Damitha Wickramasinghe

Damitha Wickramasinghe

Share

ශ්‍රී ලංකාවේ ප්‍රගමණයට උපරිම කැපවූවෙක් වෙමි...

09/05/2026

ඔත්තේ-ඉරට්ටේ NPP නෑම

රටේ ඇතිවෙලා තියන තෙල් අර්බුදය විසදන්න QR ඇතුලු 76 වසරක ශාපය ගෙනාපු ආණ්ඩු ක්‍රියාත්මක කල විවිධාකාර උපක්‍රම මේ ආණ්ඩුවත් ගෙනල්ලා තියනවා. හැබැයි 76 වසරක් කිසිම ආණ්ඩුවකට බැරි වුනු මේ ආණ්ඩුවටම ආවේනික වුනු දේ නම් ඔත්තේ උනත් ඉරට්ටේ උනත් දිනපතා සුපිරියට කරන එකම දෙය නාන නෑම බව නම් දැන් පැහැදිලි.

අද ලියමනේ ප්‍රධාන මාතෘකාවට කලින් තෙල් මිල ගැන ඉතිහාසයේ යමක් කියන්න අවශ්‍යයි. අද මේ ජනතාවදී කියන ආණ්ඩුව කරනවා වගේ තෙල් මිලේ උපරිම බර ජනතාවටම පැටෙව්වා නම් එදා ගෝඨාභය ජනාධිපතිවරයාටත් අර්බුදය කලමණාකරනය කරන්න ලේසියෙන් තිබුනා. එවක තෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මට පෞද්ගලිකවම කියලා තියනවා ගෝඨාභය ඉන්ධන මිල වැඩි කරන්න දක්වපු විරෝදය. අන්තිමට කොහොම හරි එකග කරගත්තට පස්සේ උවයිස්ට රෑ 12ට කතා කරලා වැඩි කරන්න එකග වුන භූමිතෙල් (දුගීම ජනතාව පාවිච්චි කරන) මිල වැඩි නොකරන්න අණ කරපු විදිය. එහෙම ජනතාව ගැන හිතන නායකයන් ගහලා පන්නලත් මදිය. අද දුප්පතුන්ගේ වීරයන්, සමාජ සාධාරණ විරුවන් හොම්බෙන් යන්නම තෙල් මිල වැඩිකරලා තියන කොට ඡන්දය දීපු නොදීපු හැමෝටම පුනරුදේම ලබනවා. අද 18% වැඩිවෙන විදුලි බිලත් උතුරේ දකුණෙ සදිසාවේ හැමටම සනීපයක් ගෙන දෙනවා.

මේ ආණ්ඩුව දවස ගානේ හොරකමත් වැඩබැරි කමත් උපරිමෙන් පෙන්වන එක නම් ඇත්තටම ඔත්තේ ද ඉරට්ටේද කියලා අදාල නැත. ගල් අගුරු, කන්ටේනර්, ඩීසල්, බොරතෙල් ඇතුලු එකී මෙකී අර්බුද දිනපතා වෙනත් කිසිම ආණ්ඩුවකට තිබ්බේ නැත. භණ්ඩාගරයේන් ඩොලර් මිලියන 2.5 නැත්නම් රුපියල් කෝටි 80ක් අතුරුදන්ය. තැපෑලෙන් ඩොලර් ලක්ශ 6ක් වෙනත් පාර්ශවයකට ගෙවලා, මාර්ග සංවර්ධන අධිකාරියේ ඉදන් අස්වැසුම දක්වා ඩබල් පේමන්ට් කරලා. මාලිමාවේ පාලනය තිබෙන සභාවක උප නගරාධිපති කෙනෙක් පගාව ගන්න ගමන් අතේ මාට්ටුය. මේ අතරේ ඒ වංචා දූෂණ වලට අදාල නිලධාරින් අත්භූත ලෙස ජීවිතක්ශයට පත්වෙනවා.

ඔය අතරේ පැලවත්ත පැත්තේ ගුටි කෙලියකින් ආධ්‍යාත්මික නායකයෙක් අම්බානක ගුටි කාලා ඉස්පිරිතාලේ ගිය කතාවකුත් යනවා. ආතතිය වැඩිවෙන්න වැඩිවෙන්න ආණ්ඩුව කඩන් වැටෙන්න වැටෙන්න ගුටි කෙලි තව ඉස්සරහටත් වෙන්න පුලුවන්. ඒවට ප්‍රතිකර්ම විදියට දැන් ඉතුරු වෙලා ඉන්න 3% ඩෝබියෝ ටික 21 පොලකට ඇදලා රැස්වීම් කරාට හරියන්නේ නෑ කියලයි කියන්න තියෙන්නේ. ඔච්චර ෂුවර් නම් පලාත් සභා ඡන්දය තියන්න කියලා JVP ආණ්ඩුවට අභියෝගය කරන්නත් කැමතියි.

අවසාන වශයෙන් රටේ ජනතාවට කියන්න තියෙන්නේ පහත ඉංග්‍රීසි වැකිය තේරුම් අරන් දැනට පහන් සංවේගයට පත්වෙන්න කියලයි.

