Pathum Ekanayaka

Pathum Ekanayaka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pathum Ekanayaka, Motivational Speaker, No 99/1 Madelgamuwa, Gampaha.

21/08/2022

ඔයාගෙ සිහිනය අත හරින්න හිතන්නවත් එපා..
ඔයාට වෙන්න ඕනෙ කවුද?
ඒ කෙනා කොහොමහරි වෙන්න.
ඔයාගෙ සිහිනය, හැමදාම ලස්සනට ලොකුවට දකින්න.
දවසක සැබෑ වෙලා තියේවි.

සිහින වෙනුවෙන් කැප වෙන හැමෝටම උදව් කරන්න. වචනයෙන් නෙවෙයි. ඇත්තටම. ජය වේවා. 🏆 ❤ 🏆

01/08/2022

ජීවිතේ අපිට ප්‍රශ්ණ එන්නෙ නොහිතන මොහොතක, නොහිතන විදිහට. මොන දේ වුනත් අපි ඒ දේට මුහුණ දෙන්න වෙනව. ඒ නිසා ඒක තමයි දෛවය කියල හිනා වෙලා ජීවත් වෙන්න. හැම කෙනා එක්කම සෙනෙහසින් ජීවත් වෙන්න බලන්න. ඒවා ප්‍රශ්ණ කියල කිව්වට ඇත්තටම අනිත් අයට තියෙන ප්‍රශ්ණත් එක්ක ලොකු දේවල් නොවෙන්න පුළුවන්. ඒත් නිරපේක්ෂව බලනකොට ඒක අපිට ප්‍රශ්නයක්. හිතේ නිදහස මොහොතකට හරි නැති වෙන දෙයක්.

ඒ වගෙ දෙයක් උනොත් මුලින්ම හිතන්න ඇයි ඒ වගේ දෙයක් උනේ කියල. ඒකට හේතුව අපි ඇතුලත තියෙන සාධකයක්නම් මුලින්ම ඒ දේ හදා ගන්න. ටික කාලයක් යයි. කමක් නැහැ. හදා ගන්න. එතකොට අද නැතත් හෙට හිතේ නිදහසින් හිනා වෙන්න පුළුවන්.

තව දෙයක් තියෙනව. මේ දේ වෙන කාට හරි වුනොත් ඒ කෙනාවත් තේරුම් ගන්න බලන්න. ඕනෙම කෙනෙක් එක්ක ඕනෙම දෙයක් කතා කරල හිත සැහැල්ලු කර ගන්න පුළුවන්… එහෙම පුළුවන් කෙනෙක් වෙන්න. ඒ කෙනාට හිතේ නිදහස ගෙනත් දෙන්න. කවද හරි ඒ දේවල් ඔයාට ලැබෙයි.

17/07/2022

පිස්සුවෙන් කරන ආදරයක උපරිම තැනදි අපේ හැගීම් වලට සීමා දාන්න අපිට හිතෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාට එයා සදාකාලිකවම ලැබෙනවද කියල ඔයා ඒ වෙලාවෙ මොහොතකටවත් හිතනවද? නැහැ.

මොකද ඒ මොහොත,

හැගීම් මිරිකල උරා බොන මොහොතක්....
තැන්පත් කම පැත්තකින් තිබ්බ මොහොතක්....
මීට කලින් බොරු දේවල් වලට රණ්ඩු වෙලා හිටියත් ඒ කිසිවක මතකයක් නැති මොහොතක්....

හැබැයි ඔයා ඒ දේවල් ගැන පසුව නැවතිලා හිතනකොට ගොඩාක් පසු තැවීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් ගැන කලින් හිතල බලන්න.

වටේම ඉන්න එවුන් එක්ක ගිහින් හුරතල් වෙන අය අතරේ ඇත්තටම අව0ක කෙනෙක් ලැබෙන්න පින් කරන්න ඕනෙ.

එයාට මාව එපානම් මටත් එපා...
එයාට මට මෙහෙම කරන්න පුළුවන්නම් මටත් පුළුවන්...
එයා හොයා ගත්තට වඩා හොද කෙනෙක් මාත් හොයා ගන්නව... කියල ඔයා විවිඪාකාර දේවල් හිතයි. ඒ වගේම කරයි.

යශෝදරාව තනි වුණු වෙලාවෙත් ඇය මේ විදිහට හිතුවනම් අපිට අද මීට වඩා ගොඩක් දේවල් නැති වෙන්න තිබුණා.

ඇය දැන සිටියා සිද්ධාර්ථ කුමරු සමග තිබෙන බැදීම පමණක් නොව ලොව සියළුම බැදීම් මතු යම් දිනෙක නිම වෙනව කියල.

ඒ නිසා ආදරයට අව0කව ආදරය කරන්න. ආදරේ නාමයෙන් කාටවත් නපුරක් කරන්න එපා.

මොකද අදටත් ඉන්නවා එකෙක් මත්තෙම නැහෙන සිද්ධාර්ථ කුමරු කුලේ පිරිමි වගේම යශෝදරාව කුලේ ගැහුණු.

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 99/1 Madelgamuwa
Gampaha
11011