Dinithi Deepika
ගද්ය / පද්ය / ගීත / තිර රචනය
30/03/2026
සන්තකම දරාගෙන බැරි තැනම
අහස හයියෙන් හඬනවා
අන්තෙකම ඔබ තියා තනියම
යන්න මං ගිය බව දන්නවා
උසුල ගන්නට බැරිම ප්රේමය
පපුව පුපුරන්න පිරුණා
අත්හරින්නට හේතු නැතුවත්,
අතහැරෙන්නට හේතු හැදුවා
බෝ වර්ණම පිරී ඉහිරුණු
ගැහුණු රූ ඔබ වටා පිරුණා
තාම ඔය ඇස් ආදරෙයි මට
අදත් මං හොදටෝම වින්දා
අතින් අත්හල පසුත් ප්රේමය
හිතින් උයනක සිරිය මැවුවා
ගතින් දුුුර ගොස් යලිත් ආවෙමි
ඔබට ප්රේමය එලෙසින්ම තිබුණා❤️
============================
කාලය ගෙවුනි ආදර පැහැ නොවෙනස්ය
මා තුළ ඔබම මිස වෙනකෙකු නැතුවාය
පීදෙන මලක සුවඳින් හදවත උණුසුම්ය
මේ මල් වගේ ඔබ මා ළග උන්නොත් ඇතිය
😘😘😘😘😘😘
=================================
#දිනිති 2026/03/29
උතුරන්න හරියන්න ඕනි...!!!
ස්ලයිඩ් ෆෝන් එකක
ටච් ස්ක්රින් එකක් මත
සිරස්වත් තිරස්වත්
අතැඟිලි කිති කවන
අලුත් හැඟුමක උත්තේජනය
මිහිරි මියුරු ස්වරයෙන්
අලුත් පණිවිඩයක් ගෙනෙන මොහොතක්
වෙන වෙනම තීරු ගොඩකට
කළුවර කපාගෙන
හිම කැටයක් සර සර හඩින්
කවුළුව ළඟ සිටිමින්
ඇතුළට එන්නදැයි අහනකොට
බ්ලැන්කට්ටුවේ ඇස් නපුරු වී
කොට්ටයේ අතින් ඇද
අර බලන්න "කෝලමක්"
කියන විට
හචිස් ගා කිවිසුමක් ගොස්
ගිනි උදුන " හොඳ වැඩේ " කියමින්
#දිනිති
Category
Website
Address
Horana
Alerts
Be the first to know and let us send you an email when Dinithi Deepika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.