Fight Cancer Team Sri Lanka

Fight Cancer Team Sri Lanka

Share

Our aim is to elevate Apeksha Hospital (National Cancer Institute in Maharagama), Sri Lanka to be the best Cancer Hospital In South Asia by year 2025.

21/03/2026

🏏❤️🇱🇰

07/03/2026

ඔබ දන්නවාද, බොහෝ පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව? 🛎️🛎️🛎️
ලංකාවේ රජය මගින් ස්ථාපිත කර ඇති පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (Cancer Early Detection Center - CEDC) දැන් ඔබට නොමිලේ සේවාවන් රැසක් සපයනවා.

අපට වළක්වා ගත හැකි ප්‍රධාන පිළිකා සහ පරීක්ෂණ:
පියයුරු පිළිකා: ස්වයං පියයුරු පරීක්ෂාව සහ සායනික පරීක්ෂණ (Clinical Breast Examination).
ගැබ්ගෙල පිළිකා: විවාහක කාන්තාවන් සඳහා වන Pap Smear පරීක්ෂාව.
මුඛ පිළිකා: මුඛයේ ඇති වන සුදු හෝ රතු ලප පරීක්ෂා කරවා ගැනීම.

පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයෙන් (CEDC) ඔබට ලැබෙන සේවාවන්:

1. විශේෂඥ වෛද්‍ය උපදේශන සහ සායනික පරීක්ෂණ.
2. පියයුරු පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ.
3. ගැබ්ගෙල පිළිකා සඳහා Pap Smear පරීක්ෂණ.
4. පිළිකා පිළිබඳව නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනය.
සියලුම සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ!

පිළිකාවෙන් තොර හෙටක් සඳහා අනුගමනය කළ යුතු පුරුදු:
- දුම්වැටි සහ බුලත් විට (පුවක්/දුම්කොළ) භාවිතයෙන් වැළකීම.
- දිනපතා එළවළු සහ පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම.
- දිනකට විනාඩි 30ක්වත් ක්‍රියාශීලීව කාලය ගත කිරීම.
- මධ්‍යසාර භාවිතය සීමා කිරීම.

ස්ථානය: අංක 515, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05.
වැඩිදුර තොරතුරු: 011 236 8627
"කල්තියා හඳුනා ගනිමු - පිළිකාව පරදවමු “

කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ විවෘත වූ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (Cancer Early Detection Center - CEDC) ස්ථාපිත කර තිබෙන්නේ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ (OPD) බෝවන රෝග සායන ගොඩනැගිල්ලේ පළමු මහලේයි.

රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා මෙම මධ්‍යස්ථානය විවෘතයි.කළින් දින හෝ වේලාව වෙන් කර ගැනීම අවශ්‍ය වන්නේ නැහැ.

03/03/2026

🙏🙏

02/03/2026
Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Our Story

Telephone

Address


573, Galle Road
Colombo
00600