Lanka Insurance Guide
Buying & Selling Your Product &Services
Promote your Business
07/02/2026
රක්ෂණයේ ගොදුරක් නොවන්නට - 2
⭕ ජීවිත රක්ෂණයක අවශ්‍යතාවය
👀 ජීවතයක අවිනිශ්චිතතාව තේරුම් ගෙන, හදිසි අභාවයකදී ඔහුගේ / ඇයගේ පවුලේ යැපෙන්නන්ගේ මූල්‍යමය අවශ්‍යතා සඳහා මුදල් සපයා ගත හැකි වීමත්, ස්වකීය ජීවන මට්ටම පවත්වාගෙන යාමට හැකි වීමත්, අනෙකුත් බැඳියාවන් සපුරාලීමට සහතික වීමත් වැනි කරුණු ජීවිත රක්ෂණයක් තුළින් අත්විඳිය හැකි ප්‍රතිලාභ වේ.
👀 පවුලක දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව කරගෙන යාමට, ඊට සුදුසු රක්ෂණාවරණයක් ලබා ගැනීම තුළින් හැකිය.
👀 රක්ෂණයක අවශ්‍යතාව වැඩියෙන්ම දැනෙන්නේ විශ්‍රාම වැටුපක් හෝ වෙනත් අර්ථසාධක අරමුදල් දීමනාවක් නොමැතිව විශ්‍රාම යන පුද්ගලයන්ට ය. සුදුසු විශ්‍රාම රක්ෂණ ඔප්පුවක් මිල දී ගැනීම තුළින් ඔවුන්ට අදාල ප්‍රතිලාභ ලබා ගත හැක.
👀 බරපතළ රෝගාබාධයක් හෝ හදිසි අනතුරක් හේතුවෙන් ඉපයීම් පහත වැටීමක දී තමන් සතුව අතිරේක ආදායම මාර්ගයක් තිබෙන බවට වගබලා ගැනීම ද ජීවිත රක්ෂණයක් ලබා ගැනීම තුළින් ඔබට ලබා ගත හැකි තවත් ප්‍රතිලාභය කි.
- ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව -
01/02/2026
මෙය ජීවිත රක්ෂණය පිළිබද දැන්වීමකී! 💯
ආදරණීය පියෙක්, උත්සහවන්ත ස්වාමිපුරුෂයෙක්, වගකීමක් ඇති පුතෙක් ඇතොත් කියවන්න!
ප්‍රශ්න කිහිපයක් අහන්නම්!
#දින තුනකට ගෙදරින් පිට ඉන්නට සිද්ධ වුවහොත් පවුලේ පරිභොජනය සදහා මුදලින් කියක් තබා යා යුතුද?
-(ඔබේ පවුලට අදාළව ගනන සලකා බලන්න)💸
#අවුරුද්දකට ගෙදරින් පිට ඉන්නට සිද්ධ වුවහොත් පවුලේ පරිභොජනය, අමතර වැඩකටයුතු සහ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට මුදලින් කියක් තබා යා යුතුද? 💵
-(ඔබේ පවුලට අදාළව ජීවන තත්ත්වයට අදාළව ගනන සලකා බලන්න)
#ඒත්, අවාසනාවකට සදාකාලිකව වෙන්වී මිය යන්න සිදුවුහොත් පවුලේ අයට පරිභෝජනයට, දරුවන්ගේ අනාගතය සදහා, ඔවුන්ගේ සිහින සදහා , අමතර වැඩකටයුතු සදහා එකී මෙකී නොකී සියලුම වියදම් සදහා තබා යා යුතු මුදල සිතන්නවත් හැකිද????⁉️
කාලීනව ඇති ආර්ථික අර්බුදය හමුවේ පවුලත් සමඟ ඔබ සිටින විටදීත්, යම්කිසි ආදයමක් ඔබට ලැබෙන විටදීත් ජීවත් වීම මෙතරම් අපහසු නම් ඔබ නොමැති විටකදී පවුලේ ආදරණීයන් කෙසේ නම් ජීවත් වෙයි ද?
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
60280