The Colombopost

The Colombopost

Share

යහපාලනය, වගවීම හා දූෂණයෙන් තොර සාධාරණ හා යුක්තිගරුක සමාජයක පැවැත්ම සහතික කිරිම අරමුණයි.

06/06/2026

හොරණ බැංකු කොල්ලයට අත් අඩංගුවට ගත් සහකාර කළමණාකරුට අධිකරණය දුන් තීන්දුව .

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු දින හයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත .

ඊට අමතරව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ආරක්ෂක නිළධාරියා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා නියෝග කර ඇත .

05/06/2026

සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නියෝගය 10 වෙනිදා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් නියෝගය ලබන 10 වන දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පවසීය . ඒ එම නඩුව ඊයේ පස්වරුවේ කැඳවූ අවස්ථාවේය .

මෙහිදී අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඉල්ලා සිටියේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසය

එසේම සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියේ රැඳවුම් භාරයට පත්වීමෙන් පසු සංකාව, විශාදය යන රෝගී තත්ත්වයෙන් පෙලෙන බැවින් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසු පරිසරයක් ලබා දෙන ලෙසයි.

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලැබු වෛද්‍ය වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය .

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම වෛද්‍ය වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Lesly Ranagala Mawatha
Colombo
0800