Sada official
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sada official, Media, Kadurugaswewa , kiralogama, Eppawala.
14/04/2020
❤සුදූ❤
එදා උඹ මොනවා කිව්වත් මම උඹට ආදරේ කළා, උඹ මොනවා කළත් මම උඹ ගැන හිතුවා,උඹව මට කොච්චර එපා වෙන්න හැදුවත් මම එපා කර ගත්තේ නෑ,
උඹ මාව එපා කිව්වත් අදටත් උඹ මත්තෙම නැහැවුනේ උඹට මේ හිතේ තියෙන මහමෙරක් ආදරේ නිසා ,
උඹට දැන් තමා තේරිලා තියෙන්නේ ,
මාව ගැලපෙන්නේ නැහැ කියල,
මාව හරියන්නේ නැ කියල,
උඹෙයි මගෙයි අදහස් වෙනස් කියල
උඹට දැන් තමා හැමදේම තේරිලා තියෙන්නේ ,
අපි ආදරේ කරපු අවුරුද්දයි මාස ගාන උඹට නිකම්ම නිකම් පොඩි කාලයක් උනාට මැණික ඒ කාලේ මට නම් කල්පයක් වගේ ඒ තරම් ලොකු කාලයක් වගේ දැනෙන්නේ ,
ඒ කාලෙට ආයෙ යන්න තිබ්බ නම් කියල හිතෙනවා වෙලාවකට නටපු පිස්සු උඹත් එක්ක කරපු මෝඩ වැඩ මතක් වෙද්දී හිත දෙන්නෙම නැහැ බන් උබෙන් දුර යන්න,
හිත කියන්නේම උඹට වැදල හරි ලගට එන්න කියන්න කියල ,
ඒත් උඹට දැන් ගානක්වත් නැ මං කියල චරිතයක් උබේ ජිවිතේ හිටිය කියල උඹට දැන් මං නිකම්ම නිකම් පිට එකෙක් වෙලා ,
මාව අදුරන්නේ නැති වෙලා දැන්,
උඹ මාත් එක්ක යාලු උන මුල් කාලේ ඔහොම නැහැ නෙ,
උඹ පොඩි තරම් හීන ද මට දුන්නේ ,මතක් කරල බලපන්කෝ,
උඹ දුන්නු බලාපොරොත්තු
මම මැසේජ් එකක් දාන්න පරක්කු උනත් උඹ මට කොච්චර බැන්න ද බන් ,
කොච්චර මාත් එකක් රංඩු උනාද
උඹ ඇඩුවා මම වෙනස් වෙලා කියල මතක ද???
ඒ හැම වෙලාවෙම මම කිව්වෙ ආදරේ කියල මතක ද මැණික ,
ආදරේට රංඩු උනාට මම උඹ වෙනුවෙන් කොච්චර කට්ටකාල ඇද්ද උඹට මතක ද පන උඹ වෙනුවෙන් මම ටවුන් ගානේ කොච්චර නම් වෙලා බලන් ඉදල ඇද්ද උඹ එනකන් සමහර දවස් වලට වතුර ටිකක් වත් නැතුව
උඹ මගෙන් ඇවිත් අහද්දි කෑවද කියල දන්නවා ද උබේ හිත රිදෙයි කියල මම සමහර දවස් වලට බොරුට ඔව් කියනවා ඒ උඹට තියෙන ආදරේට උඹ ඒවා දන්නේ නෑ බන්,
ඒ දවස් වල උඹ මට එද්දි මට කන්න ගොඩක් දේවල් උඹ ගේනවා මතක ද අම්මා කෙනෙක් ලමයෙක් බලන්න එනවා වගේ,
උඹ දන්නවා ද මැණික ඒ දවස් වල උඹ තමා මගෙ දෙවනි අම්මා උඹ මට අම්ම කෙනෙක් වගේ ආදරේ දුන්නේ,
ඉතින් මැණික කොහොමද ඉවසන්නේ අම්මා කෙනෙක් දරුවෝ දාලා යද්දී ඒ වේදනාව ඒ ලමයි, මටත් එහෙමයි මැණික උඹ තමා මට දෙවනි අම්මා උනේ මගේ ජිවිතේට ඒකමයි අදටත් මේ වේදනා ,
උඹට තිබ්බා මාව ගොඩක් දුර එක්ක යන්නේ නැතුව ,
ගැලපෙන්නේ නැත්නම් කියල අයින් වෙන්න ,
බලාපොරොත්තු ගොන්නක් දීලා එක පාරටම ඒවා කඩල බිදල යද්දි මිනිස්සුන්ට ජිවිතේ එපා වෙනවා,
කමක් නැහැ මගෙ අම්මි,
හිත හදා ගන්නම් ඒත් මේ ආත්මෙන් පස්සේ ආත්ම හතක් ම මගේ වෙයන් ඒ හොදටෝම ඇති ...
👉සDA officia❤
13/04/2020
13/04/2020
Happy New year 🌞
11/04/2020
❤මැනික ❤
මැනික උබ නෑ ලග
හිත ලග දැනෙනවා ලොකු පාලුවක්
කාට කියන්න ද මේ ගිනි දැල්
හිත ඉල්ලලා අඩනවා උබව😪
බොරු වැරදි කාරයෙක් කරල මා
උබ යන්න ගියා මට මාවම නැති
කරල😔
මතක නැතිවදෝ එදා මං දුන්නු ඒ ආදරේ
තාමත් මේ හිත අඩනවා මැනික උබ නැතිව😥
මැරෙන්න මොහොතක්වත් තියල වරෙන් උබේ සුදු මහත්තයාගේ මුහුණ බලල යන්න ඒඇති මැනික එකම එක පාරක් ඇවිත් ඔලුව අත ගාලා යන්න 😣😖😨
එතකන් තාමත් මේ හිත මග බලාගන ඉදියි උබ වෙනුවෙන් හැමදාමත් ......................................
උබ විතරයි මැනික මගෙ හිතේ ඉන්නේ හැම ආත්මයක ම ඔව් උබ විතරයි ❤😘
බුදු සරණයි ☸️
ජේසු පිහිටයි ✝️
පරිස්සමෙන් ඉන්න ආදරේයි.... ❤
කැමති නම් ශෙයා කරන්න එයාට පේන්න😓😢😪
පේජ් එකට ලයික් 1k Comment 1ක් දාන්න
👉 සDa official ❤
10/04/2020
Good Morning 🌞
රටට ආදරේ අය ලයික් එකක් දාගන යමු ...❤ 🇱🇰 🙏
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadurugaswewa , Kiralogama
Eppawala
50259