැඹිලි වතුරෙහි ද අඩංගුවන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ගුණදායකයි. ගර්භණි මවුවරුන්ද තැඹිලි වතුර පානය කිරීම ඉතා සුදුසුයි.

ශරීරය අධිකව වෙහෙසට පත්වන අවස්ථාවලදී සහ විජලන තත්ත්වයන්වල දී තැඹිලි වතුර පානය කිරීමෙන් විස්මිත ගුණ ලැබේ.

උපුටා ගැනිමකි
උපදෙස් පෝෂණවේදී -විශේෂඥ වෛද්ය් රේණුකා ජයතිස්ස,
සැකසීම - හෙලබෝජුන් Team

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No. 517/A, Koswatta Road, Aggona
Colombo
16913

Opening Hours

Monday 05:00 - 23:00
Tuesday 05:00 - 23:00
Wednesday 05:00 - 23:00
Thursday 05:00 - 23:00
Friday 05:00 - 23:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00