epuwath.com

epuwath.com

Share

ePuwath – Your trusted source for real-time news in Sri Lanka. Delivering local and international updates in Sinhala and English.

19/06/2025

පහරකෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින් කොළඹ මහනගර සභාවට තේරීපත් වූ උළුවඩුගේ සඳමාලි මහත්මිය⁣ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) කොළඹ ජාතික රෝහලට පැමිණියේය.

කොළඹ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය සඳහා සඳමාලි මහත්මිය පසුගිය සඳුදා (16) සහභාගිවීමෙන් අනතුරුව නිවස බලා යමින් සිටියදී නාදුනන පිරිසක් විසින් ඇයට පහර දී තිබේ.

පහරකෑම නිසා තුවාල ලැබූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරනු ලැබීය.

05/06/2025

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.

අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය.

උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගියදා වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණි.

අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo