PRAMU
U aRe tHe pAsSwOrD oF mY sMiLe 😃
08/07/2025
කුණු වෙන කය බෙදා ගත්තට
හිත බෙදාගන්න බෑ
පුළුවන්නම් මට..
"හිත විතරක් ඉතුරු කරන්න"
PraMu🥀❤️
21/01/2025
මිනිස්සුන්ට වද දෙද්දී...
හිතන්න ඕනී....
ඒ මනුස්සය මේවා දරාගන්නේ කොහොම ද කියලා...
කේන්තියෙන් කියන වචනයක් ගානෙ මතක් කරගන්න ඕනෙ
අනෙක් කෙනාට කොහොම හැගීමක් දැනෙයිද කියලා
පිහි ඇනුම් වලට වඩා රිදුම් දෙන වචන දරාගන්න අමාරුයි
ඔව්
හැමෝටම හැමදේම දරාගන්න අමාරුයි..
පපුව වේදනා දෙන වාරයක් වාරයක් පාසා ඒ හිත් සාප කරනවා...
මතකයක් විදිහට ඉතිරි උනත්
මතක් වෙන වාරයක් පාසා වින්ද දුක් ආයෙ විදින්න වෙයි කියලා
ඒ හිත් බයෙන් ගැහෙනවා
😔💔
PRAMU 🥀🖤
08/10/2024
මගෙ ජීවිතේ කියන්නෙ වෙලාවකට මටම තේරුම් ගන්න බැරි මහා පටලැවිල්ලක්
ඒක මෙන්න මේකයි කියලා තේරුම් කරන්න බැරි හැගීමක්
ඒත් මන් දන්නවා මන් මගේ ජීවිතේ ඇතුලෙ ඕනවට වඩා ආදරේ හොයපු මනුස්සයෙක්
මන් මගේ කියන හැමදේම පැත්තකට දාලා එක මනුස්සයෙක් වෙනුවෙන් බලන් ඉදපු කෙනෙක්
කන්න බොන්න නිදියන්න පවා ඒ කෙනා එනකන් බලන් ඉදපු මනුස්සයෙක්
මන් ආසම දේවල් පවා ඒ මනුස්සයා එක්ක කාලෙ ගෙවන්න තියන ලෝබ කමට අත් ඇරපු මනුස්සයෙක්
යන්න එන්න කන්න බොන්න හිනාවෙන්න කතා කරන්න පවා ඒ කෙනාගෙ හිත නොරිදෙන්න හරි පරෙස්සමෙන් කරපු මනුස්සයෙක්
ඒක හිර වීමක් උනත්
අසීමිතව බැදුන හිතක් වෙනුවෙන් මන් මගෙ හැමදේම කැප කරත්
අතපසුවීම් එකකින් දෙකකින් ඒ සේරම හොද නැති කරගත්ත මනුස්සයෙක්
ඉතිම් ළමයො මන් මේ කියන්නෙ
අඩලා කියලා බලෙන් මන් ඔයාව රදවගන්න උත්සහ නොකරන බව
මගෙ ඉවරයක් නැති කියවිල්ලෙන් මින් ඉදිරියට නුබ නිදහස් බව
කන්න බොන්න නිදාගන්න ගමනක් ගියාම පරෙස්සම් කරන්න තව දුරටත් නුබ සමග මා නොසිටින බව
කොටින්ම
නුබ කියන
මේ කරදරකාර තේරුමක් නැති බැදීමෙන් නුබ නිදහස් බව
තවත් කියනවනම්
මගෙ ජීවිතේ ඇතුලෙ ඉන්න ආදරනීය මනුස්සයාගෙ අවසන් කාලය ගෙවා දමන බවත්
ඇය මැරෙන්න පන අදින බවත් නුබෙ දැනුවත් වීම වෙනුවෙන් ලියා තබා
මම නවතිම්
PRAMU 🥀
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Dambulla