Creative sri lanka

Creative sri lanka

Share

හුදෙක් නිර්මාණාත්මක අදහස් සදහාම පමණී ����

11/02/2023

පවුලකට ඉස් ඉස්සල්ලම ලැබෙන්න ඕනි දුවක්..එතකොට පුලුවන් පපුවෙ තියාගෙන හදන කෙල්ල මාස තුන හතරක් යනකොට තාත්ත කියල බහ තෝරද්දි...තාත්ත සතුටින් ඉපිලෙද්දි..තාත්තයි දුවයි එකතු වෙලා අම්මට හූ හූ කියද්දි දැනෙන ඉඳිකටු තුඩේ වේදනාව විඳගන්න...

තාත්ත ගෙදර නැති වෙලාවට කෙල්ල කට උල් කරන් හිනාවෙද්දි..

අනේ යනව යන්න දැන් තාත්ත නැති නිසා එනව මෙතන හුරතල් වෙන්න..ඉන්නව නම් චාච්ච චාච්ච ගගා එයා එක්කම නට නට...ඕඕ ගගා කේලම් කිය කිය එයා නැති වෙලාවට විතරක් අම්මව හොයන නැට්ටිච්චි....කියල නෝක්කාඩු කිය කිය චූටි කම්මුල් රතු වෙන්න මිරිකන්න...
බැන බැනම කුක්කු බඩක් පොවල..මේකට විතරක් මාව මොකටද ඒකටත් තාත්තව ගෙදර තියා ගත්ත නම් හරි කිය කිය කෙල්ලට තරවටු කරන්න ( හිනා වෙවී බනින්න ඕන ඉතින්...එතකොට උන් දන් නෑ අපි බනිනව කියල😊 )

අවුරුද්දක් හමාරක් ගතවුනත්..කවුරු කොහොම මොනව කිව්වත් නොනවතින තාත්තගෙයි දුවගෙයි ප්‍රේමය උහුලන්න බැරි තරම් ඉරිසියාවක් හිතට දැනෙද්දි...අම්ම කරන සමහර ප්‍රකාශ ගැන සලකා බලන්න නිවී හැනහිල්ලේ හිතල බලන්න තාත්තට හිතෙනව..ඔන්න ඔහොම වෙලාවට,,

ඒයි මේ....

මොකෝ,

දුව ඔයාට ආදරේ නෑ නේ 😏😏

අනේ මේ ඔයාගෙ දුවව ඔයා තියා ගන්න😒

හරි හරි ඉතින් ඕකට කේන්ති ගන්න ඕනයෑ...ඒයි මේහ් 😁😁

මොකෝ,

අපි ඔයාට හුරතල් කරන්න කොල්ලෙක් ගේමු 🙄🙄

ඒක අගේ ඇති යෝජනාවක් කියල හිතුන නිසාමයි හිනා ගියේ😊😊

ඔන්නොහොමයි අපි තුන්දෙනා හතර දෙනා උනේ...අක්ක වගේ සැහැල්ලුවෙන් නෑවිත් අම්මට ටිකක් කරදර දීල එන්න හිතුව කොල්ල ව එක පාර අම්මට දුන්නෙ නෑ...ඒ මග බලා හිදීම ජීවිතේටම අමතක නොවෙන පැයක් උනා...

උපන් මොහොතෙම දුවව පපුව උඩින් තියාගන්න වාසනාව ලැබුනට...එන්න බෑමයි කියල බඩ ඇතූලෙ සුව පහසු තැනකට තව තවත් ගුලි උන කොලු පැටිය උපදිද්දී අම්මට හරි හැටි සිහියක් නැති වීම අපේ ලැබීම වෙන්නැති...සිහිය එද්දි කාගෙන් හරි අහල දැන ගන්න ප්‍රශ්න ගොඩක් මට තිබුන...

කෝ දරුව..එයා සනීපෙන්ද...එයා කොල්ලෙක්ද... මට සාත්තු කරපු සේවිකාවො බබා ගැන දැනන් උන්නෙ නෑ....දරුව බේබි රූම් අම්මා..එයාව ගෙනෙයි හොදේ.. ඔවුන් පැවසුවේ කරුනාවෙන්..

ඒ එක්කමයි සුදු පාට පොදියක් උකුලෙ ගහ ගත්තු නර්ස් නෝනෙක් දොරින් මතු උනේ...අනේ ඒ උනාට එයා මාව පහු කරන් ඉස්සරහට යද්දි මගෙ ඇස් වල කඳුළු පිරුන..

මිස් එයා මගේ....මම එයාට ඇහෙන්න කිව්ව...

මාව පාස් කරල ගිය නර්ස් නෝන ආයිම ඇවිල්ල මා ලඟින් නැවතුනා..

ඔයාගෙ පැටියව තව ටිකකින් ගේන්නම් හොදේ..බය වෙන්නෙපා ඔයාට සිහි නැති උනත් එයා අම්ම කුක්කු බීල ඉන්නෙ.

මෙයාව එයාගෙ අම්මට දීල එන්නම්..හිනා වෙලා ගිය නර්ස් නෝනා විනාඩියෙන් ආපහු ආව...අම්මෙ ඔයාගෙ ටැග් එක පෙන්නන්න..

ඒක බලපු එයා නෝක්කඩු හඬින්..මෙන්න තියා ගන්න එයා ඔයාගෙ තමා කිව්වෙ ලස්සනට හිනා වෙලා..

කොහොමද අම්මෙ දන්නෙ එයා ඔයාගෙ කියල..ඇය ඇහුවෙ කරුණාවෙන්.

මිස් මාව පහු කරන් යද්දි මගෙ කුක්කු රිදුන...එයා බඩගින්නෙ කියල මම හිත හිත උන්නේ...

අනේ...ආ කුක්කු ගොඩක් දෙන්නකො එහෙනම් හොදේ..ඇය යන්න ගියා.

මම අර පොදිය සීරුවට දිගෑරිය...මුදු මුදු තෙත කොන්ඩයක්...තද රතු පාට උල් කර ගත්තු කටක්..හීනිම හීනි ඇස් දෙකක්. චූටිම චූටි සං කුරුල්ලෙක්..අනේ එයා කොලු පැටියෙක්

එදා තමා මම සංසාරේ පුරාවට දිගින් දිගට ඇදිල යන ප්‍රේමයක පැටලුනේ💜️

..... වත්සූ❤️

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo