Colombo Guru Tours

Colombo Guru Tours

Share

Ceylon Guru Tours is the one of a private tour company in srilanka started in 2009. We are a fast gro http://www.ceylongurutours.com

14/11/2023

මේ page එකට 1.1k followers ලා ඇවිත් තියෙන නිසාත්, මේ පේජ් එක ගැන කවදාවත් මම හැඳින්වීමක් දීල නැති නිසාත් අද මට හිතුනා කතාකරන්න.

අත්කම්, චිත්‍ර වගේ කලාවට බර ගොඩක් දේවල් වලට පොඩිකාලෙ ඉඳන්ම මම ආසයි, වින්ටේජ් ලුක් එකට, රස්ටික් ෆීල් එකට, බොහීමියන් ෆීල් එකට මම ආසයි.

මට හිතෙන්නෙම ලාදුඹුරු මුහුවෙච්ච, කහපාට තමා අත්කම් කලාවේ පාට. කලාවට තිබ්බ ආදරේ තමා මෙහෙම අද පොඩි අත්කම් ව්‍යාපාරයක් වුනේ.

මුලින්ම මම 2017 දී තමයි bracelets ගොතන්න ගත්තේ, ඒක මට ආතල් එකක්, refreshing feeling එකක්, මුලින්ම කටුබැද්ද kzone එකේ shop එහෙකට තමා විකුනන්න දුන්නේ,මට යාලුවෙකුත් උපරිම උදව් කරා, ඉතාම සුලු ගානකට දුන්නේ. ඒකාලෙ නමක් තිබුනෙ නෑ, බිස්නස් එහෙකුත් නෙමෙයි ඒක ආසාවක්.

පස්සෙ කාලෙක කැම්පස් යද්දි ඒක අතෑරුනා, ඒ කාලෙ මට තිබුනෙ බයික් පිස්සුවක්, පරණ යකඩ ගොඩවල් එක්ක ඔට්ටු උන ලස්සන කාලයක්. කොහොමත් මම කරපු උපාධිය එක්ක මගේ hobby එක අහසට පොලොව වගේ.

ආයෙ කොරෝනා කාලෙදි තමයි ඇත්තටම නමක් එක්ක මේ business එක පටන් ගත්තේ etsy seller කෙනෙක් විදියට,

මේක boring වෙන්න පුලුවන්, ඒත් මේක මගේ බිස්නස් එකේ කතාව ❤.

මට මතකයි කොරෝනා කාලෙ ගෙදර ඉද්දි උදේ නැගිටලා වැඩ කරනවා එක අයිටම් එකක් ඩොලර් 5යි කියලා හිතාගෙන, ඇත්තටම මගේ බිස්නස් එකට අවශ්‍ය හැමදේම හැදුනෙ මගෙ අතින්මයි.

ලෝගෝ එක, ස්ටිකර්ස් ටික, business card ඔක්කොම design කරා මං,
කොටුවේ ඇවිදල ඇවිදලා කොල හොයාගෙන ඇවිත් කපලා බෑග් හදලා අයිටම් එකත් මම හදලා wrap කරලා post කරන තැනට වෙනකම් ඔක්කොම මමම කරා, ඒක මට මහන්සියක් නෙමේ, මම ඒකට කොච්චර ආසද කියල දන්නෙ මම විතරයි ❤.

ඇත්තටම සමහරක් යාලුවෝ, සහොදරයෝ මට උපරිම උදව් කරා, උන් තමා මගෙ මොඩෙල්ස් ලා, photographers ලා, සමහර වෙලාවට බිස්නස් එන්නෙත් උන් නිසාමයි ආදරෙයි ❤.
මේ ටික ලියන්න මම දැනටත් මහ ලොකු achievement එකක් කරලා නැතත්, මම මේ ටික ලියන්න ඕන.
ඉතාම සුලුවෙන් පවා ගෙදරට බරක් නොවී කැම්පස් කාලයෙන් 3/4ක් ම මට හයියක් වුනේ මේ පුංචි ව්‍යාපාරය, විශ්වාස කරලා මගෙන් මිලදී ගත්ත අයට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මං.

මම හදන product මම personally use කරනවා, මම අදටත් දාන මාලෙ මම දැන් අවුරුදු එකහමාරක් එක දිගට දාන්නෙ, bracelet එකත් එහෙමයි. හොඳම material, හොඳම තැන්වලින් අරන් හදන්නෙ නැත්නම් ඇත්තටම මට සැටිස් නෑ, සමහරවිට ඒක කස්ටමර් ට ප්‍රශ්නයක් නොවුනත්, මට බාල material, use කරන්න හිතෙන්නෙ නෑ, කොටින්ම knot එකක් මිසක් glue එහෙකින් bracelet එකක් finish කරන්න හිතෙන්නෙ නෑ.

මෙතන තියෙනවා වගේ දෙගුනයක් මේ photo එකෙන් එලියෙ තියෙනවා. මේ ඔක්කොම.පොඩියට මම එකතුකරපු materials, මට විශ්වාසයි ලංකාවෙ කොහෙවත් නැති material මං ගාව තියෙනවා, මම දන්නවා තව මේ වගේ genuine ම material ගෙනත් තමන්ගෙ ව්‍යාපාරය කරන අය ඉන්නවා, ඒක තමා ව්‍යාපාරයක quality එක තීරණය කරන ප්‍රධාන මිනුම.

මම හදන හැමදේම හරි ලස්සනයි, කියල ඒ ගැන ආඩම්බර වෙන, අගේ කරන,මාව motivate කරන partner කෙනෙක් ලැබුන එකත් ඒ vibe එක තේරෙන මනුස්සයෙක් ලැබුන එකත් මාර වාසනාවක්. එයා තමයි මගේ හොඳම marketing partner.

ඒ වගේම පවුලෙ අය, විශේශයෙන් අම්මා තමයි මගේ girls ලට තියෙන items test කරන්නෙ, ගෙදරට කවුරුහරි ආවම පුතා හදපුවා කියල පෙන්නන්න අම්මයි තාත්තයි දෙන්නම ආසයි. අක්කා වගේම සහෝදරයොත් මල්ලිත් (මූ තමා දැන් කොටුවෙ යන්නේ, බෑග් හදන්නෙ) කලින් කිව්වා වගේ විවිධ භූමිකාවලින් මට උදව් කරනවා.

යාලුවෝ තමා මේකේ ආරම්භයේ ඉඳලා හයියට හිටියෙ, උන් තමා පලවෙනි ඕඩර් එකේ ඉඳන් ගෙනාවෙ,page up කරේ, මොඩෙල්ස් ල වුනේ, photo ගහන්නම මං එක්ක places හොයන් ගියේ.

ඒ වගේම මගෙ items ගත්තු, ආයෙ ආයෙ මට ඕඩර් දීපු, අදටත් නිතරම මගෙන් items ගන්න, හොඳ review දෙන, අගය කරන මගේ customers ලා නිසයි මේ ව්‍යාපාරය නොවැටී තිබුනේ.

මේ හැමෝටම හදවතින්ම ස්තූති වෙනවා,
මම මට ස්තූතිවන්ත වෙනවා මේක අතනොහැර තාම අල්ලන් ඉන්න එක ගැන, ගොඩ ගියා නොගියා,මේ කාලපරිච්චේදය,මම ආස දේ කරපු, විඳපු කාලය හැමදාටම ශක්තිමත්ම මතකයක් වේවි ❤.
තමන් ආස දෙයක් කරන එක තරම් සතුටක් මනුස්සයෙක්ට තියෙනවද?

ස්තූතියි මේඛල
Mahima Bimsara

හෑල්ල ඉවරයි.

21/09/2023

Gangarama temple 🙏

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


96/1/B, Kitthampahuwa, Wellampitiya
Colombo
0080