Keells Careers

Keells Careers

Share

A John Keells Group company and the leading supermarket chain in Sri Lanka... Join our dynamic team.

06/01/2026

2017 වසරේදී, WHA ලෙස Keells ආයතනය හා සම්බන්ධ වූ නිලුපුල් නිර්මාන්, මේ වන විට තඹුත්තේගම එළවළු හා පළතුරු එකතු කිරීමේ මධ්‍යස්ථානයේ කළමනාකරු ලෙස සේවය කරයි.

ගොවි මහත්වරුන් සමග සම්බන්ධ වෙමින් නැවුම් එළවළු හා පළතුරු එකතු කිරීම, ඒවා තෝරාගැනීම සහ පාරිභෝගික අවශ්‍යතාවය අනුව වෙළඳසැල් වෙත බෙදාහැරීම ඔහුගේ ප්‍රධාන වගකීම් වේ. Keells ආයතනයෙන් ලද අත්දැකීම් හරහා, ආර්ථික සහ සමාජීය වශයෙන් ඉහළ ප්‍රගතියක් අත් කරගැනීමට ඔහුට හැකි වී තිබේ.

03/12/2025

2018 වසරේදී Cashier ලෙස Keells ආයතනයට සම්බන්ධ වුණු තමිල්වානන් රොශානා, පසුව කළුබෝවිල ශාඛාවේ Supervisor ලෙස වසර 04ක් ද, ඩුප්ලිකේෂන් ශාඛාවේ Executive ලෙස තවත් මාස 08ක් ද සේවය කළාය. ඇය, මේ වන විට ගම්සභා ශාඛාවේ Manager ලෙස කටයුතු කර යි.
ශාඛාවේ තොග පරීක්ෂාව, ශාඛාව නිසි වෙලාවට විවෘත කිරීම සහ දෛනික මෙහෙයුම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම රොශානා සතු වගකීම් වේ. කැපවීම මෙන්ම, Keells වෙතින් ලද සහයෝගයත් සමග , ඇගේ වෘත්තීය ගමන්මග තුළ, ඉදිරියට පැමිණීමට ඇයට හැකි වී තිබේ

30/10/2025

නදීශ නිර්මල Keells Head Office එකේ L&D Department එකේ Assistant Manager – Learning & Development ලෙස සේවය කරයි. ඔහුගේ වගකීම් අතර Internal promotions overlook කිරීම, recruit කරන කාර්ය මණ්ඩලය guide කිරීම, පුහුණු අවශ්‍යතා හඳුනාගෙන ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ. ඔහු යටතේ 8 දෙනෙකුගෙන් යුතු team එකක් සේවය කරන අතර, Outlet Staff එකේ Knowledge, Performance gaps සහ ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා සැලකීම ඔහුගේ ඔහුගේ එදිනෙදා වගකීම් අතරට අයත් වේ. තවද Keells කියන්නේ Growth, Learning, සහ Career progression සඳහා structured environment එකක් ලබාදෙන ආයතනයක් බව ඔහු විශ්වාසයෙන් පවසනවා.

11/09/2025

අනුපමා ගුණසේකර Keells ආයතනයට HR Partner කෙනෙක් ලෙස සම්බන්ධ වී, අවුරුදු දෙකහමාරකින් පසු Cluster HR Manager ලෙස promote වුණා. අද වන විට ඇය වසර 4ක් පුරාවට branches 10කින් යුතු region එකක් manage කරනවා.

Cashier සිට Chefලා දක්වා සියළු සේවකයින්ගේ training, development, evaluation, සහ outlet-level facilities implement කිරීම ඇයගේ මූලික වගකීම් අතරට ඇතුළත් වෙනවා. මේ සඳහා ඇයගේ යටතේ HR partnersලා 10ක් සේවය කරන අතර, ඔවුන්ව guide කිරීම සහ performance evaluation ක්‍රියාත්මක කිරීමද ඇය overlook කරනවා.

Keells පිළිබඳව ඇය කියන්නේ, මෙය career growth සහ development opportunities සපයන, structured career path එකක් සහිත ආයතනයක් බවයි. Performance අනුව ඉදිරියට යාමට හොඳම chance එකක් Keells තුළ ඇතැයි ඇය විශ්වාසයෙන් පවසනවා.

Photos from Keells Careers's post 01/09/2025

2025 ජුලි මස 25 වෙනි දින JKH අන්තර් සමාගමේ රග්බි 7’s 2025 තරගාවලිය කොළඹ CR & FC තරග පිටියේදී පැවතුණි.සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින් මෙම තරගාවලිය සෑම වසරකම පැවතෙන අතර කණ්ඩායම් අතර සහෝදරත්වය ප්‍රචලිත කිරීමද මෙවැනි තරගවලින් සංවිධානය කිරීම තුලින් බලාපොරොත්තු වේ.

මෙම රග්බි තරගාවලියට සමගාමිව තවත් තරග වටයන් සුදානම් කර තිබු අතර ටැග් රග්බි තරගාවලියක්ද පැවතුනි.එහිදී එම ටැග් රග්බි අවසාන පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට JMSL ටැග් රග්බි කණ්ඩායමට අවස්ථාව හිමි වුණි.

කෙසේ වෙතත් අඛණ්ඩව තෙවන වරටත් JMSL රග්බි කණ්ඩායමට මෙවරත් Ken Balendra Challenge Trophy එක තමා සතු කර ගැනීමට හැකියාව ලැබුණි.

13/08/2025

2014 වසරේ මම කීල්ස් ආයතනයට Management Trainee කෙනෙක් විදියට සම්බන්ධ වුනා. රැකියාව ආරම්භයේදී ම මම Keells Supermarket හි කටයුතු කලා. ඉන් පසුව මම මානව සම්පත් අංශයට මාරු වුන අතර, ආයතනයේ විවිධ අංශ වල කටයුතු කරන්න ලැබීම නිසා වටිනා අත්දැකීම් බොහොමයක් ලබාගන්නට හැකියාව ලැබුනා.

ඉන් පසුව, ආයතනය තුල නව ව්‍යාපාර ඒකකයක් ලෙස විවෘත වූ Keells Distribution Centre හී Learning & Development අංශයෙන් කටයුතු කරගෙන යාමට මට අවස්ථාව උදා වුනා. දැනට මම Senior Executive – Learning & Development වශයෙන් කටයුතු කරගෙන යන අතර, L&D කණ්ඩායම සම්බන්ධව කටයුතු කිරීම මගේ ප්‍රධාන වගකීමයි.

අප ආයතනය සමග එකතු වෙන Traineesලට අවශ්‍ය මූලික පුහුණු කිරීම්, ඔවුන්ට උසස් තනතුරු වලට අවශ්‍ය දැනුම හා කුසලතා දියුණු කිරීම L&D අංශයේ ප්‍රධානතම වගකීම වෙනවා. ඔවුන්ගේ රැකියා හීන සාර්ථක කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම හා සහාය ලබා දීම සඳහා මම කැපවීමෙන් කටයුතු කරනවා.

මේ වන විට, අපේ ආයතනයට අයත් Keells Outlet 141ක් පමණ පවතින අතර, එම Outlet වලට අවශ්‍ය පුහුණු කිරීම් සහ අනෙකුත් Distribution යන විෂයට අදාළ පුහුණුකිරීම් කටයුතු මගේ ප්‍රධාන වගකීමයි.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


240, Vauxhall Street
Colombo
0200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00