Studio NET
It is more important to click with people than to click the shutter...
Latest wedding photography st
01/07/2024
Job Vacancy for Trainee Male/Female
STUDIO ASSISTANT
Call - 077 344 88 97
WhatsApp - 077 36 39 111
26/05/2024
වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු විදියට field එකට ඇවිල්ලා අදට හරියටම අවුරුදු 25 යි. මේ අවුරුදු 25 තුළ හැම දෙයක්ම මට ලැබුනෙ ඡායාරූප ශිල්පය නිසා.
දන්න කාලෙ ඉදලා තිබුණු හීනේ පේරාදෙණි University එකට යන්න. ඒ හීනය හැබෑවෙලා පේරාදෙණි ගියත්, ඒ හීනය අතෑරලා අගනුවර ආශ්‍රිත University එකකට එන්න හිත හඩාගන්න උනේ ඒ කාලෙ තිබුණු ආර්ථික අපහසුතා එක්ක ගාල්ලේ පවත්වාගෙන ගියපු උපකාරක පංති ටික කරගෙන යන්න පේරාදෙණියේ ඉදලා යන්න එන්න අපහසුතා නිසා. අන්තිමට සුහද මාරුවක් හදාගෙන කැළණිය University එකට ආවෙ චිත්‍ර විෂය හදාරන්න හිතාගෙන. ඒත් දෛවෝපගත ලෙස කැළණි සරසවි බිම මාව ඡායාරූප ශිල්පියෙකු කළා.
ඇත්තටම ඡායාරූප ශිල්පියෙකු ලෙස මම ජීවිතයෙ උපරිම තෘප්තිමත්. ජාති ජාතිත් ප්‍රාර්ථනා කරන්නෙ වෘත්තීයට නිසි වටිනාකමක් ලැබෙන රටක ඡායාරූප ශිල්පියෙකු වෙලා ඉපදෙන්න කියලා... 😍😍
ඉතිං මේ අවුරුදු 25 තුළ මා ඡායාරූප ශිල්පියෙකු ලෙස ලැබූ සාර්ථකත්වය පිටුපස සිටි කිහිප දෙනෙකු අද දවසෙ මතක් නොකරම බෑ. ඒ අතර,
සරසවියෙ චිත්‍ර විශය තෝරාගෙන හිටපු මාව ඡායාරූපකරණ විශය හදුන්වා දීමේ වැඩසටහනට බලෙන් ඇදගෙන ගිය Ranga Samarawickrama සහෝදරයා, පළමු දේශනයෙන්ම ඡායාරූපකරණය ඇට මස් ලේ නහරගත කළ උදිත ගයාශාන් ගුණසේකර ආදරණීය ගුරුතුමන්, ඡායාරූපකරණය තෝරාගත් දා සිට තමන්ගේම සහෝදරයෙකු ලෙස සළකමින් නිවැරැදි මග පෙන්වූ සරසවි ජ්‍යේශ්ට සහෝදරත්වය Ravindra Lal, අතුල, මහේශ්, අශෝක අයියලා සහ සදා, නිලූ Nilmini Kumarasinghe අක්කලා, ඡායාරූප දිවිය ශක්තිමත් කළ ජාතික ඡායාරූප කලා සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය සහ Galle Professional Eye සංගමය,
මම මංගල උත්සවයක් හරියාකාරව දැකලාවත් නොතිබූ පසුබිමක වසර 25 කට පෙර අද වැනි දිනක තමන්ගේ මංගල දිනයේ ඡායාරූප ගැනීමට මා කෙරෙහි විශ්වාසය තැබූ W.D. Leelasena අය්යා ඇතුලු එදා මෙදා තුර මා කෙරෙහි විශ්වාසය තැබූ 2000 කට අධික මංගල යුවල සහ අනෙකුත් සියලුම පාරිභෝගික හිතවතුන් ස්තුතිපූර්වකව සිහි කරමි.
එමෙන්ම මා ජීවිතයේ ගත් කිසිදු තීරණයකට හරස් නොකපා මගේ දියුණුවම අපේක්ෂා කළ, අද ජීවතුන් අතර නැති ආදරණීය දෙමාපියන්, ඡායාරූප ශිල්පියෙකු ලෙස මා වඩාත් නිවැරදිව තේරුම් ගනිමින් නිරන්තරයෙන් මා දිරිමත් කරමින් මට ශක්තියක් වන ආදරණීය බිරිඳ Nishanthi Ranasinghe සහ සියාලි, සනුලි ආදරණීය දියණියන් දෙදෙන ද සෙනෙහසින් සිහි කරමි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
214C, Sri Piyarathana Mawatha, Kalegana, Galle.
Galle
80000
Opening Hours
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 20:30 - 18:00 |