Kasun Ranawaka - Science

Kasun Ranawaka - Science

Share

Kasun Ranawaka
- තාරුණ්‍යයේ විද්‍යාව brand එක -

13/04/2026

අලුත් අවුරුද්දේ අපිත් එක වැඩ අල්ලමු.

🎉 නව අවුරුද්දේ… නව ආරම්භයක්.

පරණ වැරදි,අඩුපාඩු, අසාර්ථ වීම් වලට
තිත තියලා — අලුත්ම focus එකකින් අපිත් එක්ක ඉදිරියට යමු.

🔥 MCQ Power Lab - ආරම්භය

🗓️ - අප්‍රේල් 14 අවුරුදු දින
⏰ - අපරභාග 12.30ට.

— Train Your Brain. Master MCQs —

🧠 Speed Revision
🎯 Accuracy
⚡ Smart Thinking

මේ තුනම build කරලා
ඔයාව exam-ready level එකට ගෙනියන class එක.

✍️ By Kasun Ranawaka

මේ අවුරුද්ද වෙනස් වෙන්නේ
ඔබ decision එකෙන්.

08/04/2026

Did you Know

මෙම සංසිද්ධිය පිටුපස ඇත්තේ භෞතික විද්‍යාවේ එන තාප ප්‍රසාරණය (Thermal Expansion) නම් මූලධර්මයයි.

පරමාණුක චලිතය: ද්‍රව්‍යයක් රත් වන විට, එහි ඇති පරමාණු වැඩි ශක්තියක් ලබාගෙන වේගයෙන් කම්පනය වීමට පටන් ගනී. මෙම කම්පනය නිසා පරමාණු අතර පරතරය වැඩි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මුළු වස්තුවම ප්‍රසාරණය වේ.

යකඩ වල බලපෑම: අයිෆල් කුළුණ සම්පූර්ණයෙන්ම පාහේ නිර්මාණය වී ඇත්තේ යකඩ (Puddled iron) වලිනි. ගිම්හානයේදී සූර්ය රශ්මිය නිසා යකඩ රත් වූ විට, කුළුණේ උස සෙන්ටිමීටර 15ක් (අඟල් 6ක්) දක්වා ඉහළ යා හැකිය.

සංකෝචනය: නැවත ශීත කාලය පැමිණි විට, යකඩ සිසිල් වී පරමාණු අතර පරතරය අඩු වේ. එවිට කුළුණ නැවත එහි මුල් උසටම පත් වේ.

05/04/2026

Daily Motivation👊

ඔබේ අභ්‍යන්තර අධිෂ්ඨානය ඕනෑම බාහිර අභියෝගයකට වඩා ප්‍රබල විය යුතුය.

02/04/2026

Did You Know

ලෝකයේ ඇති සෑම ඛනිජ වර්ගයකටම මෙවැනි ආවේණික ස්ඵටික හැඩයක් පවතී. උදාහරණයක් ලෙස: අප එදිනෙදා ආහාරයට ගන්නා ලුණු කැටයක් (සෝඩියම් ක්ලෝරයිඩ් - NaCl) අන්වීක්ෂයකින් පරීක්ෂා කළහොත්, ඒවා ඉතාමත් නිවැරදි ජ්‍යාමිතික හැඩයකින් යුත් සමචතුරස්‍රාකාර කුට්ටි හෙවත් ඝනක (Cubes) ලෙස දැකිය හැකිය. මෙය කිසිදු මිනිස් මැදිහත් වීමකින් තොරව සොබාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු නිමාවකි.මෙම පරිපූර්ණ හැඩය පිටුපස ඇති විද්‍යාත්මක රහස මෙන්න:
1. පරමාණුක සැකැස්ම (Atomic Arrangement)ලුණු නිර්මාණය වී ඇත්තේ සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන වලිනි. මෙම අයන එකිනෙක බැඳී පවතින ආකාරය අනුව ලුණු කැටයේ බාහිර හැඩය තීරණය වේ.ලුණු ස්ඵටිකයක් තුළ මෙම අයන සැකසී ඇත්තේ "ත්‍රිමාණ දැලිස් ව්‍යුහයක්" (3D Lattice Structure) ලෙසිනි.මෙහිදී එක් සෝඩියම් අයනයක් වටා ක්ලෝරයිඩ් අයන 6ක් සහ එක් ක්ලෝරයිඩ් අයනයක් වටා සෝඩියම් අයන 6ක් බැගින් ඉතාමත් ක්‍රමවත් ලෙස ඇසිරී පවතී.
2. මුහුණත් කේන්ද්‍රිත ඝනක ව්‍යුහය (Face-Centered Cubic)විද්‍යාත්මකව මෙය "මුහුණත් කේන්ද්‍රිත ඝනක ව්‍යුහය" ලෙස හඳුන්වයි. අයන එකිනෙකා අතර ඇති විද්‍යුත් ස්ථිතික ආකර්ෂණ බල (Ionic Bonds) නිසා ඒවා සැමවිටම අංශක 90ක කෝණයකින් එකිනෙක සම්බන්ධ වේ.පරමාණු මට්ටමේ පවතින මෙම සමචතුරස්‍රාකාර රටාව, ස්ඵටිකය වර්ධනය වන විට බාහිරට ද දෘශ්‍යමාන වේ.ඔබ ලුණු කැටයක් කුඩු කළද, එහි කුඩාම අංශුව පවා අන්වීක්ෂයකින් බැලූ විට පෙනෙන්නේ මෙම ඝනක හැඩයටමය.
3. ස්ඵටිකීකරණ ක්‍රියාවලියලුණු සහිත ජලය වාෂ්ප වන විට, ජලයේ දිය වී තිබූ අයන නැවත එකිනෙක හා සම්බන්ධ වීමට පටන් ගනී. එහිදී ඒවා ස්වභාවිකවම වඩාත්ම ස්ථායී (Stable) හැඩය වන ඝනක හැඩය තෝරා ගනී.
දියමන්ති: අෂ්ටතල (Octahedral) හැඩයක් ගනී.

හිම පියලි (Snowflakes): ෂඩ්කෝණාස්‍රාකාර (Hexagonal) හැඩයක් ගනී.

විද්‍යාත්මක සටහන:
ඔබ නිවසේ ඇති සාමාන්‍ය ලුණු ස්වල්පයක් අන්වීක්ෂයක් හෝ ප්‍රබල විශාලක කාචයක් (Magnifying glass) භාවිතයෙන් පරීක්ෂා කළහොත්, මෙම පුදුම සහගත නිමාව ඔබටම දැකගත හැකි වනු ඇත.

02/04/2026

Daily Motivatin

ලෝකය ඔබේ වටිනාකම තීරණය කරන තුරු බලා නොසිට, ඔබේ ක්‍රියාවන් තුළින් ලෝකයට ඔබේ නියම වටිනාකම ඔප්පු කර පෙන්වන්න.

01/04/2026

බුදු දහමේ සත්‍යය මඟින් ජීවිතය පුරා සතුට,සැනසීම හා ප්‍රඤ්ඤාවලැබේවා 🌼
මෙම පින්බර පොහෝ දිනයේදී සියලු දෙනාටම නිවනේ මඟට ආශීර්වාද ලැබේවා.✨

සැමට පිංබර බක් පොහෝ දිනක් වේවා 🙏

31/03/2026

Daily Motivation🫵
කාලය කිසිවෙකු වෙනුවෙන් නතර නොවේ. එබැවින් හෙටට කල් නොදමා,අද දවස තුළ ඔබට කළ හැකි උපරිමය ඔබේ අනාගතය වෙනුවෙන් කරන්න.

Want your school to be the top-listed School/college in Horana?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


38/1, Poruwadanda
Horana
12400