Take Me Heaven
TAKE ME HEAVEN
Traveler👣🧗🌿
Hiker 🍃🧗👢
Personal Account Facebook - Akalanka Ranasinghe 💚
(සොදුරු ඉසව් හොයාගෙන යමු මා එක්ක නිදහසේ )🌿🌳🍀🍁
21/05/2026
ලංකාවේ හිටි හැටියේම අතුරුදන් වූ අලි ඇත්තු 🐘🌿🥺
⛔වලගම්බා 🐘
කලාවැව ජාතික උද්‍යානයේ හිටපු හොඳ උසක් තිබ්බ, කෙටි එතරම් දික් නොවූ දල යුගලයක් තිබ්බ තේජාන්විත ඇතෙකි...2010- 2015 කාලෙයේ කලාවැව ජාතික වනෝද්‍යානය හැඩකල වලගම්බා ඇතු 2015න් පසු වාර්තා නොවුණු බව සඳහන්..ඇතාට කුමක්ද වුණේ කියන එක අදටත් අබිරහසක් ....
⛔ රම්බෝ
2015-2020 කාලයේ නිතරම අලි ලෝලීන් සහ වනජීවි ජායාරූප ශිල්පීන් අතර කියවුණු නමක් උඩවලවේ ජලාශයේ බන්ට් එක ලඟ හිටපු රම්බෝ අලියා..හොඳ පිහිනුම් ශූරයෙක් වූ රම්බෝට මිනිස්සු කෑම දෙන්න පටං ගත්තා.රම්බෝ ඒවට පුරුදු වුණා.අවසානේ අලියගේ ජීවිතයට ඒක බලපෑවා..2022 න් වගේ අද වෙනතුරු රම්බෝ ගැන කිසිම ආරංචියයක් නෑ..
⛔ අර්ජුන
යාල ජාතික වනෝද්‍යානයේ සහ සිතුල්පව්ව විහාරස්ථානයේ අවට සැරිසැරූ තේජවන්ත දල ඇතෙකි අර්ජුන, වයසින් ටිකක් වියපත් වී සිටි අර්ජුන 2022 වසරින් පමණ පසු එකවරම අතුරුදන් විය..අද වෙනතුරු ඇතාට වුණු දෙයක් සොයාගැනීමට නොහැකි විය..වයසත් සමඟ ඇතා කැලේදී මියයන්නට ඇති බවට බොහා් දුරට අනුමාන කරයි..
⛔ සැන්ඩෝ
යාල ජාතික වනෝද්‍යානය සහ බුත්තල අවට නිජබිම කරගත් ඉතාම තේජාන්විත ගමනක්,දෙපසට විහිදී ගිය තිවුණු දල යුගලයක් සහිත ආවේගශීලි ඇත් රජෙකි..යාලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් කුල්මත් කරපු අනික් ඇතුන් සමඟද නිරන්තරයෙන් ගැටුම් ඇති කරගත් සැන්ඩෝ දැන් වසර 3 ක් පමණ සිට ආගිය අතක් නැත...අදටත් සැන්ඩෝට ආදරය කල අලි ප්‍රේමීන්, වනජීවි ජායාරූප ශිල්පීන් සැන්ඩෝ කවදා හෝ එයි කියා බලා සිටිනවා..
⛔ නීල
කලාවැවේ ඇත් පරපුරට නායකත්වය දීමට සිටි තරුණ තේජාන්විත ඇතෙක් තමා නීල කියන්නේ ..වනජීවි ජායාරූප ශිල්පීන්ගේ කැමරාවට නිරන්තරයෙන් ග්‍රහණය වූ මෙම වටිනා සත්වයා දැනට වසර 2කට වැඩි කාලයක සිට අතුරුදන් ලැයිස්තුවේ සිටී...තවමත් අප බලා සිටින්නේ නීල කොහෙන් හෝ මතුවේවි කියලයි...
⛔ දීඝදන්තු 1
කලාවැවේ සද්ධන්ත ඇතුන් අතරේ සිටි අවසාන ඇතා දීඝදන්තු 1..ඉතා දිගු දල යුගලයක් සහිත උස අඩි 9කට ආසන්න වූ දීඝදන්තු ඇතා වනජීවි ජායාරූප ශිල්පීන්ගේ නොමඳ ආකර්ෂණයට ලක් වූ ඇතෙකි..2019 වසරේදී එක්වරම අතුරුදන් වූ ඇතා මියයන්නට ඇතැයි බොහෝ දෙනෙකු සිතුවේ ඊට සමාන ඇතෙකුගේ සිරුරක් එම ප්‍රදේශයෙන් හමුවූ නිසයි...නමුත් සියල්ලන්ම පුදුම කරවමින් දීඝදන්තු 1 ඇතා වසර 3කට පසු නැවත පෙනී සිටියේය...නමත් අවාසනාවක මහත..🥺...ඊට වසර 2කට පසු 2024 මිනිස් තිරිසනෙක් ඇටවූ අනවසර විදුලි රැහැනක පැටලී දීඝදන්තු සඳහටම දෑස් පියාගත්තා. 💔
⛔මහසෙන්
අවසානේ අපි එන්නේ වර්තමානයට..
මහසෙන් අපිට ඉන්න ජ්‍යෙෂ්ඨයා ..විශාලම දල යුවල හිමි ඇතා..දැන් ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් ඉන්නවා,වයස අවුරුද 60ක් පමණ...කලින් මෙයා මින්නේරියේ,කවුඩුල්ල,සෝමාවතිය වගේ පැතිවල හිටියා නමුත් අවසාන කාලේ වියපත් වීම,ඇස් නොපෙනීම සහ අනිකුත් තරුණ ඇතුන්ගේ අභියෝග නිසා කැකිරාව ,මරදන්කඩවල වගේ කුඩා පැත්තකට සීමා වෙලා හිට්යා...නමුත් දැන් මාස 3ක පමණ සිට මහසෙන් අතුරුදන් ,කිිසිම හෝඩුවාවක් නැත...ඉතිං අපි බලාගෙන ඉන්නේ සැන්ඩෝ,නීල,මහසෙන් මේ තුන් දෙනාම කුමන මොහොතක හෝ දැකගන්නය්..
මෙම ජායාරූප වල සියළුම අයිතිය මුල් හිමිකරුවන් සතු වේ ©
මේ සොබාදහමට පුළුවන් අපේ හිතේ සියුම් තැන් වලට එක පාරම ඇතුල් වෙන්න.......
ඒක මහ පුදුමකාර දෙයක්.....
මං ආසම නිදහසේ මේ සොබාදහමේ මායාකාරී ශබ්ද ටිකට ඇහුන්කන් දෙන්න....
ඉතින් ලැබුණ ජිවිතේ විදින්න....... මේ ගෙවෙන කිසිම තප්පරයක් නැවත අපිට ආයේ ගන්න බෑ
💚🌿
මම - Akalanka Ranasinghe
🐰🩷
30/04/2026
ආදරනීය මහසෙන් උබ ගැන තාම ආරංචියක් නෑ වෙනදා යන එන තැන් වලට උබ එන්නෙත් නෑ උබ පරිස්ස්මින් ඉන්නවද කියලා පොඩි ඉගියක් වත් දීපං.....🥺🥺
උබ ගොඩක් දැන් වයසයි ඒකත් දුකයි
මට නම් ලොකුම බය උබටත් කළාවැවේ නීළට වුන දේම වෙයිද කියලයි
උබ ගැන ආරංචියක් එනකම් මග බලන් ඉන්නවා....🙏😔
17/04/2026
මහ ඇත් රජු කාවන්තිස්ස 😍 පරිස්සම් කරගන්නම ඔනේ වස්තුවක් 💚🌿
සොබාදහම ඇත්තටම කතා කරනවා........ එය නිසි ආකාරව සවන්දෙන්නට පමණක් 💚🌿
මම - Akalanka Ranasinghe 💚
Stop following others and create your own path in life 💚💚
I'm Akalanka Ranasinghe 💚🌿 Take Me Heaven
🩷🐰🐼
අධ්‍යක්ෂකයෙකු නොවී.....
ප්‍රෙක්ෂකයෙකු වී ජීවිතය යන චිත්‍රපටය දෙස බලන්න
මම Akalanka Ranasinghe 💚🌿
මම ඔයාගෙන් ඇහුවොත් මොන දවසෙ මොන මොහොතෙ මොන පැයේදි ද ඔයාගෙ ලමා කාලය ඉවර වුනේ කියලා...................
ඒකට ඔයාට උත්තරයක් දෙන්න පුලුවන්ද......🙂
බෑ නේද..... අපි දන්නේ ඒක ඉවරයි කියලා විතරයි.......
ඒක ඒ විදියටම ඔයාගෙ තරුන කාලෙටත් වෙයි...
ඒ නිසා සුන්දර දේවල් මග හැර ගන්න එපා 💚🌿
මම - Akalanka Ranasinghe 💚🌿
19/03/2026
My feelings 🥺🩷🩷🩷🩷🥺
31/01/2026
ඇත්තටම මේක සෙල්ලමක් නෙමෙයි...........මොකක් හරි නිසා මේ සතා නැති වුනොත් මුලු ලක්දීපෙම වග කියන්න ඔනෙ 😔
මචංලා, මේක සෙල්ලමක් නෙවෙයි. බලපන් මේ පින්තූරේ ඉන්න අපේ මහසෙන් ඇතා දිහා... මේ පින්තූරේ මා හිතවත් සංජය අයියා ගනිද්දි මාත් එතන පසෙකට වෙලා හිටියා. ඒ දවසේ මට දැනුන හැගීම වචන වලින් කියන්න බෑ. මං මහසෙන්ව ඇස් දෙකෙන් දැක්ක පළවෙනි දවස එදා. හැබැයි දැන් මහසෙන්ට එදා තිබ්බ මේ තේජස නෑ!
මුගේ තුවාලේ අලුත් එකක්ද පරණ එකක් පෑරිලාද කියලා අපි දන්නේ නෑ, හැබැයි එක දෙයක් සිරාවටම පේනවා... ඒ තමයි මූ දැන් ඉන්නේ දැඩි ජීවිත අවදානමක. 💔
වයසත් එක්ක ඇඟේ හයිය නැති වෙද්දී, අනිත් ඇතුන්ගෙන් එන තර්ජන නිසා මේ සතා දැන් අසරණ වෙලා පුංචි සීමාවකට කොටු වෙලා ඉන්නේ.
කැලේ කෑම හොයාගන්න බැරි නිසා තමයි මූ අහල පහල හේන් වලට, වතුවලට පැනලා මොනවා හරි කන්න බලන්නේ. ඒක මුගේ වැරැද්දක් නෙවෙයි බං, ජීවත් වෙන්න කරන අරගලයක්! 😢
වගකිවයුතු බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා මේ සතා ගැන අවධානය යොමු කරන්න කියලා. හැබැයි තවමත් හරියාකාර දෙයක් වෙලා නෑ. මචංලා, මේ වගේ ඇතෙක් ආයේ කවදාවත්ම ලංකාවේ කැලේක දකින්න ලැබෙන්නේ නැති වෙයි. 🐘🚫
ඇතා නැති වුණාට පස්සේ Facebook එකේ Post දාලා අඬනවට වඩා, මූ ඉන්න කාලේ තව අවුරුදු කීපයකට හරි මේ ජීවිතේ රැකගන්න එක අපේ වගකීමක්. බලධාරීන්ගේ ඇස් ඇරෙනකම් මේක ශෙයාර් කරපල්ලා. අසරණ වුණ මහසෙන්ව බේරගමු! 🙏💔
♾️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo