Soul note
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Soul note, Artist, Embilipitiya.
06/10/2025
දින සති මාස ගනන් එක දිගට වැඩ කරල...
ලැබෙන පුන්චි නිවාඩුවට ගෙදර දුවන් එන්නෙ...
තමන්ගෙ ලගම ආදරනීයම කෙනා හෝ අය වෙනුවෙන්..මොහොතක් හිනාවෙලා කතාකරල තමන්ගෙ යුතුකම් වගකීම් කරල ... තමන් සැනසෙන්න කැමතිම උන් ලග මොහොතක් රැදිල , සැනසිලා යන්න....
ඒ දවස.. දෙක ..අපිටත් නොදැනිම ගෙවිල යද්දි... ආපහු දවස උදාවෙලා... නැවතත් සමුගන්න ..... හිත් අස්සෙ කොයිතරම් දුකක් තිබ්බත් ඒ දේවල් නොපෙන්වාම... ගෙදරින් සමුගන්නෙ.... තවත් නිවාඩුවකට ඇගිලි ගනිමින්...
ඉතින්... මේ ගෙවන ජීවිතේ ගැන , අපේ දරාගැනීම් ගැන.. මිස් වෙන බැදීම් ගැන... කොටින්ම කියනව නම් අපිට අපි එක්කම හිතින් ..ටිකක් දොඩමලු වෙමින් පපුවෙ මැද්දෙන් එන වේදනාව දරාගන්නෙ මෙන්න මේ වගේ බස් එකේ කොනක සීට් එකක වාඩිවෙල වැටෙන බර කල්පනාවත් එක්ක....
ඉතින් ඒ බර හැගීම දුර ගම්වල ඉදල රැකියාවක් හොයාගත්ත උන්ට නම් අමුත්තක් නෙමෙයි....
ඒ ගෙවන හැම අමාරු කාලයක්ම ඔයාගෙ හරි.. ඔයාගෙ පවුලෙ කෙනෙක් හරි වෙනුවෙන් නම්... දරාගෙන කට්ටක් කමු... මොකද හෙට දවස ඔයාවෙනුවෙන් බලන් ඉන්න්ව ඔයාව දිනවන්න..................
තවත් ආදරනීය දවසක් ලැබෙන කම්.... පරිසමින් ඉන්න....❤️
ඉපදුන දවසෙ ඉදන් ජීවත් වෙන්න මිනිස්සු මාර ගේමක් ගහන්නෙ....
සමහර මිනිස්සුන්ට ලේසියෙන් ලැබෙන දේවල් .. තවත් සමහරෙක්ට කට්ටක් කාලා ගේමක් ගහල ,අවදානමක් අරගෙන ගන්න වෙද්දි අපිට අපිවම පවු කියල හිතෙන වාර අනන්තයි නේද...
හැබැයි...
එහෙම අමාරුවෙන් ලබාගන්න පුන්චි දේකත් වටිනාකම , එකෙන් ලැබෙන සතුට , දන්නෙ... එහෙම අමරුවෙන් දේවල් ලබාගත්ත මිනිස්සුම විතරයි...🚗🛵🚲🌍🏘️
ජීවිතේ කිසිම බලපොරොතුවක් නැතුව , අරමුණක් නැතුව ගෙවෙන තත්පර, දවස්,මාස වලට පුලුවන් අපිව දවස ගානෙ මැරි මැරී ජීවත් කරවන්න......
ඒක නිසා දැන්ම හිතල, ජීවිතේට අරමුනක්, අලුත් බලාපොරොත්තුවක් එකතු කරගන්න... ඒ වෙනුවෙන් මහන්සි වෙන්න පටන්ගන්න.....
ජීවිතේම වෙලාගත්ත අදුරු මතක වලින්,කැඩුනු හීන,බලපොරොත්තු වලින් මිදෙන්න එකපාරම බෑ ... ඒක හිතන තරම් ලේසිත් නෑ.. ඒක මම හොදටම දන්නව...
හැබැයි... ඒ දේ කරන්න ඕනමයි කියල ඔයාගෙ ඔය යටි හිතට බලකරල කිවුවොත්... අලුතෙන් හිතන්න, දේවල් දරාගන්න ,පුන්චි බලපොරොත්තු එකතු කරගන්න ඒ වෙනුවෙන් මහන්සි වෙන්න හිමින් අමාරුවෙන් හරි පටන්ගත්තොත්... අන්න එදාට... ඔයාගෙ දියුනුව වලක්වන්න ඔයාටවත් බැරිවෙයි...... ඒක නිසා පුන්චි විශ්වාසෙකින් අලුත් බල්පොරොත්තුවක්,හීනයක් වෙනුවෙන් වැඩ කරන්න මේ වේලාව තමයි ඔයාට ලැබුන හොදම වෙලාව...ඒ මොහොත ජීවිතයට ආශිර්වාදයක් කරගන්න ඔයාට බාරයි.....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Embilipitiya