Expo Trails
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Expo Trails, Business service, 65 Dharmapala Mawatha, Colombo.
28/12/2021
ගොඩක් අය අහනවා ඩ්‍රොප් ශිපිං කියන්නේ මොකද්ද කියලා. කරන්නේ කොහොමද කියලත් අහුවා. දන්න දෙයක් කියලා දෙන්න මමත් ආසා නිසා ඔන්න ඒ ගැන ලියන්න හිතුනා.
සරළව කියනවා නම් ඩ්‍රොප් ශිපිං කියන්නේ එක තැනකින් භාණ්ඩයක් අරන් ලාභයක් තියාන තව තැනක විකුණන සීන් එකක්.
මේක කරන්න පහසුම ප්ලැට්ෆෝම් දෙක තමයි ඇමසන් සහ ඊබේ. ඇමසන් එකෙන් ලාබෙට ගන්න තියන දෙයක් ඊබේ එකේ පොඩි ලාභයක් තියාන විකුණන එක තමයි ඔන්න හොදම උදාහරණේ ඩ්‍රොප් ශිපිං වලට.
මේක කරන්න නම්,
1. ඊබේ ගිණුමක් තියෙන්නෙ ඕනෑ
2. මුදල් ගන්න පුළුවන් විදියට හදාගත්ත පේපෑල් ගිණුමක් තියෙන්නෙ ඕනෑ.
3. ඇමසන් වල ගිණුමක් තියෙන්න ඕනෑ
4. ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන්නත් ඕනෑ
5. සම්පත් බැංකු ගිණුමක් තියෙන්න ඕනෑ
මුලින්ම කරන්නේ අපි ඊබේ වල හොදට සේල් වෙන අයිටම් මොනවද කියලා ගූගල් සර්ච් එකක් දාන එක. best selling items on ebay කියලා හෙවුවාම හොදටම විකිණෙන භාණ්ඩ ටික හොයාගන්න පුළුවන්.
ඉළගට අපි එවයින් එකක් අරගෙන ඇමසන් වල මිල බලනවා. බොහෝ විට ඇමසන් වල එය ඉතාමත් අඩු මිළට ගන්න තියෙනවා.
ඊට පස්සේ අපි කරන්නේ ඊබේ එකේ ඒ අයිටම් එක ලිස්ට් කරන එක.
ලිස්ට් කරන්න කලින් හිතන්න ඕනෑ දේවල් ටිකක් තියනවා. එකක් තමයි අපි කීයටද මේ අයිටම් එක විකුණන්නේ කියලා.
උදාහරණයක් විදියට අපි හිතමු ඇමසන් එකේ අපි ගන්න අයිටම් එක ඩොලර් 50යි කියලා. දැන් මේක අපි ඊබේ වල ඩොලර් 60කට විකුණන්න දැම්මා කියලා හිතමු. එතකොට ඔයාලට හිතෙයි දැන් ඩොලර් 10ක් ම ලාභයි කියලා. නෑ. ඒක වැරදියි.
අපි යම් අයිටම් එකක් ඊබේ එකේ සේල් කරන්න දාද්දි ඊබේ එක අදාළ විකුණුම් මුදලින් 10%ක් ගන්නවා. ඒ කියන්නේ අපි අයිටම් එක විකුණන්නේ ඩොලර් 60ට නම් 6$ක් ඊබේ එක ගන්නවා. දැන් අපි ළග ඉතුරු ඩොලර් 54යි.
ඊළගට අපි මේ මුදල් ගන්න එහෙම නැත්නම් අපේ ගිණුමට ඊබේ මුදල් ගන්න භාවිතා කරන්න වෙන්නේ පේපෑල්. පේපෑල් එකත් ඒ වැඩේ නිකන් කරන්නේ නෑ. එයාලත් අපේ විකුණුම් මුදලින් සියයට 3ත් 5ත් අතර ගාණක් ගන්නවා. ඉතින් අපේ උදාහරණේ හැටියට 4$ක් පේපෑල් ගන්නවා. දැන් අපේ ඉතුරු ගාන ඩොලර් 50යි.
දැන් මුලට යමු. අපි ඇමසන් එකෙන් ගත්තේ අයිටම් එක 50$ වලට. ඒක 60ට වික්කාම අපේ අතට එන්නේ 50$ම තමයි. දැන් අර 10$ ලාභයක් නෑ නේද?
මෙතන ගොඩක් අය වරද්දගන්නවා. ඒ නිසා finalfeecalc.com වගේ වෙඩ් සයිට් එකකින් මේ ගණිත ගැටළුව විසදගන්න පුළුවන් අපේ අතට ලාභයක් එන විදියට. ඇමසන් එකෙන් 50ට ගන්න එක ඊබේ එකේ 65$ වලට සේල් කලාම අපිට 6.31$ ලාභයි. ඒක මේ සයිට් එකට ගිහිල්ලා ට්‍රයි කරලා බලාගන්න.
හරි දැන් සෙලින් ප්‍රයිස් එක ගැන අයිඩියා එකක් ඇති ඔයාලට. ඊළගට අපි හිතන්න ඕනෑ ලිස්ට් කරද්දි මොනවද කරන්න ඕනෑ විශේෂ දේවල් කියලා.
1. අපි දාන අයිටම් එකට අදාළ හොද ඉමේජ් කීපයක් හොයාගන්න ඕනෑ . ඒකට අපිට පුළුවන් ඇමසන් එකෙන් දෙන ඉමේජ්ම භාවිතා කරන්න.
2.ඊළගට අයිටම් එක ගැන තියන විස්තරයත් ඇමසන් එකේ දාල තියන විස්තරයම දාන්න පුළුවන්.
3.අයිටම් හොයද්දි ෆී ෂිපිං ද කියන එක බලන්න ඕනෑ
4. විශේෂම දේ තමයි අපි දාන නම.නම කියන්නේ අයිටම් එකේ නම.
උදාහරණ
ඇමසන් එකේ GoWISE USA 3.7-Quart Programmable Air Fryer with 8 Cook Presets, GW22638 කියලා තියන අයිටම් එක ගමු.
මේක Cook Presets එකක්. අපි ඊබේ එකේ මේ දිග නම දැම්මා කියලා අපිට කවදාවත් සේල් එකක් කරගන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි මේ නම වෙනස් කරගන්න ඕනෑ. ]
ඒක ඉතින් අත්දැකීමෙන්ම එන්න ඕනෑ දෙයක්. මම මේ අයිටම් එක සේල් දානවා නම් මම කරන්නේ මෙහෙමයි.
ඉස්සරලාම මම නමේ මිලට දානවා Cook Presets කියන කෑල්ල. ඊළගට මේකේ තියන විශේෂත්වය මොකද්ද? එකක් Air Fryer කියන එක අනික Programmable කියන එක. සාමාන්‍ය කෙනෙක්ට Programmable කියන එක වැඩක් නෑ. ඒ නිසා මං මෙතනදි Air Fryer කියන කෑල්ල ගන්නවා.
Cook Presets, Air Fryer
ඊළගට මොකද්ද මේකේ වර්ගය? GoWISE. මම ඒකත් මගෙ නමට එකතු කරගන්නවා.
Cook Presets, Air Fryer, GoWISE
මේක තමයි මගේ නම. ඕනෑ සුද්දෙක් Cook Presets කියලා ඊබේ එකේ හොයනවා මිසක් Programmable Air Fryer මුලින් හොයන්නේ නෑ.
හරි,දැන් මේක දිග වැඩිද මන්දා. ඊළගට අපි ඊබේ වල සේල් එකක් ලිස්ට් කරන විදිය බලමු. ඊබේ වල My eBay යටතේ සෙලින් කියලා ටැග් එකක් තියනවා. ඒකේ ඇතුළට ගියාම listing කියලා එකෙක් පෙනෙයි. එතන තියනවා Create listing කියලා එකෙක්. ඒකට ගියාම අපිට පුළුවන් අයිටම් එක ලිස්ට් කරගන්න.
මේක එක පාරටම කරන්න ගියාම ටිකක් පැටලෙනවා.
අවධානය යොමු කළ යුතුම දේවල් ටිකක් කියන්නම්.
1. මුලින් තියෙන්නේ අපි හදාගත්ත නම දාන්න. ඊළගට අපි ඇමසන් එකෙන් ගත්ත පොටෝස් ටික අප්ලෝඩ් කරන්න. ඊළගට ඇමසන් එකේ අයිටම් ඩිස්ක්‍රිෆ්සන් එකන් කොපි කරලා මේකට දාන්න වගේ දේවල් ටිකක්.
ඒවා ඔයාලට හිතලා කරගන්න පුළුවන්.
2. Buy It Now price කියන එක අපි අර finalfeecalc.com එකෙන් ලාභයක් එන විදියට හදාගත්ත ගාණ දාන්න .
3. Quantity එක 5ක් වගේ දාන්න. හැබැයි මෙතන පොඩි කේස් එකක් තියනවා. ඊබේ එකෙන් මුලින්ම අපිට සේල් කරන්න දෙන්නේ අයිටම් 10ක් විතරයි. ඒකත් 100$ අගයක් වෙන්න ඕනෑ. ඒ නිසා 100$ ඇතුලේ අයිටම් 10ට අඩු අණක් Quantity එක විදියට දාන්න.
4. Payment options එකට අපි දෙන්න ඕනෑ මුදල් අපිට ගන්න පුළුවන් විදියට හදාගත්ත පේපෑල් එකක ඇඩ්ඩ්‍රස් එක. දැන් තියන ප්‍රශ්නේ තමයි ලංකාවට පේපෑල් ඇක්ටුව් නොවීම. එහෙනම් අපි කොහොමද මුදල් ලබාගන්න පුළුවන් විදියට පේපෑල් එකක් හදාගන්නේ,
1. මේකට අපිට ඕනෑ සම්පත් බෑන්ක් කාඩ් එකක්. සහ ක්‍රෙඩිට් කාඩ එකක්. මොකද සම්පත් බෑන්ක් එක විතරයි පෑපෑල් වලින් මුදල් ගන්න දෙන්නේ.
2. ඊළගට අපි මේක ලංකාවේ විදියට හැදුවොත් නම් සල්ලි ගන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි පේපෑල් එක හදන්න ඕනෑ පිලිපීන් වගේ රටක් විදියට.
3. එහෙම හදද්දි අපිව වෙරිෆයි කරගන්න පේපෑල් උත්සහ කරනවා. ඒක කරන්නේ sms එකක් හරහා. ඒ නිසා අපිට පිලිපීන් වර්චුවල් ෆෝන් නම්බර් එකක් ඕනෑ කරනවා. එක නම් ගූගල් සර්ච් කරලා හොයගන්න පුළුවන්.
4.ඊළගට අපේ ක්‍රෙඩිට් කාඩ් එක මේ පේපෑල් එකට එකතු කරන්න ඕනෑ. අපේ ක්‍රෙඩිට් කාඩ් එක වැඩද බලන්න 1$ කපා ගන්නාවා හැබැයි පේපෑල් එකෙන්. ඊළගට සම්පත් බෑන්ක් කාඩ් එකත් මේකට ලින්ක් කරන්න ඕනෑ.
5. Domestic shipping වලදී අපි මොකක්හරි shipping මෙතඩ් එකක් දෙන්න ඕනෑ. ඊළගට අපි මේ අයිටම් එක ඇමසන් එකන් ගන්නේ ෆී ෂිපිං එක්ක නිසා Cost එක 0.00 ලෙසින් දාන්න ඕනෑ.
6. International shipping සහ Domestic shipping කියන දෙකම එකම විදියට හදන්න ඕනෑ.
7. Handling time එක දිනයක් හරි 2ක් හරි දාන්න ඕනෑ.
8. Exclude shipping locations කියන එකෙන් කියන්නේ අපි භාණ්ඩ නොයවන රටවල්. අවශ්‍ය නම් එම ලිස්ට් එක එඩිට් කරලා භාණ්ඩ නොයවන රටවල් නම් කරන්න පුළුවන්.
9. Item location එක විදියට අපි ඇමසන් එකෙන් බඩු ගන්නවා නම් ඇමරිකා සහ එහි city එකක් දෙන්න ඕනෑ. හැබැයි බොරු දාන්න එපා. මාට්ටු වෙනවා.
10. list item කියන බටන් එක ඔබපුවාම වැඩේ ගොඩ. ඕනෑ නම් පෝස්ට් කරන්න කලින් preview එකක් බලන්නත් පුළුවන්.
හරි දැන් ඉතින් මෙහෙම අයිටම් එකක් හෝ කීපයක් ලිස්ට් කරගත්තා කියමුකෝ. දැන් ඉතින් වාසනාව එනකන් බලාන ඉන්න ඕනෑ. සමහරවිට එක දවසින් ඕඩර් එකක් එන්න පුලුවන්. සමහරවිට සතියක් දෙකක් යන්නත් පුළවන්.ඒ අතර ඊබේ එකෙන් බලාගන්න පුළුවන් අපේ අයිටම් එක කී දෙනෙක් බලලා තියනවද කියලා.
එතනදී ගොඩක් අය බලලා නිකන් ඉන්නවා නම් අපේ මිළ වැඩි කියලා අනුමාන කරන්න පුළුවන්.එතනදී ලිස්ටිං එක එඩිට් කරලා මිල පොඩ්ඩක් අඩු කරලා බලන්න වෙනවා.
දැන් අපි හිතමු කවුරුහරි කෙනෙක් අපේ අයිටම් එක මිලට ගත්තා කියලා. දැන් කොහොමද අපි ලංකාවේ ඉදන් මේක යවන්නේ?
හරිම සරළයි. අපි ඇමසන් එකෙන් බඩු ගන්නේ. ඒක ෆී ෂිපිං. ලෝකේ ඕනෑම තැනකට. එහෙනම් ඇයි බයවෙන්නේ. ඊබේ එකෙන් අපිට ලැබුන ඕඩරේට සල්ලි ඒ ක්ෂණිකවම අපේ පේපෑල් එකට ලැබෙනවා.
ඒ මුදල් ඕනෑ නම් අපේ සම්පත් ගිණුමට ගන්න පුළුවන්. දැන් අපි ගාව මුදල් තියනවා. ඊළගට අපි කරන්න ඕනෑ ඇමසන් එකෙන් අදාළ අයිටම් එක මිළදී ගන්නවා අපේ ක්‍රෙඩිට් කාඩ් එක හරහා. අයිටම් එක අපි මිළදී ගත්තට ඒක යවන්න ඕනෑ තැන විදියට අපි දෙන්නේ අපිට ඊබේ එකෙන් ලැබුන ඕඩර් එකේ ඇඩ්ඩ්‍රස් එක.
පැහැදිලි නේද? අපි ඇත්තටම අතට බඩු ගන්නේ නෑ. අපි අතරමැදියෙක් පමණයි. ඊළගට ඇමසන් එකෙන් අදාළ කෙනාට ඕඩර් එක යවනව. අපේ ක්‍රෙඩ්ට් කාඩ් එකෙන් මුදල් කපාගන්නවා. හැබැයි එතකොට ලාභයත් එක්ක අපිට පේපෑල් එකට සල්ලි හම්බෙලා.
ඉතින් ඕඩර් එන එන විදියට ඇමසන් එකට අපි ඕඩර් දෙනවා ඩිලිවර් කරන්න කියලා. පැහැද්ලි ඇති නේද වැඩේ. නොතේරෙන යමක් තියනවා නම් කමෙන්ට් කරන්න. මේ පෝස්ට් එක තවත් කෙනෙක්ට බලගන්න ෂෙයාර් කරන්න.
එරන්ද දයවංශ
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Telephone
Website
Address
65 Dharmapala Mawatha
Colombo
00700