Sri Rajawalukaramaya
A Temple with largest buddha statue.
16/04/2026
2026.3.17දින රජවැලි සම්බුද්ධ ප්‍රථිමා වහන්සේගේ සත වර්ෂ පූර්ණ පිංකම් මාලාවේ අවසන් දිනය සනිටුහන් කරමින් උදෑසන 5.30 කිරි ආහාර පූජාව ,දහවල ව්‍යංජන තිස් දෙකක් සහිත වූ සම්බුද්ධ පූජාව සහ සවස අධිෂ්ඨාන පූජාව බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
අධිෂ්ඨාන පූජාව සදහා පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරාධිපති රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් සිදුවිය. මෙම උතුම් පින්කම සදහා බොහෝ දෙනෙකුගේ සහභාගිත්වය තිබූ අතර , පිංකම් මාලාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිදු කිරීමේදී මූල්‍යමය වශයෙන් ද ද්‍රව්‍යමය වශයෙන් ද, ශ්‍රමය වශයෙන් ද, නන් අයුරින් අනුමෝදන් වූ දායකත්වයන් දැරු උදව් උපකාර සියල්ල පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කරමින් ඒ සැමට අනන්ත තෙරුවන් සරණ ලැබේවා! නිවන් මග වඩන්නට පාරමී දම් වේවායි පුණ්‍යානුමෝදනා පූර්වක පාර්ථනා කර සිටිමු.
09/04/2026
2026.03.16 දින ගරු විහාරාධිපති නා හිමිපාණන් වහන්සේ ගේ අනුශාසනා පරිදි විශේෂ ධර්ම දේශනාවක් නවසීලන්ත ක්රයිස්චර්ච් සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී රාජවාලුකාරාමය විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක දර්ශනපති පූජ්‍යපාද මකුල්දෙණියේ සෝමරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරන ලදි .මෙහි දායකත්වයන් විහාරස්ථ දායක සභාව ඇතුළු විහාරස්ථ සියලු සමිති සමාගම් දරණු ලැබූහ . මෙම උතුම් ධර්ම දානමය පිංකම සදහා නන් අයුරින් දායකත්වයන් සහ සහයෝගයන් ලබා දුන් සියලු දෙනාට අනන්ත තෙරුවන් සරණ ලැබේවායි පුණ්‍යානුමෝදනා පූර්වක සිහිපත් කර සිටිමු.
22/02/2026
මෙත් සිත් පෙරටුව ආරාධනා
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Digana