"Good judgement comes from experience but experience comes from bad judgement"

"හොද තේරීම් කරන්න පුලුවන් අත්දැකීම් අනුසාරයෙන්ය හැබැයි අත්දැකීම් ලැබෙන්නේ කරන වැරදි තේරීම් අනුසාරයෙන්ය"

මම,

දමිත වික්‍රමසිංහ
BSc IT (AUS), MBA (UK), HD in IR (BCIS)
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්

16/04/2026

දඩුවම් මුදලාලි Part 2

කාලෙකට ඉස්සර දකුණු පලාතේ දඩුවම් මුදලාලි කියලා පොලී මුදලාලි කෙනෙක් හිටියා. පොරගේ පොලී ගෙවන දවසට එක්තරා බැංකුවක දඩුවම් පෝලිම කියලා එකකුත් තිබ්බා කියලා කතාවක් තිබ්බා. පස්සේ සල්ලි දාපු ඔක්කොටම තඩි දඩුවම් පොල්ලක් වැදිලා මුදලාලිටත් දඩුවම් දීලා ජීවිතෙන් සමුගන්න උනා කියලයි අහන්න ලැබුනේ.

මට මේ කතාව මතක් උනේ ලගදි මගේ රට ඉන්න යාලුවෙක් මුණ ගැහුනු වෙලාවක මිනිහා කියපු කතාවෙන්. පොර කිව්වේ කිසිම විදියකට මේ ආණ්ඩුවට වැටෙන්න නොදී ඉතුරු අවුරුදු 3 ත් යන්න දෙන එක තමයි නියමම දඩුවම කියලා.

මෑන්ගේ තර්කය අනුව අපේ රටේ අහිංසක මිනිස්සු NPP එකෙන් ගිල්ලපු බොරු වලට දඩුවමක් එහෙම නැත්තං පාඩමක් ඉගෙන ගන්නම ඕනේ කියලා. හොරු ඇල්ලිල්ලේ ඉදන් චිචීගේ රොකට් එක දක්වා මේ පචයෝ සෙට් එකෙන්ම නිර්දෝශී වෙන එක විතරක් නෙමෙයි මේ වැඩ බැරි කමින් අද පත්වෙලා තියන අමාරු කාලය තව අවුරුදු 2ක් යනකොට ඉස්මුරුත්තාවටම යන්න දෙන්න ඕනේ කියලා. එතකොට ඡන්දය දීපු මිනිස්සුම ප්‍රතිඵල පාරට බැහැලා දෙයි කියලා.

මම තර්ක කලේ මේ JVP නාගන්න විදියට කාට ආණ්ඩුව තියා ගන්න ඕනේ උනත් ආණ්ඩුවටම දාලා දුවන්න වෙනවා කියලා. එතකොට රට නිවැරදි කිරීමේ වගකීම ගන්න එක රට වෙනුවෙන් ගන්න ඕනේ වගකීමක් බව කියලයි.

ගල් අගුරු ඉදන් කන්ටේනර් 300 දක්වා මේ ආණ්ඩුව දැන් අනාගෙන ඉවරයි. ඉන්ධන අර්බුදයට හෝ ඉදිරියට එන විදුලි අර්බුදයට මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ. මැදපෙරදිග යුද්ධය හරහා සංචාරක කර්මාන්තයට හා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේශණ වලට දැඩි බලපෑමක් එනවා. ඒකෙන් ලොකු ඩොලර් අර්බුදයක් ඇතිවෙන්න නියමිතයි. අවුරුදු කිරි ඉතිරිල්ලේ දී ජනාධිපති සහෝදරයාගේ මූණේ තිබ්බ ආතතිය දැක්කා නම් ඒක පැහැදිලියි. මේ අර්බුද සියල්ල එක්ක වැඩිවෙන ජීවන වියදම එක්ක කන්න නෙමෙයි ලෙවකන්න වත් නැති වෙන පාටක් පේන්න තියෙන්නේ. ජාත්‍යන්තරය ආයතනයක් කල සමීක්ශණයකට අනුව රටෙන් 33% ක් තුන් වේල පිරිමහ ගන්න බැරි තත්වයකට අද පත්වෙලා.

ඉතින් හොරු අල්ලලා, බස් එකෙන් වැඩට යන ඇමතිලා ගෙනල්ලා නිකං වගේ කන්න බලන් ඡන්දය දීපු මිනිස්සු අද දැඩි දඩුවම් පෝලිමේ බව තමයි කියන්න තියෙන්නේ.

ඉතිං ඒකට reverse දඩුවම් දෙන පෝලිමට මිනිස්සු එකතු වෙන කාලය වැඩි ඈතක නැත. ඒක ඡන්ද පෝලිමක්ද අරගල පෝලිමක්ද කියන්න දැන්ම කල් වැඩිය.

මම,

දමිත වික්‍රමසිංහ
BSc IT (AUS), MBA (UK), HD in IR (BCIS)
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo