CNS Construction

CNS Construction

Share

ඉදිකිරීම් කටයුතු සිදුකිරීම

22/02/2024

🏍️ ගෙදරට එන පාර සුබ දිසාවකට තබන්න 🏍️

අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්‍රධාන දොරටුව තැබීමත් නොකළහ. සිය නිවසට එන පාරද සුබ දිසාවකට මුහුණ ලා සෑදීමට උත්සාහ කළෝ ය. එදා නිවසට ඇතුළු වන ඉඩමේ මායිමේ ඉඳි කඩුල්ල බැඳ තිබිණ. ඉදිකඩුල්ලට හරස් ලී තුනක් දැමීය. මරණයක් වූ විට උඩම ලීයට පුළුක්ගොබයේ කොළ කීපයක් දමන ලදී. ගැහැනු දරුවෙකු කොටහළු වූ විට දී දෙවැනි ලීයට වදමල් හෝ රත්මල් පොකුරක් එල්ලන අතර තුන්වැනි ලීයට එරමිණියා අත්තක් දමන්නේ ගෙදර බෝවන රෝගයක් සෑදුණු විටයි.

🛵 ඉදිකඩුල්ලේ අරුතක් තිබිණ. අද වත්මන් ගේට්ටුවේද අරුතක් තිබේද? ප්‍රධාන දොරටුවට එල්ලවන සේ අදත් ගේට්ටුව දමනු නොලැබේ. නිවසට එන පාර ගැනයි අපි කතා කරන්න හදන්නේ. උතුර නැඟෙනහිර, ඊසාන පාර තිබීම සම්පත් ලැබීමේ වාසනාව පෑදේ. මූල්‍යමය සම්පත් කාරක වේ. බටහිර එතරම් සුබ නැත. දකුණු දිසාව සුබයි. ගිනිකොණ දිසාව කුස්සියට සුබ වූවත් පාරකට එතරම් සුබ නැත. වයඹ ගිණිකොණ පැතිවලින් පාර දැමීම එතරම් යහපත් නැත. අනපේක්ෂිත මානසික හා කායික ගැටලුවලට නතුවේ. දකුණ වයඹ නිරිත ද සම තත්ත්වයකි. ධන හානියත් කරදරවලට මුහුණ පෑමට සිදුවේ. පැරණි කාලයේ හතර පැත්තෙන් ම පාරවල් දමා තිබිණ. ගෙදරට එන පාර ගේට්ටුවෙන් පටන්ගෙන අඩි 27ක් පමණ ගිය විට පඩි පෙළක් නැඟ මිදුලට ගොඩවීමට හැකි වේ නම් එය සෞභාග්‍යයේ ලකුණකි. එවැනි පාරකින් මූල්‍යමය සම්පත් සහ නිවසට ආලෝකයත් ජනතා ආකර්ෂණයත් වහා හිමි වේ.

නිතර ජනයාගෙන් පිරී පවතී. මිල මුදල් බාහිර ධන ධාන්‍ය යසඉසුරු ළඟා වේ. තනි පාරක් දෙකට බෙදී යන සේ දමා ඇතත් කල් යෑමේ දී නිවැසියන්ට විවිධ නොසිතූ ප්‍රශ්න ගොඩ ගැසේ. විවිධ ශාරීරික රෝගවලට ද භාජනය වේ. පැරැණි ගැමියා ගොන් බානක් දක්කාගෙන යෑමට හැකි ප්‍රමාණයේ පළල පාරවල් දමා තිබිණ. නිවසේ සිට උතුර ජල බස්නාව තිබීම ඉතාම සුබයි. ධන සම්පත් නිතර ලැබේ. ඊසාන ද යහපත්ය. උතුර ඊසාන නැඟෙනහිර දිසාවන්ට පාර දමා දෙපස මල් වැටක් ශාඛ වර්ග රෝස පැහැති දම් පැහැති වර්ණයෙන් ඇත් නම් සුබයි. නිවසට සම්පත් ලැබේ. පාර දෙපස පතොක් කටු සහිත ශාක තිබීම අසුබයි. සේපාලිකා පිහිඹියා ශාක සුබයි. අරලියා වතුසුද්ධ ඉතාම අශුභයි. නිවසට එන පාර ඉතාම පවිත්‍රව සුදුවැලි අතුරා තිබීමත් සෑම දිනකම රටා සහිතව අතු ගෑමද සුබදායක වේ. කබොක් හෝ ගල් නැත්නම් සිමෙන්ති දමා තිබීම ඉතාම සුබදායකයි.

නිවසට එන පාර දෙපස ත

19/04/2023

මේ වනවිට රටේ පවතින තත්වයත් එක්ක අලුතින් නිවසක් ඉදිකිරීම් කටයුත්තක් ආරම්භ කරනවා ගොඩක් අඩුයි.
ඒත් අප ආයතනය හා විස්වාස කරල හෝකන්දර නව නිවසක් ඉදිකිරීම සදහා බාරදුන් මහත්මයාට ස්තූති. මේ වන විටත් ඉදිකිරීම් ආරම්භ කර අවසන්..

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo