Life Beautiful
Learn Live and Love
17/01/2026
💛මාසයක් සැලසුම් කිරීම වැදගත් වන්නේ ඇයි?💛
මාසයක් කියන්නේ අවුරුද්දක් ඇතුළත දොළොස් වතාවක් අලුත් වෙන කාල පරිච්ඡේදයක්. මාසික සැලසුම්වල ආකාර දෙකක් තියෙනවා.
1. අපේ දිගුකාලීන අරමුණුවලට අදාළ මාසික සැලසුම්
2. අපේ දෛනික කටයතුවලට අදාළ මාසික සැලසුම්
මේ ලිපියේ අවධානය දෙවන ආකාරයටයි.එහිදී, අපේ දෛනික කටයුතු මාසයකට අදාළව සැලසුම් කරගන්න අපිට පුළුවන්. අප අතරින් බහුතරයක්ම මාසිකව වැටුප් ලබන අය නිසා බොහෝවිට මාසික සැලසුම් ගොඩ නැගෙන්නේ අපේ වියදම් අංශය මූලික කරගෙනයි. ඒ කියන්නේ මාසිකව පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීම්, මාසික බිල්පත් ගෙවීම්, මාසික ඉතිරිකිරීම් ආදිය ඇතුළත් කරගත් මාසික මූල්‍ය සැලසුම් සකස් කරගන්නට බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා. මීට අමතරව අපේ දෛනික කටයුතු පහසුකර ගැනීමට වගේම ඒවා අතපසු නොවී කර ගන්නත් උපකාරී වන ආකාරයට අපිට මාසිකව සැලසුම් කර ගන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා. පහත දක්වලා තියෙන්නේ ඒ වගේ අපේ දෛනික කටයුතු පහසු කරමින් අපිට මාසිකව සැලසුම් කරගන්න පුළුවන් අංශ කිහිපයක්.
1. මූල්‍ය සැලසුම – ආදායම, වියදම්, ඉතුරුම් සහ ආයෝජන සැලසුම
2. පරිභෝජන හා මිලදී ගැනීම් – මාසිකව අවශ්‍ය දේවල් මිලදී ගැනීමේ සැලසුම
3. නඩත්තු සහ පිරිසිදු කිරීම – නිවසේ නඩත්තු සහ පිරිසිදු කිරීම් කටයුතුවල සැලසුම
4. සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව – කායික හා මානසික සෞඛ්‍යය සම්බන්ධ සැලසුම
5. පවුල්, මිත්‍ර සම්බන්ධතා සහ විනෝදාස්වාදය –සම්බන්ධතා පවත්වා ගැනීම සහ විනෝද කටයුතු සැලසුම
6. වෘත්තිය හා අධ්‍යාපන දියුණුව – හැකියාවන් වර්ධනය සහ නව දැනුම ලබා ගැනීමේ සැලසුම
7. තමාටම වෙන් වූ කාලය – තමන්ට ම වෙන් වුණු, තමන් කැමති දේ කරන්නට කාලය වෙන් කර ගැනීමේ සැලසුම
මේ අංශ හත නිවැරදි ව සැලසුම් කර ගන්න අපිට පුළුවන් නම් අපේ ජීවිත ගොඩක් පහසු වේවී, අප අතින් වැදගත් දේ අතපසුවීම් සිදු නොවේවි, අපේ කාලය ගොඩක් ඉතිරි වේවි. ඒ වගේම අපේ දිගු කාලීන අරමුණු වෙත ළංවීමට උපකාරයක් වේවි.
09/01/2026
❤️අලුත් මාසයක්, අලුත් සතියක්, අලුත් දවසක් ❤️
2026 නව වසරේ දින 9ක් දැනටමත් ගෙවී ගොස් අවසන්.
සෑම නව වසරක්ම ආරම්භ වෙන්නේ අපේක්ෂාවන් රැසක් සමගයි.
නව වසර උදාවන විට බොහෝ දෙනා තමන්ගේ ජීවිතය අලුත් කරගන්න අදිටන් කරගන්නවා.
අයහපත් පුරුදු අත්හැරලා,
නව යහපත් පුරුදු එකතු කරගෙන,
නව සැලසුම්, දින චර්යා, කාල සටහන් සකස් කරගෙන
ජනවාරි පළමු දින සිට ඒවා අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමට අපි උත්සාහ කරනවා.
නමුත් වසර පුරාම මේ උනන්දුව පවත්වාගෙන යන්නේ
ඒ අතරින් ඉතාම අතලොස්සක් පමණයි.
ඒ අතලොස්ස තමයි
වසරින් වසර තමන්ගේ ඉලක්ක හඹා යමින්, බලාපොරොත්තු සපුරා ගනිමින්, නව සිහින දකිමින් තමන් අපේක්ෂා කරන සාර්ථකත්වයට හා සතුටට ළඟා වෙන්නේ.
නමුත් බහුතරයක් දෙනාට, වාර්ෂික සැලසුම්, නැවුම් කරගත් ජීවන චර්යාවන් වසර පුරා පවත්වාගෙන යාමට නොහැකි වෙනවා.
නව වසර උදා වී මුල් මාස කිහිපය ගතවෙද්දී ඉලක්ක අතහැරී යනවා, නැවතත් පරණ පුරුදු ජීවිතයට හුරු වෙනවා.
ආපසු සැලසුම් ගැන හිතන්න පටන් ගන්නේ ඊළඟ නව වසර උදාව ළඟාවෙන විට.
ඒත් ඇත්තටම ජීවිතය අලුත් කරගන්න නව වසරක්ම අවශ්‍යද?
සමරහ විට ඒකට හේතුව, අපේ ජීවිතයේ වයස කියන ඉලක්කම,
මේ ගෙවිලා යන වසර සංඛ්‍යාව හා බද්ධ වී ඇති නිසා වෙන්න පුළුවන්.
අපි බොහෝ විට අමතක කරන වැදගත් කරුණක් තියෙනවා.
එනම්, වසරින් වසරට පමණක් නෙවෙයි, වසරක් ඇතුළත ගෙවෙන,
හැම මාසයක්ම,
හැම සතියක්ම,
හැම දිනක්ම
අපගේ ජීවිතයේ අලුත් කොටසක් විදියට ගෙවී යන බව.
එසේ නම් ජීවිතය අලුත් කරගැනීම නව වසරකට පමණක් සීමා කරන්නෙ ඇයි?
සෑම අලුත් මාසයක්ම,
සෑම අලුත් සතියක්ම,
සෑම අලුත් දිනයක්ම
ජීවිතය අලුත් කරගන්න ලැබුණු
තවත් අවස්ථාවක් ලෙස දැකිය යුතු නැද්ද?
ජනවාරි පළමු දින ආරම්භ කිරීමට හිටපු දෙයක්
එදින ආරම්භ කරන්න බැරි වුණා නම්, එය දෙවන දිනයෙන් ආරම්භ කරන්න පුළුවන්.
මන්ද, දෙවන දිනයත්
ජනවාරි පළමු දිනය වගේම
තවත් අලුත් දිනයක්.
පළමු සතිය තුළ අඩාල වුණා නම්,
දෙවන සතියෙන් නැවත අරඹන්න පුළුවන්.
මන්ද, දෙවන සතියත්
පළමු සතිය වගේම
තවත් අලුත් සතියක්.
ජනවාරි මාසය තුළ අඩාල වුණා නම්,
පෙබරවාරි මාසයෙන් නැවත ඇරඹිය හැකිය.
මන්ද,
එයත් තවත් අලුත් මාසයක්.
අලුත් සති 4ක එකතුවක්.
අලුත් දින 30ක එකතුවක්.
ජීවිතය අලුත් කරගැනීම, නව වසර උදාවකට පමණක් සීමා නොකර,
සෑම නව මාසයක්ම,
නව සතියක්ම,
නව දිනයක්ම
ජීවිතය අලුත් කරගැනීමේ අවස්ථාවක් ලෙස දැකිය යුතුයි.
වසරක් අවසානයේ ඉදිරි වසර වෙනුවෙන්
සැලසුම් සකස් කරනවා වගේම, දිනයක් අවසානයේදීත් එළඹෙන දිනය සාර්ථක කරගන්න කුඩා සැලසුමක් හරි සකස් කරගන්න පුළුවන් නම්, සැලසුම්, ඉලක්ක, සිහින අතහැරී යනවා වෙනුවට,
නොදැනීම, ඒවා සැබෑ වෙමින්, ජීවිතයේ ඉබේ ගෙවී යනවා වෙනුවට ඇත්තටම අපි ජීවත් වෙනවා කියන හැඟීම අපට දැනෙන්න පටන් ගනීවි. ❤️
-Life Beautiful- 09.01.2026
03/10/2025
10/11/2023
Tranquility is bliss ❤️
Click here to claim your Sponsored Listing.
Website
Address
Argyle Road,
Hatton
22000