Imal Perera

Imal Perera

Share

Self-made entrepreneur with over a decade of building businesses from scratch and a strong passion for health and fitness.

19/06/2026

GetIn page එක follow කරන්න සහ app එක download කරගන්න

Getin කියල කියන්නේ Ride-Hailing, Application එකක් නෙමෙයි. ඒක carpooling application එකක්. ඒ model දෙක දෙකක්. Getin එක අපි focus කරන්නේ professionals ලට. එයාල උදේ වැඩට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් වැඩ ඇරිලා එනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් දුර ගමනක් යන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. Getin එකෙන් අපි මේ “driver” කියන mentality එක අයින් කරනවා. අපි හිතනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ professionals ලා නම් එයාල එයාලගේ ප්‍රධාන වෘතියෙන් පරිබාහිරව නම් මේක කරන්නේ එයාලට අපි වෙනස් විදිහකට ඇමතීම සුදුසුයි කියලා.. ඒක නිසා Getin එක ඇතුලේ තමන්ගේ ගමන share කරන වාහනය පදවාගෙන යන්නන් අපි හදුන්වන්නේ "Captain" කියන නමින්.

අපි Getin එක ඇතුලේ KYC verification දෙකක් පාවිච්චි කරනවා. එකක් අපේ captain හදුනාගැනීම සදහා. අනිත් එක අපේ passenger හදුනාගැනීම සදහා. අනිත් කාරණය තමයි Getin එක ඇතුලේ captain හෝ passenger කියලා වෙන් කිරීමක් කරන්නේ නැති නිසා සමහර විට එකම පුද්ගලයා එක අවස්ථාවකදී passenger කෙනෙකුත් අනිත් අවස්ථාවෙදී captain කෙනෙකුත් වෙන්න පුළුවන් නිසා, අපි එක app එකක් විතරයි පාවිච්චි කරන්නේ.

දැන් ඔබට app එක download කරගන්න පුලුවන්. නමුත් මේ අවස්ථාවේදී passenger සහ driver registration වලට විතරයි app එක enable කරලා තියෙන්නේ.

Follow the Page for More Information!

18/06/2026

අපිට ජීවතේ කාලයක් එනවා අපි හෙනම ඩයල් කියල හිතන් ඉන්න, ඒ කාලෙට අපි නිකන් කිසිම දෙයක් මායිමකට ගන්නේ නැහැ අපි හිතන් ඉන්නවා අපි පොරවල් කිසිම දෙයකින් අපිව හොලවන්න වත් බැහැ කියලා .. අපි නිකන් කළු ගල් වගේ ලෙසියක්ට කැඩිලා බිදිලා යන්නේ නැහැ කියල හිතන, නමුත් මම විශවාස කරනවා එහෙම හිතන් ඉන්න හැමෝටම අනිවාර්යෙන් එක දවසක් එන්න ඕනේ තමන් ඒ හිතන් ඉන්න ඒ ප්‍රතිරුපේ කැඩිලා බිදිලා යන, තමන් ආදරය කරපු දේවල් නැති වෙලා ජිවිතේ අසරණ වෙන, මට බැහැ කියල හිතෙන, අන්න එදාට තමයි අපි ඇත්තටම තේරුම් ගන්නේ අපි මේ ජිවිතේ කියන game එකේ නිකන් redial විතරයි කියල, අන්න එදාට තමයි මම නම් විශවාස කරන්නේ මනුස්සයෙක් අයේ මැරිලා ඉපදෙන්නේ ඒ දවස අවාම ගොඩක් දෙනෙක් තේරුම් ගන්නේ තමන්ගේ අම්මයි තාත්තයි සමහරවිට lucky නම් සහෝදර සහෝදරියන් ඇරෙන්න ජිවිතේ තමන් වෙනුවෙන් කවුරුත් නැති බව.

මම දෙයක් කියන්නම්, එහෙම අන්තිමට වැටිලා මනුස්සයෙක් අයේ නැගිටිනකොට නැගිටින්නේ අර මවාගත්ත අටෝපය නැතුව, එදාට ඔබට මේ ලෝකේ නිරුවත් බව පැහැදිලිව පෙන්වා, මිනිස්සු තමන්ගේ ජීවිතය අරන් යන්න වෙන මහන්සිය අනුකම්පා සහගතව දකිනවා, ඊටත් වඩා වැදගත්ම දෙයක් වෙනවා එක තමයි කලින් මිනිස්සුන්ට අදාරය කරපු ඔබ තමන්ට ඉස්සෙලම අදරේ කරන්න පටන් ගන්නවා. පැහැදිලිව තේරුම් ගන්නවා තමන් prioirty නොකර අනුන්ට උදව් වීමක් කරන්න බැරි බව.

ජිවිතේට ස්තුතියිවන්ත වෙනවා ඒ පාඩමට, මම කියන එක වචනයක් හරි විශවාස කරන කෙනෙක් ඉන්නවා නම්, මගේ පලවැනිම දේ! පලවනියට තමන්ට ආදරේ කරන්න පටන් ගන්න, තමන්ව රැකබලා ගන්න, තමන්ව ගොඩනගන්න...

15/06/2026

අපි හැමෝම අපේ වාහන පාවිච්චි කරනවා, ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද ඔබේ වාහනයේ seat කීයක් නිකරුණේ හිස්ව පාරේ දුවනවා ඇද්ද කියලා?

ඇත්තටම පාරේ යන වාහන වලින් 80%කම යන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරයි. ඉතින් මේ හිස්ව යන ඉඩෙන් අපිට පුළුවන් නම් තව කෙනෙක්ට උදව්වක් වෙන ගමන්ම අපේ ගමනේ වියදම (Fuel and Maintenance) පියවා ගන්න.

අන්න ඒ අදහසත් එක්ක තමයි අපි Getin නිර්මාණය කළේ. මේක ලංකාවේ carpooling සංකල්පය අලුත්ම විදිහකට හදුන්වා දෙන platform එකක්. ඔබ කාර්යාලයට යන ගමන් හෝ වෙනත් දුර ගමනක් යන වෙලාවක ඔබේ වාහනයේ හිස් ආසන තව කෙනෙක් එක්ක share කරගන්න මේ හරහා පුළුවන්. ඒ වගේම ගමනක් යන්න වාහනයක් හොයන කෙනෙක්ට ඉතාම සහනදායී මුදලකට, සුවපහසුවට තමන්ගේ ගමනාන්තයට යන්නත් මේකෙන් අවස්ථාව ලැබෙනවා.

වැඩි විස්තර දැනගන්න ඕනේ නම් GetIn follow කරලා එකතු වෙන්න.. දැනටමත් ios සහ android ඇප් දෙකම අපේ "Captain's" සදහා open වෙලා තියනවා අදම download කරලා ready වෙන්න

අදම GetIn සමඟ register වෙන්න.
https://getin.app.link/W5e7U9e7wyb

13/06/2026

Scams හැම තැනම, Central Bank of Sri Lanka තමන්ගේ වගකීම හරියටම කරන්න පටන් අරන්!

Educated කියලා අපි විශ්වාස කරන අයත් මේ ස්කැම් වලට අහු වෙනකොට අනිත් අය ගැන කවර කතාද..

https://www.facebook.com/share/v/18snXbjACx/

12/06/2026

ඔයාලා මාව නම් වැඩිය දන්නේ නැතුව ඇති. ඒත් මට මේ එහාපැත්තෙන් ඉන්න ශ්‍යාම් අයියාව නම් හොදටම දන්නවා ඇති. ඉතින් අපිත් එක්ක ලංකාවේ පොඩි වැඩකට එකතු උනා. අදහසක් තියනවා නම් මොකක්ද මේ වැඩේ කියලා පහලින් පොඩි comment එකක් දාන්න.

11/06/2026

මම ඇත්තටම වාහන වලට ආස කෙනෙක්. ඒත් මම ව්‍යවසායකයෙක්. ඒක නිසා මට capital එක වටිනවා ඔක්කොටම වැඩිය.. මේ නිසාම company එක පටන් අරගෙනත් අවුරුදු 12ක් ගියා මට ඇත්තටම හිතට ආස දේ කරන්න.

මට හිතුනා, දැන් ඉතින් ව්‍යාපාරයත් stable නිසාත්, Unregistered Europe වාහනයක් පාවිච්චි කරලා නැති නිසාත්, මම කැමති Special Number Plate එකට ටිකක් වියදම් ගියත් මම කැමතිම Defender 110 එකේ 2026 Newest Model එකේ woolstone Green එකක් ගෙන්න ගන්න ඕනේ කියල. ඊට පස්සේ ඉතින් Access Motors එක්ක මාස කිහිපයක් නාස්ති උනා.

පස්සේ මම නිකමට නුගේගොඩින් යනකොට දැක්ක මේක... මේක exactly මගේ expection meet වෙනවා සහ highest ම grade එකේ model එකක්. අනිත් දේ තමයි තැන අයිති කෙනා මගේම ඉස්කෝලේ. සාමාන්‍යයෙන් නම් වෙන්නේ advance කරලා bank එකෙන් DO එක ආවට පස්සේ වාහනේ release කරන්නේ. ඒත් හිතවත් කමත් එක්ක advance කරපු හැටියම අරන් යන්න දුන්නා..

සතියකට වඩා මේක දැන් පාරේ දුවලත් ඉවරයි. ඒත් අද තමයි හරියටම documentation වැඩ ඉවර උනේ.

14/05/2026

මේ reel එකෙන් මම කතා කරන්නේ ඔබ ව්‍යාපාරයක් කරන පුත්ගලයෙක් විදිහට ඔබේ නමට නැතුව ව්‍යාපාරයේ නමට වාහනයක් මිලිදී ගැනීමේදී වෙන වාසි, මේක හොදට අහන්න කලින් අහල නැති අලුත් දේවල් ටිකක් ඉගෙනගන්න පුළුවන් වේවි.

සැ.යු මම කියන දේ ඔබේ tax consultant සමග තව දුරටත් සාකච්චා කරලා තීරණ වලට පිවිසෙන්න.

11/05/2026

පරණ news එකක් උනත් පොඩ්ඩක් ලියන්න හිතුනා, 2012-2014 කාලය තමයි මට මතක හැටියට freelancing platform හොදටම popular වෙලා එන්න පටන් ගත්තේ, ඒ කාලේ වෙනකොට මම මොරටුව campus එකේ ඉගෙන ගන්න ගමන් ලංකාවේ තැන් තැන් වලට software නිර්මාණය කරමින් හිටියා, ගොඩක් ලොකු ගණන් වලට නොවුනට campus යන කොල්ලෙක් විදිහට ගෙදරට වදයක් වෙන්නේ නැතුව මාසෙකට සාමාන්‍ය ගණනක් හම්බ කරගත්තා ඊටත් වැඩිය campus එකේ ඉගෙන ගන්න දේටත් එහා ගිහින් practically ප්‍රශ්න වලට මහුණ දුන්නා සහ ඒවායින් ඇත්තටම ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් උනා.

ඒ අතර තමයි අපේ campus එක ඇතුලේ කීප දෙනෙක් ම freelancing platform වල වැඩ කරන්න පටන් ගත්තේ, මට මේක අලුත් දෙයක් උනා, නමුත් මමත් account එකක් හදාගත්තා සහ ඒ freelancing platform වල වැඩ කරන්න පටන් ගත්තා, හරිම මහන්සියක් ගත්තා මතකයි පළවැනි දෙවැනි client හොයාගන්න, සහ එතනින් ලැබුණු connection සහ ලංකාවේ කරපු දේවල් එක්ක තමයි Treinetic එක පටන් ගන්න decide කලේ නමුත් එක එහෙම සාර්ථක නම් උනේ නැහැ මුල් කලේ එත් එක වෙනම කතාවකින් කියන්නම්, දැන් කතාවට අවොත් මම වගේම එහෙම freelancing කරපු අයට ලංකාවට ඩොලර් ගෙන්න තිබ්බ ලොකුම බාධාව තමයි paypal ලංකාවට allow කරලා තිබ්බ නැති එක, මොකද ගොඩක් දෙනෙක් wire transfer වලට එච්චරම කැමැත්තක් දැක්කුවේ නැති නිසා, එකට හේතුව විදිහට මම හිතන්නේ bank එකට vist කරන්නේ නැතුව international wire transfer එකක් කරන්න බැරි වීම වෙන්න ඇති. දැන් මේක allow කරනකොට ටිකක් පරක්කු වැඩි උනත් ( එහෙම කියන්න හේතුව ලංකාවට මුදල් ගෙන්න දැන් ගොඩක් alternative තියන නිසා ) රට ඇතුලට මුදල් ගෙන්න තියන බාදක එකින් එක අයින් වෙනකොට හරිම සතුටක් තියෙන්නේ.

ලංකාවේ හරිම දක්ෂ talent එකක් තියනවා, අපි අපේ අල්ලපු රටට වඩා ගොඩක් වෙනස් එකම අවුලකට තියෙන්නේ අපි දිහා බලලා එක තේරුම් ගන්න බැරි එක

08/05/2026

CEO කෙනෙක් විදියට, Office walls ඇතුළේ ගොඩනැගෙන respect එකට වඩා, road trips අතරේ ගොඩනැගෙන trust එකට මම ගොඩක්ම කැමතියි…

ඒ නිසාම projects, deadlines, meetings මේ ඔක්කොම අතරේ අපේ කැලැන්ඩරයේ trips වලටත් schedules තියෙනවා.

02/05/2026

සඳගලතැන්නෙන් සිරිපා කරුණාව. මේක හරිම ලස්සන trail එකක්. Nature එකත් විඳගෙන යන්න කැමති, ඒත් එරත්න හෝ පලාබද්දල පාරවල් දුෂ්කර වැඩි කියල හිතෙන කෙනෙක්ට නම් හොඳටම ගැලපෙනවා.

මේත් එක්ක මගේ 11 වැනි සිරිපා කරුණාව සම්පුර්ණ වෙනවා. නැවතත් ඉවක් බවක් නැතුව වේගයෙන් දුවන කොළඹට එන ගමන්!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


1A, Centre Road, Galle Face, Colombo 02, Sri Lanka
Colombo
00200