Gankanda Central College PPA - Colombo Group
Gankanda Central College past pupil's Colombo Association
29/04/2026
ගන්කන්දේ රිදී සීනුව... සංජීව සමන්ත
කොලොම්පුරේ මිණිපුර අවුරුදු 2026 ආරම්භයේ සිට අවසන් තත්පරය දක්වා තම හැකියාව දක්ෂතාවය සුපුරුදු ස්වරයෙන් රුවන්පුර සහෝදරත්වය එක මිටට එක් කරමින් වැඩසටහනට නව ජවයක් ජීවයක් ලබාදුන් ඔබට සමස්ථ රුවන්පුරේ මෙන්ම කොලොම්පුරේ සැමගේ ස්තූතිය සහ උපහාරය.
මිණිපුර පාසැල් අතර සහෝදරත්වය තව තවත් වර්ධනය කිරීමට කොලොම්පුරට ඔබ ලබාදුන් සහය අති විශිෂ්ටයි. එය ගන්කන්දෙට අභිමානයක්.💪
21/04/2026
නිදහස් අධ්‍යාපනය තුලින් උකහාගත් ගුණ නැණ තවත් දහස්ගනන් දරුවන් හට ලබාදීමට තවත් නායකත්වයක් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයෙන් දැයට එක්වූ වගයි....
ආදි ගන්කන්ද 95 කන්ඩායමේ කීර්තිමත් ආදි සිසු ආදි ගන්කන්ද කොළඹ සංගමයේ ගරු සභාපති කපිතාන් වසන්ත කුමාර වඩුගේ සොයුරා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ නව විදුහල්පති ලෙස අද දින වැඩ ආරම්භක කරන ලදි. මෙම අවස්තාවට ආදි ගන්කන්ද කොළඹ සංගමයේ නිලධාරීන් සහ ජේෂ්ට ආදි සිසුන් සහභාගීවූහ.
17/04/2026
පැල්මඩුල්ල, බලංගොඩ, ඇඹිලිපිටිය, රත්නපුර, නිවිතිගල, ඇහැලියගොඩ ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල් වල අධ්‍යාපනය ලබා කොලොම්පුරේ සිටින මිතුරු මිතුරියන් සමග අලුත් අවුරුදු හමුවට සහභාගීවීමට රත්නපුරේ සිටින ඔබට සුහද ආරාධනා...🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo