TV Ruhuna

TV Ruhuna

Share

The news spread across the decade properly

03/06/2026

පසුගිය මාස පහට ගාල්ලේඩෙංගු රෝගින් 2098ක්

ගාල්ල දිස්ත්‍රික්කය තුල 2026 වර්ෂයේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලය තුල ඩෙංගු රෝගින් 2098ක් වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මාර්තු මාසය වනවිට ඩෙංගු ව්‍යාප්තිය අතින් ගාල්ල දිස්ත්‍රික්කය 03 වැනි ස්ථානයේ පසුවු බවත් මැයි මාසය වන විට පස්වන ස්ථානයේ පසුවන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පෙන්වාදෙයි. ඒ අනුව ඩෙංගු ව්‍යාප්තියේ අඩුවිමක් දක්නට ඇති බව සදහන් කරණ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කුරුදුවත්ත 02 ග්‍රාම නිලධාරි වසමේ ඩෙංගු රෝගින් 93 පොකුරක් වාර්තා වි ඇති බවද පවසයි.
කුරුදුවත්ත ග්‍රාම නිලධාරිවසමේ ඩෙංගු ව්‍යාප්තියට මුලික හේතුව එම ප්‍ර දේශයේ අබලි ද්‍රව්‍ය එක්රැස්කරණ ස්ථාන අවිධිමත් ලෙස පවත්වාගෙන යාම බව ක්ෂේත්‍ර පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.මෙවැනි අබලි ද්‍රව්‍ය එක්රැස්කරණ ස්ථාන වැඩි වශයෙන් ගාල්ල මහනගරසභා බල ප්‍ර දේශය, බෝපේ පොද්දල, අක්මිමන යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල පවතින බවත් එම අබලි ද්‍රව්‍ය ස්ථාන විදිමත් ලෙස සකස්කිරිමට එම පුද්ගලයින්ට ආර්ථික ශක්තියක් නොමැති නිසා රජය මැදිහත්වි යම් නියාමන ක්‍රම වේදයක් සකස් කළයුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පෙන්වාදෙයි.
එමෙන්ම ගාල්ල මහනගරසභා කලාපය, තවලම, යක්කලමුල්ල, ඇල්පිටිය, ප්‍ර ාදේශිය ලේකම් බල ප්‍ර දේශ තුල ඩෙංගු රොගින්ගේ වැඩිවිමක් දක්නට ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. මෙම තත්ත්වය පාලනය කිරිම සදහා ප්‍රා දේශිය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගය අපේක්ෂාකරණ බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පෙන්වාදෙයි.

Want your business to be the top-listed Media Company in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Galle
55555