Parrot Lovers

Parrot Lovers

Share

පාලුවෙන් පිරුණු ඔබේ ගෙදර දොර කුරුලු න?

04/08/2021

🤔කවුද මේ Dusky Lory 🦜කියන්නෙ දැන ගනිමු😌

🌹අතිශය ක්‍රියාකාරී හා සෙල්ලක්කාර Dusky Lory නම් ගිරවුන් ලොව පුරා ජනප්‍රිය සුරතල් ගිරවුන්ගෙන් එකකි. බුද්ධිමත් Dusky Lorry ගිරවුන් ද මනුෂ්‍ය කථාව හොඳින් අනුකරණය කරයි. ඔවුන් සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමට කැමතියි, මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කරති.
🌹Dusky Lory ගිරවුන්ගේ නිජ බිම වනුයේ පැපුවා නිව්ගිනියාව වන අතර ඔවුන් White- Rumped Lory ලෙසද හැඳින්වේ. Dusky Lory ගිරවුන්ගේ දිග අඟල් 9.5 දක්වා වන අතර බර 9.5-10.5 අතර වේ. පිරිමි සහ ගැහැණු පක්ෂියා එක හා සමාන වන අතර දීප්තිමත් තැඹිලි පාට ඉහළ පපුව, ක්‍රීම් පාට පිටුපසක්, අළු කකුල් සහ තද තැඹිලි පැහැති හොටක් ඇත. ඔවුන් ජීවත් වන්නේ පැපුවා නිව්ගිනියාවේ නිවර්තන සහ උපනිවර්තන වනාන්තර වල ය. Dusky Lory ගිරවුන්ගේ ආහාර පලතුරු, පැණි සහ බීජ වලින් සමන්විත වේ.

Photos from Parrot Lovers's post 13/07/2021

🦜විද්‍යාත්මක නාමය - Psittacala calthropae

🦜ඉංගී‍්‍රසි නාමය - Sri Lanka layards Parakeet

🌳අළු ගිරවා අයත් වන්නේ සිට්ටසිඩේ හෙවත් ගිරා කුලයටය. අනෙක් ගිරවුන් හා සසඳන කල තරමක් කුඩාය. අඟල් 10 - 12 ක් අතර ප්‍රමාණයක් ගනී. අළු ගිරවාගේ ඇස වටා ප්‍රදේශය ළා කොළ පැහැතිය. ඇස යට සිට ගෙල දක්වා ප්‍රදේශය ළා කොළ පැහැතිය. පියාපත්වල උඩු කොටස ළා කොළ කහ මිශ්‍ර පැහැයක් ගනී. පිට මැද ප්‍රදේශය අළු පැහැයෙන් ආරම්භ වී නිල් පැහැයට හැරෙමින් පෙඳය දක්වා විහිදෙයි. පෙඳය තදනිල් මිශ්‍ර දිළිසෙන අලංකාරවත් පැහැයක් ගනී. පෙඳ පිහාටු කෙළවර කහපැහැ ගැන් වී ඇත. පාද අළු දුඹුරු මිශ්‍ර පැහැයක් ගනී.

🌳සාමාන්‍යයෙන් ගිරවුන් ඝෝෂාකාරී ය. කලබලකාරී ය. එහෙත් අළු ගිරවා එයින් වෙනස් ස්වභාවයක් ගනී. වන ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මේ අළු ගිරවා වනයේ උඩු වියනේ සරනු දැකිය හැකිය. බොහෝ විට හත් අට දෙනෙකුගෙන් සමන්විත කුඩා රෑනක් වශයෙන් ජීවත්වනු දැකිය හැකිය.

🌳අළු ගිරවාගේ අභිජනන සමය වසරකට දෙවරක් සිදුවෙයි. ජනවාරි මාසයේ අග කාලයේ පටන් අගෝස්තු මාසයේ අග කාලය අතර දෙවතාවක් පමණ අභිජනනය සිදු වෙයි. වරකට සෙන්ටිමිටර් 2 - 3ක් තරම් විශාල සුදු පැහැති බිත්තර 2ක් පමණ දමයි.

🌳අළු ගිරවා ආහාර වශයෙන් ගැනීමට පි‍්‍රයකරන්නේ බොහෝවිට පලතුරු ය. ඊට අමතරව ඝණ පොත්ත සහිත ඇට වර්ග ද කෑමට පි‍්‍රයතාවක් දක්වයි. වනයේ ඉහළ වියනේ ගැවෙන ඵල සහ ඇට වර්ගවලට විශේෂ කැමැත්තක් දක්වයි.

🌳අළු ගිරවා බොහෝ විට දක්නට ලැබෙන්නේ මධ්‍යම කඳුකරයේ සහ කඳුකරයට බටහිර බෑවුමේ පිහිටි තෙත් කලාපීය ප්‍රදේශවලට ය. වියළි කලාපයේ ජලාශි‍්‍රත ප්‍රදේශවල ද ඉඳහිට දක්නට ලැබේ.

Photos from Parrot Lovers's post 27/06/2021

😍Love Birds😍
පැටවුන් සය දෙනෙකු විකිණීමට ඇත
අවශ්‍ය අය විමසන්න 📩

Photos from Parrot Lovers's post 27/06/2021

❤️නෙත් සිත් පිනවන මැකෝ ගිරවුන්❤️

15වෙනි සියවසේ ඇමරිකාවට ආව දේශගවේශකයන් සුන්දර දසුනක් දැක්කා. වර්ණවත් සිත්තමක් මවමින් ගන වනාන්තයේ තුරුහිස් මුදුණින් අහසට නැඟුණේ පාට පාට කුරුලු රෑනක්. ඔවුන් දැක්කේ ඇමරිකාවේ ඉන්න ලස්සන මැකෝ ගිරව්. මේ කුරුල්ලන් දේශ ගවේශයන්ගේ සිත්ගත්ත නිසා ඔවුන් හොයාගත්ත ඒ ප්‍රදේශ සිතියම්වල ලකුණු කරන්න සංකේත විදිහට පාවිච්චි කළෙත් මැකෝ ගිරවුන්වයි.

දීප්තිමත් වර්ණ තියෙන කුරුල්ලන් අතරින් මැකෝලට හිමි වෙන්නේ විශේෂ තැනක්. රෑන් පිටින් සැරි සරන්න ආස මේ කුරුල්ලන් හරිම බුද්ධිමත්. උන්ගෙ කටහඬත් හරිම සද්දයි. සාමාන්‍යයෙන් එක රෑනක මැකෝ ගිරව් 30ක් විතර ඉන්නවා. උදේම නැඟිටලා කෑම හොයන්න යන මේ ගිරව් ඇට ජාති, පළතුරු ජාති කන්න හරිම ආසයි. අනිත් ගිරව් වගේ මැකෝ ගිරවාත් තියුණු නියපොතුවලින් ගෙඩි ජාති අල්ලගෙන ශක්තිමත් වක් වුණු හොටෙන් හපලා ඒවා කනවා. තද කට්ටක් ඇතුලේ තියෙන මදයක් වුණත් හපලා එළියට ගන්න උන් හරිම හපන්නු. කෑම කෑවට පස්සේ උන් සාමාන්‍යයෙන් කරන්නේ ගං ඉවුරකට හරි කඳු විවරයකට හරි ගිහිල්ලා පස් ටිකක් කන එක. මොකද උන් කන සමහර ඇට ජාති තරමක් විෂ සහිත නිසා ඒ විෂ නැති කරගන්න ඒ පස් උන්ට උදව් වෙනවා.

ජීවිත කාලය පුරාම එක කිරිල්ලියක් එක්ක ජීවත් වන මැකෝ ගිරවා උන්ගේ පුංචි පැටව් බලාගන්නත් කිරිල්ලිට ලොකු සහයෝගයක් දෙනවා. මැකෝ ගිරව් විශේෂයන් 18ක් විතර ඉන්නවා. ඒ අතරින් සමහරු කූඩු හදන්න ගං ඉවුරු, ගස් බෙන වගේ තැන් තෝරාගන්නවා. තවත් උන් කඳු බෑවුම්වල තියෙන විවර සහ හුඹස් තෝරගන්නවා. මැකෝ පැටියෙක් මාස හයක් යද්දී සම්පූර්ණයෙන් වැඩෙනවා. ඒත් ඒ පැටව් අවුරුදු 3ක් විතර යන කල් ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. සාමාන්‍යයෙන් මැකෝ ගිරවෙක් අවුරුදු 30ක් 40ක් විතර ජීවත් වෙනවා. ඒත් කූඩුවල දාලා ඇති කරන සමහර මැකෝ ගිරව් අවුරුදු 60කට වඩා ජීවත් වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා.

27/06/2021

😍කොකටියල් ගිරවු😍

ගිරවුන් වර්ග ගාණක් ඉන්නවා. එයින් ලංකාවේ කොලපාට, රතුපාට හොට ඇති ගිරවුන් නිවෙස්හි ඇතිකරනවා . ඇතැම් ගිරවුන් පුහුණුකළ පසු හොඳින් කතා කරනවා. එහෙත් පිටරට සිට එන හැඩකාර ගිරවු විශේෂ ඉන්නවා. ඔවුන් පහසුවෙන් ඇතිකළ හැකියි. මැකෝ ගිරවෙක් නම් දකුණු ඇමරිකාවේ සිට ලංකාවට එන විට ලක්ෂ ගණනක මිලක් වෙනවා. සාමාන්‍ය කොකටියල් නම් ගිරවුන් දැන් සුරතල් සතුන් ඇතිකරන තැන්වල විකිණීමට තියනවා. කොකටියල් ගිරවුන්ගේ නිජබිම ඔස්ට්‍රේලියාවයි. ඔස්ට්‍රේලියාවෙන් බිහි වුනත් ලොව පුරා පක්ෂි ලෝලීන් අතර ජනප්‍රියම ගිරවෙක් බවට පත්වෙන්නට කොකටියල්ට හැකි වී තිබෙනවා. කොකටියල්ට සාමාන්‍යයෙන් විශාල කූඩු අවශ්‍ය වෙනවා. ගිරා පවුලේ බොහෝ පක්ෂීන් නිතරම ශබ්ද නගන සුලුයි. ඔවුන්ගේ ශබ්දයට අකමැති නම් කොකටියල්ස් හෝ වෙනත් ගිරවුන් වර්ගයක් ඇතිකිරීමට ගැනීම එතරම් යෝග්‍ය නැහැ....

Want your business to be the top-listed Pet Store/pet Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Homagama
01